Menu Close

මහනුවර අපරාජිත බව රැකගනී.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් සතියේ පොලිසිය සමග පැවැති තරගයෙන් ලකුණු 40-24 ක පහසු ජයක් වාර්තා කරමින් මෙවර තරගවාරයේ සිය අපරාජිත බව රැක ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.

නිත්තවෙල පැවැති මෙම තරගයේදී සත්කාරක මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් හයක් සහ ගෝල ප්‍රවර්තනයන් පහක් සමගින් සිය ලකුණු රැස්කරන අතරවාරයේදී පොලිසියට සාර්ථක කර ගැනීමට හැකි වූයේ උත්සාහක දිනුම් තුනක් ගෝල ප්‍රවර්තනයන් තුනක් සහ දඬුවම් පහරක් පමණයි.

තරගයේ පළමු අර්ධය නිමාවන විට මහනුවර කණ්ඩායම රැස් කළ ලකුණු 19ට සාර්ථක අභියෝගයක් එල්ල කළ පොලිසිය එම අර්ධය අවසන් වන විට ලකුණු 17ක් රැස්කරගෙන සිටියා.

දෙවැනි අර්ධයේදී සත්කාරකත්වයේ වාසිය සමගින් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් උත්සාහක දිනුම් තුනක් සහ එම ගෝල ප්‍රවර්තනයන් තුනක් සමගින් තවත් ලකුණු 21ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත් අතර පොලිසියට දෙවැනි අර්ධයේදී සාර්ථක කරගත හැකි වූයේ තවත් ලකුණු 8ක් පමණි.

ඒ අනුව මෙවර කණ්ඩායම් අතර පෙරමුණට පත් මහනුවර කණ්ඩායම මුල් කණ්ඩායම් හතර අතර පැවැත්වෙන ‘සුපර් ලීග්’ වටයේ තරගයේදී සිව්වැනි ස්ථානයේ පසුවෙන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමගිනුත්, දෙවැනි තැනට පත් පොලිසිය එම ශ්‍රේණියේ තෙවැනි තැන සිටින හැව්ලොක්ස් කණ්ඩායම සමගිනුත් තරග වැදීමට නියමිතයි.

පළඟ ශූරතාව වෙනුවෙන් අග ස්ථාන හතර අතරට පත් කණ්ඩායම් තරග වදිනු ලබයි. එහිදී යුද හමුදාව, ගුවන් හමුදාව සමගිනුත්, නාවික හමුදාව, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සමගිනුත් තරග වදිනු ලබයි.

අදාළ සුපර් ලීග් වටයේ තරග පිළිමළුන් පිටු දැකීමේ වටයක් ලෙසින් පැවැත්වුවත්, ප්‍රසාද ලකුණු මත ජයග්‍රාහකයන් තෝරන බැවින් මහනුවර කණ්ඩායමට කුසලාන ශූරතාව හිමි වීමට වැඩි අවස්ථාවක් පවතී.

Share with Friends

%d bloggers like this: