Menu Close

රාජකීයන්ගෙන් රග්බි පිටියේ රාජකීය ආරම්භයක්.

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලිය ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර කොළඹ රාජකීය විද්‍යාලයහා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාල තරග වැදුණා.

මෙම තරඟයෙන් ලකුණු 41 – 14ක් ලෙස මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජයට පත්කරමින් කොළඹ රාජකීය විද්‍යාලය තියුනු ජයක් හිමිකරගත්තා. තරගය පැවැත්වුනේ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

තරඟයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු පුවරුව සටහන් වුයේ රාජකීය විද්‍යාලය 17 – 07 සාන්ත අන්තෝනි විද්‍යාලය ලෙසයි. මේ අනුව දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ රාජකීයන් ප්‍රබල සටනකින් අනතුරුව තරගය ජය ගත්තා.

රාජකීය විද්‍යාලය උත්සාහක දිනුම් 7ක් හා ගෝල දිනුම් 3ක් ලබා ගත්තා. මේ අතර අන්තෝනි විද්‍යාලයට ලබාගත හැකිවුයේ උත්සාහක දිනුම් 2ක් හා ගෝල දිනුම් 2ක් පමණයි

Share with Friends

%d bloggers like this: