Menu Close

හිම මල්…

හිම මල් වෑහෙන ගොළු රැයක           සිසිරයේ
බින්දා අප දැහැන් සැර සහසකින්       කම්පසේ
ගිලුනා පුන් සඳක් මුතු පිණි වෑහෙන   වැස්සේ
ගිලිහුනා සුසුමක් උණුසුම්                  ලමැද්දේ.
විහග හැගුම් පොපියයි රත් තුඩග        දෙතොල්
දෑගිලි වෙලෙයි නොමැතිව හූයක්       රන්වන්
සැනසී ඉපිලයයි පියයුරු පුන් තිසර     ගමන්
හිම මල් රකියි නොකියන රහසක්      කාටත්
තුන්යම රැයේ වෑහුනු මල් හිම දියව    ගියා
මිලින දෙනුවන් ඈගේ නිල් පළිගු       වෙලා
තිසරුන් විඩාබර වී ළමැදේ නින්දකට ගියා
කුළුඳුල් පෙමක අසිරිය අප වසඟ        කළා.


ෆීලික්ස් ප්‍රනාන්දු,
1989,
මොස්කව් හී දී.
%d bloggers like this: