Menu Close

තුර්කි එස්-400 මිසයිල පද්ධති රුසියාවට එරෙහිව?

Could-Turkey-use-its-new-Russian-weapons-against-their-creator

එක්සත් ජනපදයේ තර්ජන මැද තුර්කිය රුසියාවෙන් එස්-400 නම් දිගු දුර ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගත්තා ඔබට මතක ඇති.මෙම මිසයිල පද්ධතියට තුර්කි අහස පියාසර නිෂේධන කලාපයක් බවට පත් කර සතුරු ෆයිටර් ජෙට් යානා සහ බෝම්බ හෙළන යානාවලට තහනම් ප්‍රදේශයක් බවට පත් කිරීමේ හැකියාව තිබේ.ඉඩ්ලිබ් සටන්කාමීන්ගෙන් සිරියානු භූමිය මුදා ගැනීමේ සිරියානු හමුදාවේ මෙහෙයුම ක්‍රමයෙන් ඉඩ්ලිබ් නගරයට වඩා ලංවීමත් සමග තුර්කිය සිය හමුදා සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශය වෙත එවා පමණක් නොව සිරියානු හමුදාවට එරෙහිව සටන් සඳහා තුර්කි සෙබලුන් සෘජුව සම්බන්ධ විය.ඒ සමග රුසියානු ගුවන් හමුදාවද සටනට පිවිසියේ තුර්කි හමුදාවේ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිවලින් එල්ල විය හැකි ප්‍රහාරවල අවධාන නොතකා හරිමින්ය.අවස්ථා ගණනාවකදී රුසියානු යුද ගුවන් යානා ඉලක්ක කරගෙන තුර්කි හමුදාව මෙන්ම ඔවුන් විසින් සැපයූ අවි භාවිතා කරන සටන්කාමීන්ද ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාර එල්ල කලහ.එනමුත් මිසයිල ප්‍රහාර සාර්ථකව මග හැර යන්නට රුසියානු ගුවන් නියමුවන් සමත් විය.

ක්‍රමයෙන් සිරියා-තුර්කි ගැටුම් උත්සන්න වෙද්දී රුසියාවද නිතැතින්ම තුර්කිය සමග මුහුණුට මුහුණ යුද්ධයක් සඳහා ඇදී යන බව පෙනෙන්නට තිබිණි.මෙම ගැටුම්වල උච්චතම අවස්ථාවේදී මතු වූ එක් කාරණයක් වන්නේ රුසියාව සැපයූ එස්-400 මිසයිල පද්ධති තුර්කි හමුදා රුසියාවට එරෙහිව සිරියාවේදී භාවිතා කරයිද යන්නයි.

අවසානයේ තුර්කිය එවැනි තීරණයකට එළඹුනේ නැති වුවද,එක්සත් ජනපදයෙන් පේට්‍රියට් මිසයිල පද්ධති ඉල්ලා සිටියේ යැ‍යි වාර්තා පළ විය.

රුසියානු නිෂ්පාදනයක් වන එස්-400 ගුවන් ආරක්ෂක් මිසයිල පද්ධතියේ මුල්ම ගැනුම්කරුවා වන්නේ තුර්කියයි.ඔවුන් මිලදී ගත් මිසයිල පද්ධති දෙක 2020 අප්‍රේල්-මැයි වෙද්දී තුර්කිය එවනු ඇත.ඇ.ඩො. බිලියන  2.5ක් වටිනා මෙම අවි ගනුදෙනුවට දෙරටේ නායකයින් විසින් අත්සන් කරනු ලැබුවේ 2018 වර්ෂයේදීය.

ඉඩ්ලිබ් හි වාතාවරණය නරක අතට හැරීම නිසා මිසයිල පද්ධතියේ අවසන් කාණ්ඩය තුර්කියට ලැබේද නැද්ද යන්න මාර්තු මාසයේ පුටීන් සහ එර්ඩොගන් අතර හමුවෙන් පසුව තීරණය වේවි.

S-400

එස්-400 මිසයිල පද්ධතිය අන්තර්ගතය ගැන කිවහොත්,එක් බතරොයියක මිසයිල විදින හතරක් ඇතුලත් රථ හතරක් තිබේ.ඒ අනුව බතරොයියක මිසයිල 16ක් අඩංගුය.මෙම මිසයිලවලට පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානා බිම හෙළීමටත්,කි.මී. 200ක් දුරකදී කෲස් මිසයිල විනාශ කිරීමටත් හැකියාවේ තිබේ යැයි රුසියාව පවසයි.

ගනුදෙනුවට ප්‍රවාහන සහ පැටවීමේ රථ,රේඩාර් මධ්‍යස්ථාන,පාලන මැදිරි සහ අනෙකුත් සහායක රථ ඇතුලත්ය.

ඊට අමතරව,මිසයිල පද්ධති භාරව සිටින තුර්කි සෙබලුන් පුහුණු කරන්නේ රුසියාවේය.

අවදානම

එස්-400 පද්ධති යොදාගෙන රුසියානු ගුවන් යානා බිම හෙළන්නට තුර්කියට හැකියාවක් තිබේද? මේ ප්‍රශ්නයට විශේෂඥයෝ වෙනස් ආකාරයේ පිළිතුරු ලබා දෙති.

Arsenal of the Fatherland නම් සඟරාවේ ප්‍රධාන සංස්කාරක වික්ටර් මුරකොව්ස්කි පවසන පරිදි එවැන්නක් සිදුවිය හැකිය.අදාල ගනුදෙනුව හරහා රුසියාව තුර්කියට ලබා දෙන්නේ මිසයිල පද්ධති පමණක් නොව එස්-400 පද්ධතියේ තාක්ෂණයත් තුර්කීන් අතට පත් කරන බව හෙතෙම පවසයි.

S-400

නමුත් ටාස් පුවත්පතේ යුද විශේෂඥ වික්ටර් ලිටොව්කින් ඊට වෙනස් අදහසක් පළ කරයි.

“අපි අපගේ නියතාර්ථ අවිවල කේතයන්ට තුන්වන පාර්ශවයේ රටවලට ඇතුල්වීමට ඉඩ දෙන්නේ නැත.ලොව ඕනෑම ගුවන් ආරක්ෂක පද්ධතියක දෘඪාංගවලට කේත කවනු ලබන්නේ කර්මාන්තශාලාව තුලදීය.සම්පූර්ණ නිෂ්පාදන චක්‍රය තුර්කියේදී සිදු කෙරෙන්නේ නම් එය විය හැකිය.නමුත් මොස්කව් සහ අන්කාරා රජයන් අතර ගනුදෙනුවට අනුව එස්-400 හි නඩත්තු කටයුතු සිදුවනුයේ රුසියාවේ පිහිටි අල්මාස්-ඇන්ටෙයි සමාගමේ කර්මාන්තශාලාවලදීය” යනුවෙන් වික්ටර් ලිටොව්කින් සඳහන් කලේය.

ගුවනේදී ඉලක්ක හඳුනා ගන්නට භාවිතා කරන්නේ සතුරු-හෝ-මිතුරු යානා හඳුනා ගැනීමේ පද්ධතියයි,ඔහු පැවසීය.

“තමන්ගේ අවි තමන්ට එරෙහිව භාවිතා කල හැකි,නේටෝ රටකට රුසියාව නියතාර්ථ අවි සැපයූ පළමු වතාව මෙය නොවේ.රුසියාව 1996 වර්ෂයේදී ග්‍රීසියට එස්-300 මිසයිල පද්ධති ලබා දෙද්දී මේ හා සමාන ප්‍රශ්න පැනනැගිණි.” යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

ඔහුගේ දැක්මට අනුව,තුර්කියට ලබා දුන් එස්-400 මිසයිල පද්ධතිවලට රුසියානු සහ තුර්කි ගුවන් යානා වෙන් කර හඳුනාගත නොහැකිය.එසේ කල හැක්කේ තුර්කි හැකර්වරුන් පද්ධතියට පිවිස එය අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ක්‍රමයක් සොයා ගත හොත් පමණි.

source:rbth.com

%d bloggers like this: