Menu Close

නවකයින්ට පාඩමක් ඉගැන්වූ Legends ලාගේ සටන.

මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කර තිබෙන ප්‍රවීණයින්ගේ Road Safety World Series T20 ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ලංකාව හමුවේ ලකුණු 7කින් පරාජයට පත් වූයේ ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමයි.

මුම්බායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා. රොමේෂ් කලුවිතාරණ ලකුණු 30ක්, චාමර කපුගෙදර ලකුණු 28ක් සහ ෆර්විස් මහරූෆ් නොදැවී ලකුණු 20ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි. ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 31ක්ව තිබියදී බිද වැටී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට අතීතය සිහි කැඳවමින් තමන් යැවූ පළමු පන්දුවාරයෙන්ම පළමු කඩුල්ල දවාගැනීමට සුපිරි ක්‍රීඩක චමින්ද වාස් සමත් වුණා.

පන්දු යැවීමේ දී නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 35කට කඩුලු 3ක් බිද හෙලමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය එළඹෙන 10 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: