Menu Close

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයන් තරග වදින පළමු T 20 තරගය අද.

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමඟ එම තරගය මුම්බායිහිදී අද රාත්‍රී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙය වන අතර මාවන් අතපත්තු, චාමර කපුගෙදර, පර්වේස් මහරුෆ්, මලින්ද වර්ණපුර, රොමේෂ් කළුවිතාරණ, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, උපුල් චන්දන සහ දුලංජන විජේසිංහ 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ සංචිතයට ඇතුළත්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම බ්‍රෙට් ලී විසින් මෙහෙයවනවා.

Share with Friends

%d bloggers like this: