Menu Close

මචන් කංකත්‍රී නන්දන සහෝදරයා

                               මචන් කංකත්‍රී නන්දන සහෝදරයා

1       
                  1980 දශකය ආරම්බය කියනනේ මම පාසැල් ජීවිතයෙන් සමුඅරන් ගෙදරට වෙලා ලෙනින් වෙළුම් කියවන කාලය. මට මතකයි ඒ කාලේ පත්තරේක ඇඩ් පත්තරේ තිබ්බා නාට්‍ය පාඨමාලාවක් සම්බන්ධව. ඒක සංවාධානය කරල තිබ්බෙ සෝවියට් මිත්‍රත්ව සංගමය. සම්පූර්ණයෙන්ම නොමිලේ පාටමාලාවක.ඒකාලේ සෝවියට් කිව්වම පොඩි ලොකුකමකුත් තරුණ අපිට එනව. මාත් ඉල්ලුම් පතක් දානවා. එදා තරුණ තරුනියන්ගෙන් ඒතන පිරෙන්න කට්ටිය ඇවිත්. හැබැයි ගත්තෙ තිහක් විතර. පස්සෙයි දැනත්තේ ඒක සංවිධානය කලේ රංජිත් ධර්මකීර්ති කියලා. ඔව් ඒ කාලේ අපේ හදවත් අවධි කළ අංගාරා ගඟ නාටකය, මෝදර මෝල, චෙරි උයන විතරක් නෙවේ ප්‍රදීපාගාරය යට ලියපු රංජිත්. මොනවා උනත් සැබෑ ගුරුවරු. ඒ නාට්‍ය පාටමාලාව ගැන කෙටියෙන් කිව්වොත් ඒක අපේ ජීවත මාර විදිහට වෙනස් කළා. කතාකරලා වැඩක් නැහැ – රසවාදය සම්බන්ධව එදිරිවීර සරත්චන්ද්‍රයන් අපි සමග කතා කලේ වැඩි කාලයක් ප්‍රධාන මේසේ උඩ ඉඳගෙන. දේශන අවසානයේ පරිශීලනය කළ යුතු පොත් ගොන්නක් දෙනවා. ලෝක නාට්‍ය ඉතිහාසය බන්දුල ජයවර්ධනයන්. ජනනාටක ගැන දයානන්ද ගුණවර්ධනයන් කළ දේශන වලට තාම ඇඬෙනවා. තිස්ස කාරිය වසම් අපට ගැමි නාටක ගැන ඉගැන්නුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සජීවී උදාහරණ සහිතව. නාට්‍ය අධ්‍යක්ණය සහ නාට්‍ය අභ්‍යාස ගැන කතා කළේ සුගතපාලද සිල්වා. ස්ටැනිස් ලාව්ස්කි නාට්‍ය සම්ප්‍රධාය ගැන රංජිත් ධර්මකීර්තිම අපේ පරිකල්පනය සදහටම අවධි කළා කියමුකෝ. සෝම ලතා සුබසිංහ රංගනය ගැනත් සුවිනීතා පෙරේරා බැලේ නාටක ගැනත් කතා කරපුවා අද වගේ මතකයි. හෙන්ඩ්‍රි  ජයසේන ඒ කාලේ රාජ්‍ය නිළධාරියෙක්. ඒත් නියමෙට ඒයාගේ වැඩ කොටස කළා කළා. හැබැයි බර්ටෝල් බ්‍රෙෂ්ට් ගැන දුරස්තකරන සිද්ධාන්තය ඉවරකරුපු මයිකල් එදා ආචාර්ය මයිකල් ප්‍නාන්දු මගේ මොළයෙන් කොටසක් බ්‍රෙෂ්ට වඩා මාක්ස්වාදයට වෙන්කළා.  දැන් කියන්න යන මතකයට මතක පසුබිම හරි.
           මම කියන්න යන්නේ ඒ නාට්‍ය පාඨමාලාවේ අපිත් ඒක්ක හිටපු හැම දේශනයකටම සැබෑ විසංවාද දාපු  අපේ සමකාලීන අමුතු කොල්ලෙක් ගැන. බැරැන්ඩි කටහඩකින් එදත් ඔ්න මගුලක් ගැන ඒකදිගට කතා කළ හැකි  අදත් අමුතු අමුතු අදහස් රහට ලියන නන්දන වීරනත්න ගැන මතකය තමා මේ අවධි වෙලා තියෙන්නේ. මම බලා හිටියා මේකා දිහා. තේකක් බොන්නවත් සිගරට් ඒකක් බොන්නවත් ඉන්නේ නැහැ. හැමදාම අවසානයේ හොරෙන්  හෑන් බිලක් දීලා මාරු වෙනවා.  මම දවසක් කෙලින්ම අහනව ඔයා ජවිපේ නේද කියලා.
        ඔව් එදා එයා ජවිපේ කොළඹ ප්‍රචාරක අංශයේ කොල්ලෙක්.  ඒවා මාර කැප කිරීම්. ඒ ජවිපේ තහනම් කාලේ. කලිව සම්බන්ධව නිර්මාණ සංවාද කුලකය බරපතල වැඩක් කළ කාලය. කලයාගේ ඇවෑමෙන් නාට්‍ය පාඨමාලාව අවසාන වෙනවා.  ඒත් අපිට දේශපාලනයෙන් හෝ කලාවෙන් ගැලවෙන්න අද වගේම එදත් බැහැ. දකුනෙන් ආපු මේ ජවිපෙට ආදරේ හිතුවක්කාර කොල්ලා  ජවිපෙන් ඉවත් උනා කියලා දැන ගත්තම ජවිපෙ ඇතුලේ නොහිටියත් මට නම් ඇතිවුනේ මාර  ජීවිත පාලුවක්.  දවසක් ග්ලාස්හවුස්  එක ගාවදි මට නන්දනව හම්බ වෙනවා.  මම කෙලින්ම අහනවා මොකක්ද මේ සහෝදරයා කරන්නේ කියලා. නන්දන මට මම ජවිපේ හිටන් ඉඳලා තියෙන්නෙ ඔලුවෙන්. විකොසේ කීර්ති බාලසූරිය සහෝදරයා මාව දෙපයින් හිටෙව්වා කියලා ආවේගයෙන් කියනවා. ඒ යම් යුගයක් අවසානයේ අපි දෙන්නගේ අන්තිම හමුවීම.  නැවත  මම හිරගෙදරන් නිදහස්වෙලා ඉන්න කාලේමෙන්න බී බී සී සිංහල වැඩසටහනකින් නන්දනගෙ කටහඬ අහන්න ලැබෙනවා.  දැන් අළුත් යුගයක්. අපි දෙන්නම ජීවතුන් අතර. වික්ටර් අයිවන් වගේම නන්දනත් කුළ සාධකය ගැන වෙනත් පැත්තකින් පෝසත්. මාත් ඒක ජීවිතෙන් හදාරපු කෙනෙක් නිසා අවදියෙන්. අපේ සමකාලිනකයන්ගේ විනෝදය හැදෑරීමද මන්දා. මම නන්දනගෙන් අහනවා අද උඹ කුලවාදය ගැන කතාකරද්දි උඹ වල්පොළ රාහුල හාමුදුරුවන්ට ලකුණු දෙනව වගේ පේන්නේ හෙට්ටිගොඩ පරපුරයි වීරරත්න පරපුරයි අතර යම් සම්බන්ධයක් තියනවාද කියලා. අර වික්ටර් අයිවන් කුල සාධකය නිසා සී. පී. යූ ජවර්ධන සහ බර්නාඩ් සොයිසාගේ බැලැක් මාක් එකක් ගැන කිව්වා වගේ. ඒත් නන්දන ඒතනින් ගැලවෙනවා. නන්දන කියනවා මචන් මම කන්තන්ත්‍රීගේ නන්දන කියලා. පස්සේ මම කංකත්‍රී  නන්දනගෙන් අහනව උඹ තවම ඇත්තටම මාක්ස්වාදීද කියලා. එක උත්තරයයි. මාරේ මටනම් තාම මාක්ස් වාදය ගැන විශ්වාසයක් තියනවා කියනවා. මචන් උඹට ආදරේ කරන්න ඒ හෘද ශාක්ශියම ප්‍රමානවත්. ඒ ආදරයත් අහස තරම් උසයි. ඒ කියන්නේ සීමාවක් නැහැ. ඒ උනාට අනන්තයටත් සිමාවක් තියනවා.  මට හිතෙනවා ආදරයේ සීමාව උඹේ හෘද සාක්ෂියේ සීමාවට ආසන්නයි කියලා.
ජගත් මාරසිංහ
07 03 2020



%d bloggers like this: