Menu Close

වනිඳුට එංගලන්ත ටෙස්ට් තරගය අහිමි වෙයි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලකැලේදී පැවැති දෙවෙනි T-20 තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ආබාධයකට මුහුණ දුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සති 6 ක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

මේ මත ඔහුට ලබන 19 වැනිදා එංගලන්ත පිලට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවීමට තිබූ අවස්ථාව ඔහුට මඟ හැරෙනවා.

තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරන ආකාරයට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී දඟ පන්දු යවන්නකු මෙන්ම පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ටෙස්ට් සංචිතයට වනිඳු හසරංග ඇතුළත්ව සිටි බවයි.

කෙසේ වෙතත් එම තරගය අතරතුරදී ආබාධයකට ගොදුරු වුණු කුසල් පෙරේරාගේ ආබාධිත තත්වය එතරම් බරපතල නොවන බව ද තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කරනවා.

Share with Friends

%d bloggers like this: