Menu Close

ඩැමැස්කස්-ඇලෙපෝ මහා මාර්ගය යළිත් විවෘත කෙරේ

සිරියාවේ අගනුවර වන ඩැමැස්කස් නගරය සහ උතුරු ප්‍රදේශයේ ඇලෙපෝ නගරය සම්බන්ධ කරමින් දිවෙන එම්5 මහා මාර්ගය මාර්තු 7දා නැවතත් විවෘත කරන්නට සිරියානු බලධාරීන් ක්‍රියා කලහ.

සිරියානු අරාබි පුවත් සේවයට අනුව උපක්‍රමිකව වැදගත් මෙම මාර්ගය සිවිල් වැසියන්ගේ ගමනාගමනය සඳහා දැන් විවෘතය.සිවිල් වාහන මාර්ගයේ දිශා දෙකට ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සානා පුවත් සේවය නිකුත් කර තිබිණි.

Damascus-Aleppo Is Highway Open Again For Traffic

 

Damascus-Aleppo Is Highway Open Again For Traffic

මීට ඉහතදී පෙබරවාරි 14දා සිරියානු අරාබි හමුදාව මෙම මහා මාර්ගය ගමනාගමනයට විවෘත කලමුත් අල්කයිඩා ත්‍රස්තවාදීන් ඇතුලුව තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් පෙබරවාරි 27දා සරාකිබ් නගරයේ බලය අල්ලා ගැනීමත් සමග මාර්ගය එම නගරයෙන් අවහිර විය.සටන්කාමීන්ගේ ප්‍රහාරයට තුර්කි සන්නද්ධ හමුදා සෘජුවම සහාය ලබා දුන්හ.

එනමුත්,සිරියානු අරාබි හමුදාව,රුසියානු ගුවන් හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය ඇතුලුව මිත්‍ර කණ්ඩායම් වැඩි කාලයක් පසුබැස සිටියේ නැත.මාර්තු 2දා ඔවුන් දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් සරාකිබ් නගරය යලිත් අත්පත් කරගත්තෝය.

මෙම මාර්ගය විවෘත කිරීම සිරියානු රජය ලැබූ ජයග්‍රහණයකි.තුර්කිය ප්‍රමුඛ හමුදා උත්සාහ දැරුවේ සරාකිබ් නගරය අල්ලාගෙන එම්5 මහා මාර්ගය විවෘත කිරීම වැළැක්වීමයි.නමුත් ඔවුන්ගේ උත්සාහය මේ වෙද්දී සහමුලින්ම පරාජය කර තිබේ.

source:southfront.org

%d bloggers like this: