Menu Close

ඉඩ්ලිබ් හි අලුත් සටන් විරාමය අවසන් වන ලකුණු

New-Idlib-Ceasefire-Is-Already-Crumbling-And-Nobody-Is-Surprised

අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වලට සහනයක් සලසමින් මාර්තු මස 6දා සිරියාවේ ඉඩ්ලිබ් පළාත නැවතත් සටන් විරාමයකට පිවිසියේ සිරියානු හමුදාවට එරෙහි සටනේදී තුර්කිය සිදු කල ජීවිත පරිත්‍යාගවලට ස්තුතිවන්නටය.කෙසේවෙතත්,සටන් විරාමය හරහා තුර්කි-සිරියා ගැටුම් වලට තාවකාලික විරාමයක් ලැබුණත්,මුළුමනින්ම අවසන් වූයේ නැත.

තුර්කි සහ රුසියා ජනපතිවරුන් මොස්කව් හිදී එකඟවූ සටන් විරාමය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගිය තැන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමත්,රජයට පක්ෂපාතී හමුදාත් අතර බරපතල ගැටුම් හට ගත්තෝය.’ප්‍රජාතන්ත්‍රවාදී අල්කයිඩා සටන්කාමීන්’ යන ප්‍රදේශ ආසන්නයේ රෙජීමයේ සෙබලුන්ට පහරදුන්හ.ඒ අතරතුර ඔවුන්ගේ මිත්‍ර තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ල කලෝය.

පසුගිය දිනවලදී ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම් සරාකිබ් සහ කැෆ් ර් නබුල් නගර ආසන්නට කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේ සිරියානු හමුදාව සටන් විරාමය උල්ලංඝනය කලේ යැ‍යි චෝදනා නගමින්ය.වැඩියෙන්ම මැසිවිලි නගන්නේ චීන උයිගුර් මුසලුන් බහුතරයකින් සමන්විත අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායමක් වන තුර්කිස්ථාන් ඉස්ලාමීය පක්ෂයයි.සටන් විරාමය හරහා එකඟ වූ එම් 4 මාර්ගය ඔස්සේ දිවෙන් ආරක්ෂිත කොරිඩෝරයේ ඔවුන්ගේ බලකොටුව වන ජිස්ර් අල්-ෂුගුර් නගරය පිහිටා ඇත.තම සටන්කාමීන් එහි සිටින තාක් කල් ඉහත කී කොරිඩෝරය නිර්මාණය කිරීමට නොහැකි බව එම කණ්ඩායමේ නායකත්වය දනියි.එබැවින් සිරියානු හමුදාව නගරය ඉලක්ක කරගෙන මෙහෙයුමක් සිදු කරනු ඇතැයි සිතීම සාධාරණය.

තමන් මොස්කව් එකඟතාවය ප්‍රතික්ෂේප කරන්නේ යැ‍යි තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නිවේදනය කලේය.ඊට ප්‍රධාන හේතුව වන්නේ,අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය යන කණ්ඩායම් මෙම සටන් විරාම ගිවිසුමෙන් බැහැර කර තිබීමයි.ඩැමැස්කස් රජයට එරෙහි සටනේදී ලබා දුන් සහාය වෙනුවෙන් තුර්කියට නිල වශයෙන් ස්තුති කරන්නට සිරියාවේ හිටපු අල්කයිඩා ශාඛාව ක්‍රියා කලේය.දකුණු ඉඩ්ලිබ් සටන්කාමීන්ගේ අසාර්ථක ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් සිරියානු හමුදාව සීමා සහිත මෙහෙයුමක් සිදු කලේය.මාර්තු 7දා ඔවුන් මරාට් මකුස් සහ බුරෙයි යන ගම්මාන මුදා ගත්හ.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නිල වශයෙන් ස්තුතිය පුද කල,තුර්කි ජනපති රිසෙප් එර්ඩොගන් මාර්තු 8 දා නැවතත් තර්ජනය කරමින් පැවසුවේ සටන් විරාමය ක්‍රියාත්මක නොවුනහොත් ඉඩ්ලිබ් හි යුදමය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

“ඔපරේෂන් ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුම සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු රකින්නට නොහැකි වුවහොත්,ප්‍රදේශය අපේම ක්‍රම මගින් සුද්ධ කරන්නට අපිට අයිතිය හිමිව තිබේ” යනුවෙන් තුර්කි ජනපති පැවසුවේය.”තවදුරටත් ලේ හැලීම්වලින් තොරව ඉඩ්ලිබ් අර්බුදයට විසඳුමක් දීම සඳහා අපි මේ එකඟතාවයට අත්සන් කලෙමු.නැතහොත් අපි අපේම මාර්ගයේ දිගටම ගමන් කරනවා” යැයි ඔහු වැඩි දුරටත් පැවසුවේය.

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට තුර්කිය වැඩි වැඩියෙන් සෙබලුන් සහ යුදෝපකරණ එවන අතරේ එර්ඩොගන් මෙම ප්‍රකාශය සිදු කලේය.පසුගිය දිනවලදී ඔහුගේ හමුදා,අල්කයිඩා ත්‍රස්තවාදීන් රැඳී සිටින එම්4 මහා මාර්ගයේ උතුරු කොටසේ හමුදා මුරපොල කිහිපයක් පිහිටුවීය.

ඉඩ්ලිබ් හි පහසු සහ කඩිනම් ජයග්‍රහණයක් ලබා ගන්නේ යැ‍යි කියමින් මීට ඉහත සිරියාවට එරෙහිව නිකුත් කල තර්ජනාත්මක ප්‍රකාශ යථාර්ත‍යක් කරගන්නට තම හමුදා අසමත් වූ බවට තුර්කි නායකයාට ඉතා ඉක්මණින් අමතකව ගොස් තිබේ.සිරියාව සමග ඇති කරගත් කෙටි යුද්ධයේදී ඔවුන් සැලකිය යුතු හානි අත්පත් කරගත්හ.තුර්කිය අවධාරණය කල කිසිදු අරමුණක් ඉෂ්ඨ කර ගන්නට අසමත් වූයේ සැබෑ යුද්ධයක් යනු ලේසි පහසු දෙයක් නොවන බවට වේදනාත්මක මතකයක් ඉතිරි කරමින්ය.

Brig. Gen. Esmail Ghaani
බ්‍රිගේඩියර් ජෙනරල් ඉස්මයිල් ගානි සිය ඇලෙපෝ සංචාරය අතරතුර

ඉරානයේ කුඩ්ස් බලකාහි අලුත්ම ප්‍රධානිය වන බ්‍රිගේඩියර් ජෙනරල් ඉස්මයිල් ගානි පසුගියදා සිරියාවේ ඇලෙපෝ පළාත පැමිණියේය.සිරියාවේ මෙහෙයුම්වලට සහභාගී වන කුඩ්ස් බලකා නිලධාරීන් සමග බ්‍රිගේඩියර්වරයා එකට සිටින ඡායාරූපයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබිණි.ඔහු ඇලෙපෝ වෙත පැමිණීමෙන් සංකේතවත් වන්නේ තම සිරියානු මිත්‍රයන් අතහරින්නට ඉරානය සූදානම් නොමැති බවත්,කලාපය තුල අලුත් ගැටුමකදී සිය සහාය ඩැමැස්කස් රජය වෙත ලබා දෙන බවත්ය.

source:southfront.org

%d bloggers like this: