Menu Close

බංගලාදේශයට සුපිරි ජයක්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් බංග්ලාදේශය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 123ක ජයක් වාර්තා කිරීමත් සමගයි. සිල්හෙට් හි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 43කට සීමා කිරීමට සිදු වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගුණු ලකුණූ 292ක සබදතාවයෙන් ශක්තිමත් වෙමින්. ටමිම් ඉක්බාල් සහ ලිටොන් ඩාස් අතරේ එම සබදතාවය ගොඩ නැගුණු අතර, එය එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ ආරම්භක කඩුල්ලක් සදහා ගොඩ නැගුණු තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම එය බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ හොදම සබදතාවය ද වනවා. ලිටොන් ඩාස් ලකුණු 176ක් රැස් කළ අතර, ටමිම් ඉක්බාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 128ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 43කදී තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 342ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 37.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි. සිකන්ඩා රාසා ලකුණු 61යි. පන්දු යැවීමේ දී මොහොමඩ් සයිෆුදීන් කඩුලු 4ක් බිද හෙලුවා.

මෙම තරගය බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා නායකත්වය දැරූ අවසන් තරගය වීම ද විශේෂත්වයක්. එමෙන්ම මෙම ජයග්‍රහනය ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ලැබූ 50 වැනි එක්දින තරග ජයග්‍රහනයයි.

Share with Friends

%d bloggers like this: