Menu Close

පිලිපීනයෙන් මතුවන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්

isis-claims-40-filipino-soldiers-officers-killed-in-maguindanao-clashes

මෙගුයින්ඩනාඕ පළාතේ සිදුවු ගැටුම් වලදී පිලිපීන හමුදාවේ සෙබලුන් 40 දක්වා මරා දමන්නට සමත් වූ බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධනය පැවසීය.අමාක් පුවත් සේවය මාර්තු 6දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් වූ පරිදි ත්‍රස්තවාදී කණ්ඩායම සමග එරට හමුදාව ගැටී තිබෙන්නේ මාර්තු 2දා සාතන් නගරයේදීය.රජයේ හමුදා සෙබලුන් ඉලක්ක කර මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල කරන්නටත්,මර උගුල් කිහිපයක් සාර්ථක කරගන්නටත් ත්‍රස්තවාදීහු සමත්ව තිබේ.

පිලිපීන සන්නද්ධ හමුදා,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධ බෑන්ග්සමොරු ඉස්ලාමීය විමුක්ති සටන්කාමීන් නම් කණ්ඩායමට එරෙහිව මාර්තු දෙවනදා හි දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කලහ.කෙසේවෙතත්,ත්‍රස්තවාදීන්ගේ ප්‍රකාශයට පරස්පර අදහසක් පළ කරමින් හමුදාව පවසන්නේ තමන්ගේ පාර්ශ්වයට කිසිදු හානියක් සිදු නොවූ බවයි.

පිලිපීන සන්නද්ධ හමුදාහි බටහිර හි ආඥාවේ ප්‍රකාශක මේජර් අර්වින් එන්චිනස් පවසන පරිදි බෑන්ග්සමොරු ඉස්ලාමීය විමුක්ති සටන්කාමීන්ගේ කණ්ඩායම මෙහෙය වන්නේ නැමති අයයි.

මෙහෙයුම අතරතුර ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෝ තිදෙනෙක් මිය ගිය නමුත් බොහෝදෙනෙක් පලා ගියහ.

බෑන්ග්සමොරු ඉස්ලාමීය විමුක්ති සටන්කාමීන් යනු පිලිපීනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමග අනුබද්ධ පිලිපීනයේ ක්‍රියාත්මක කණ්ඩායම්වලින් එකකි.මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ක්‍රමයෙන් උත්සන්න වුවත්,පිලිපීන සන්නද්ධ හමුදාවන්හි නොනවතින ප්‍රයත්නයන් නිසා එරට තත්ත්වය සාමාකාමීය.

source:southfront.org

%d bloggers like this: