Menu Close

එංගලන්තය සමඟ පළමු පුහුණු තරඟය ඇරඹෙයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන ලද ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අතර නිල නොවන පුහුණු තරගය අද කටුනායකදී ආරම්භ වුණා. මෙම තරගය පැවැත්වෙන්නේ තුන්දින තරගයක් ලෙසයි.

පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 119 ක් ලබා ගෙන සිටිනවා. ජෝයි රූට් (26) සහ ඩෙන්ලි (30) නොදැවී ක්‍රීඩා කරනවා.

එම තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමගද එංගලන්ත පිළ පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19වනදා ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රිඩාංගණයේදීයි.

Share with Friends

%d bloggers like this: