Menu Close

කුසල්ට ICC යෙන් රුපියල් මිලියන 90 ක්.

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අමෙරිකානු ඩොලර් 500,000ක වන්දි මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 90කට වැඩි වන්දි මුදලක් ලැබීමට නියමිත බව වාර්තා වනවා.

වාඩා ආයතනය විසින් මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතව ඇත්තේ 2015 වසරේ දී වැරැදි පරීක්ෂණ වාර්තා මත පදනම්ව කුසල් ජනිත්ට තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනාවට අදාළවයි.

අදාළ වැරැදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරග තහනමක් ද පැනවීමට ICCය පියවර ගත්තා.

ඒ අනුව අදාළ සිද්ධිය නිසා වූ අපකීර්තිය හේතුවෙන් කුසල් ජනිත්ට වන්දි මුදලක් සහ නිදොස් බව සනාථ කිරීම වෙනුවෙන් වැය වූ මුදල් ගෙවීමට වාඩා ආයතනය කටයුතු යොදාඅ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම මුදල ද ඇතුළුව ඔහුට වන්දි මුදලක් ගෙවීමට වාඩා ආයතනය ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

Share with Friends

%d bloggers like this: