Menu Close

දෙවන වර මුදා ගැනීමෙන් පසුව සරාකිබ් නගරය දිස්වන අයුරු

සිරියාවේ ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සරාකිබ් නගරය මුදා ගැනීමෙන් පසුව එහි සංචාරයක නියැලුණු සිරියානු අරාබි පුවත් සේවයේ වාර්තාකරුවන් එහිදී ලබා ගත් ඡායාරූප කිහිපයක් මාර්තු 6දා අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් නගරයෙන් පසු බැස යද්දී දමා ගිය අමතර සන්නාහය මගින් ආවරණය කල පික් අප් ට්‍රක් රථයක්,යුද ටැංකි සඳහා භාවිතා කරන උණ්ඩ සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත TOW යුද ටැංකි නාශක නියාමක මිසයිල දෙකක්ද එම ඡායාරූපවල දැකගත හැකිය.

sana-release-new-photos-from-saraqib-city
පික් අප් ට්‍රක් රථය

up-armored-pick-up-truck
පික් අප් ට්‍රක් රථය

up-armored-pick-up-truck
පික් අප් ට්‍රක් රථය

Tank-shells
යුද ටැංකි සඳහා භාවිතා කරන උණ්ඩ

TOW-ATGM-in-syria
TOW යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්

TOW-ATGM-in-syria
TOW යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් පළමුවරට සරාකිබ් නගරය මුදා ගත්තේ පෙබරවාරි 7දාය.එනමුත්,ඉන් සති කිහිපයකට පසුව තුර්කි සන්නද්ධ හමුදාහි සෘජු සහාය ඇතිව සටන්කාමීන් නැවතත් නගරය යටත් කරගත්හ.

සටන්කාමීන්ට තුර්කි හමුදාවෙන් ලැබුණු සහාය නොසලකා හරිමින්,සිරියානු හමුදාවේ ටයිගර් බලකා සහ හිස්බුල්ලා සංවිධානය ඇතුලුව මිත්‍ර කණ්ඩායම් සීඝ්‍ර ප්‍රහාරයක් දියත් කරමින් මාර්තු 2දා නැවත වරක්  සරාකිබ් නගරය මුදා ගත්තෝය.

සරාකිබ් නගරය හරහා දිවෙන එම්5 හෙවත් ඩැමැස්කස්-ඇලෙපෝ මහා මාර්ගය සහ එම්4 හෙවත් ලටාකියා-ඇලෙපෝ මහා මාර්ගය නිසා ඉඩ්ලිබ් පළාත තුල මෙම නගරය තවත් එක් ඉතා වැදගත් නාගරික කේන්ද්‍රස්ථානයක් වේ.

දින කිහිපයක් ඇතුලත එම්5 මහා මාර්ගය නැවත විවෘත කිරීමට සිරියානු බලධාරීන් ක්‍රියා කලේය.මාර්තු මස 7දා ඩැමැස්කස්-ඇලෙපෝ මහා මාර්ගය යළිත් වරක් ගමනාගමනයට විවෘත කිරීම, එම මාර්ගය වසා තැබීමට දැඩි පරිශ්‍රමයක් දැරූ තුර්කියට සහ එහි සිරියානු ප්‍රොක්සි හමුදාවන්ට ප්‍රබල පහරක් විය.

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

Saraqib-city-and-the-M5-highway

source:southfront.org

%d bloggers like this: