Menu Close

කුසල් ජනිත්ට නැවතත් ටෙස්ට් පිටියට.

එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට ඉකුත්දා බටහිර ඉන්දී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබුණද එම තාරගාවලියේ අවසන් තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම නිසා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව තිබෙනවා.

කෙසේ වෙතත් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත්ව සිටි වමත් පිතිකරු ළහිරු තිරිමාන්නට එංගලන්තයට එරෙහි තරගාවලිය අහිමිව තිබෙනවා.

එම වෙනස්කම් කීපය හැරුණු කොට අනෙක් සියලුම ක්‍රීඩකයින් සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග සංචාරයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වනවා.

කෙසේ වෙතත් වනිඳුගෙන් හිස්වන ස්ථානය සඳහා ලබන 15 වැනිදා එංගලන්තයට එරෙහිව ඇරඹෙන සිව්දින පුහුණු තරගයේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයකුට අවස්ථාව ලැබෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල්පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විෂ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රජිත, වනිඳු හසරංග. (පළමු ටෙස්ට් තරගයට පෙර ආදේශක ක්‍රීඩකයකු නම් කිරීමට නියමිතය)

Share with Friends

%d bloggers like this: