Menu Close

තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ගෙන් සිරියානු සෙබලුන්ට සහ රුසියානු වාර්තකරුවන්ට ඩ්‍රෝන් ප්‍රහාර

මාර්තු මස හය වෙනිදා අලුත් සටන්විරාමයද උල්ලංඝනය කරමින් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් ඉඩ්ලිබ් පළාතේ දී සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාර කිහිපයක් දියත් කලහ.

ඉන් එක් ඩ්‍රෝන් ප්‍රහාරයක ඉලක්කය වූයේ ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සරාකිබ් නගරයේ සිටි ඇබ්කාසියානු ඇනා පුවත් සේවයේ වාර්තාකරුවන් පිරිසකි.ප්‍රහාරයේ ප්‍රතිවිපාක පෙන්වන ඡායාරූප කිහිපයක් ඔලෙග් බ්ලොකින් නැමති වාර්තාකරුවා විසින් ඡායාරූප ගත කර තිබිණි.ඩ්‍රෝන් යානා විසින් බිම හෙළු කුඩා විශ්කම්භයක් සහිත බෝම්බ වල කොටස් සහ ඉන් සිදුවූ හානි එම ඡායාරූපවල ඇතුලත්ය.වාසනාවකට ප්‍රහාරවලින් කිසිවෙකුට තුවාල සිදුව තිබුණේ නැත.

turkish-backed-militants-attack-syrian-troops-russian-reporters-with-armed-drones

turkish-backed-militants-attack-syrian-troops-russian-reporters-with-armed-drones

turkish-backed-militants-attack-syrian-troops-russian-reporters-with-armed-drones

turkish-backed-militants-attack-syrian-troops-russian-reporters-with-armed-drones

සරාකිබ් නගරයේ පිටත මායිමේදී සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් ඉලක්ක කර තවත් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වූයේ යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර තහවුරු කලහ.එම ප්‍රහාරවලින්ද හානියක් සිදුනොවූ බව වාර්තාවේ.

ඩ්‍රෝන් යානා බිම හෙළු බෝම්බ වල කොටස්

ඩ්‍රෝන් යානා බිම හෙළු බෝම්බ වල කොටස්

ඩ්‍රෝන් යානා බිම හෙළු බෝම්බ වල කොටස්

ඩ්‍රෝන් යානා බිම හෙළු බෝම්බ වල කොටස්

මෙම ප්‍රහාර එල්ල වූ දිනට පෙර දිනයේ තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන්,ඉඩ්ලිබ් හි අලුත් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නට එකඟ වූහ.

සටන්කාමීන්ගේ ඩ්‍රෝන් ප්‍රහාර,සටන් විරාමය උල්ලංඝනය කිරිමේ පළමු ප්‍රධාන සිදුවීමයි.මේවාට ඉදිරි කාලයේදී සිරියානු හමුදාව සහ රුසියානු ගුවන් හමුදාව ප්‍රතිචාර දක්වාවි.

source:southfront.org

%d bloggers like this: