Menu Close

“සුලෝහිත සංග්‍රාමය”ජය පැරදුමකින් තොරව අවසන් වෙයි.

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර පැවති 92වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයේ නායක කනිශ්ක රන්තිලකගේ, ප්‍රතිවාදි නාලන්දා නායක අවිශ්ක පෙරේරාට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 307ක් රැස්කර ගත්තා.

නාලන්දා ඉනිමට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනය නිමාවන විට ආනන්ද විද්‍යාල ක්‍රීඩකයන්ට රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 79ක් පමණයි.

ඉන් අනතුරුව දෙවන දිනයේ පන්දුවට පහරදීමට පැමිණි ආනන්ද ක්‍රීඩකයින්ට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 150ක් පමණයි.

නැවත දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට නාලන්ද ක්‍රීඩකයින් ආනන්ද ක්‍රීඩකයින් හට ආරාධනා කළා. කෙසේ වෙතත් දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ආනන්ද ක්‍රීඩකයින් ලකුණු 225ක් ලබාගෙන සිටියා.

මේ අනුව 92වන සුලෝහිත සංග්‍රාමය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි.

Share with Friends

%d bloggers like this: