Menu Close

ක්‍රිකට් Legends සටනේ පළමු ජය ඉන්දියාවට.

හිටපු ක්‍රිකට් සුපිරි තරු නැවතත් ක්‍රිකට් පිටියේ සටන් වදින Road Safety World Series තරගාවලියේ පළමු තරගය ඊයේ India Legends සහ West Indies Legends කණ්ඩායම අතර පැවතුණා.

ඉන්දීය කණ්ඩායමට සචින් තෙන්ඩුල්කාර් සහ කොදෙව් කණ්ඩායමට බ්‍රයන් ලාරා නායකත්වය ලබා දුන්නා.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 150 ක් රැස් කරා. චන්ද්‍රපෝල් ලකුණු 61 යි. ඩැරන් ගංගා ලකුණු 32 යි. සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාට ලබා ගත හැකි වුණේ ලකුණු 17 ක් පමණයි.

Pragyan Ojha සහ Munaf Patel කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා. විරේන්ද්‍ර ෂෙවාග් නොදැවී ලකුණු 74 යි. සචින් ලකුණු 36 කට දැවී ගියා, Hooper කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා විරේන්ද්‍ර ෂෙවාග්,

Road Safety World Series තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟින්. එහි සියලු තොරතුරු එසැනින් දැන ගන්න රැඳී සිටින්න Daily Sports සමඟින්.

Share with Friends

%d bloggers like this: