Menu Close

සමනළයන් වැනි සතුන් ශබ්දය අවශෝෂණය කර ගැනීම

fdca6d1c9770a0243141c83a0cbbea96275fe095සමනළයන්, ඉපියන් වැනි [deaf moths] වැනි සතුන් විසින් ශබ්දය 85% පමණ අවශෝෂණය කර ගැනීමේ හැකියාව පිලිබඳව බ්රිස්ටල් විශ්ව විද්යාලයේ විද්යාඥයන් පිරිසක් සොයා බලති. ඔවුන්, ඔවුන්ව ආහාරයට ගන්නා සතුන්ගෙන් නික්මෙන ශබ්දය ‘echolocation’ යන ශබ්ද ස්වභාවයට මෙසේ අභියෝගයක් කරන බව සොයාගෙන තිබේ.
 
‘Echolocation’ යනු ශබ්දයක් කිසියම් තැනක වැදී එය පරාවර්තනය වීමෙන් එම ශබ්දය ඇති වූ තැනට ඇති දුර සොයා ගැනීමේ ආකාරය වේ.
 
නමුත් මේ සමනළයන් වැනි සතුන්ට ඔවුන්ගේ සතුරන් නිකුත් කරන අධි සංඛ්යාත ශබ්ද තරංග ඇසෙන්නේ නැත. එහෙත් ඔවුන් ඒ වෙනුවට, එම සතුන්ගෙන් බේරීමට අපූරු සැඟවීමේ ක්රමයක් අනුගමනය කරති. වවුලන් රාත්රී කාලයේ දඩයම් කරන්නේ මේ ‘echolocation’ යන ක්රමය භාවිතයෙනි. මිනිසා විසින් ‘ඩොප්ලර් ආචරණය’ සොයා ගැනීමට වසර මිලියන 65 කට පෙර, වවුලන් වැනි සතුන් ඩොප්ලර් ආචාහරණය ප්රථම වරට භාවිතා කළහ.
 
ඩොප්ලර් ආචරණය සඳහා කිව හැකි හොඳ උදාහරණයක් නම්, නළාව හඬවමින් ඈත සිට එන දුම්රියක් කෙනෙක් පසු කර ගෙන යාමේදී, එම නලාවේ හඬේ සංඛ්යාතයේ අඩු වීම දැනීමය. නළාවේ හඬේ සංඛ්යාතය දන්නේ නම්, ශබ්දයේ වේගය දන්නේ නම්, දුම්රියේ වේගය මෙමගින් සොයාගත හැක.
 
වවුලා වැනි සතෙක් අධි සංඛ්යාත ශබ්දයක් නිකුත් කරමින් පියාසර කරන අතර, යම් හෙයකින් ඒ ශබ්දය නැවත වවුලාගේ කණට පරාවර්ථනය වුවහොත්, ඉදිරියේ ඇති දෙය කුමක්ද, එහි ප්රමාණය කුමක්ද, එය චලනය වන්නේද නැතහොත් නිසලව ඇතිද යන්න ගැන අවබෝධ කර ගනී. වවුලාගේ මේ හැකියාව මගින්, හරියටම ඒ සිටින්නේ තවත් සතෙක්ද යන්න අවබෝධ කර ගනී.
 
මේ සමඟ දමා ඇති එක පින්තුරයක, එසේ එම සතෙක්ගේ පින්තුරය ශ්රව්ය සේ වවුලා හඳුනා ගන්නේ කෙසේද යන්න පරිඝනකයක් මගින් ගන්නා ලද රූපයකින් පෙන්වා ඇත.
 
එහෙත් වවුලාට වඩා ආහාර දාමයේ පහළ සිටින සතෙක් වුවද ස්වභාව ධර්මයෙන් ආරක්ෂා වීමේ ක්රම ඇත. ස්වභාව ධර්මය අපූරු දෙයකි. එනම් එයින් එක සතෙකුට පමණක් අනුග්රහයක් දැක්වෙන්නේ නැත. මිනිසාට වැරදී ඇත්තේ මෙන්න මෙතනය. ස්වභාව ධර්මය යන මහ කුලකයේ, හුදෙක් මිනිසා යනු අතුරු කුලකයක් බව අප තේරුම් ගන්නේ නැත. එහි ප්රතිඵල අනිටු පරිසර සාධක මගින් අපි විඳින්නෙමු.
 
නැවත ලිපියට;
මේ පරීක්ෂණය කිරීම සඳහා scanning electron microscopy යන අන්වීක්ෂය භාවිතා කරන ලදී. ඉන් විශාල වේගයෙන් කිසියම් චලනය වන දෙයක් එයින් පරීක්ෂා කල හැක. පරීක්ෂණ කණ්ඩායම විසින් සොයා ගත් දේ කුතුහලය දනවන සුළු විය. සමනළයන් වැනි මේ සතුන්ගේ පිහාටු වල ඇති පෘෂ්ටයේ [thorax scales of moths] ස්වභාවය, සාමාන්ය ශබ්ද සංස්කරණ කරන ආකාරයේ විද්යාගාර වල භාවිතා කරන ද්රව්ය වලට සමාන බවය.
 
ශබ්ද සංස්කරණ විද්යාගාරයක, ශබ්දය ඒ ඒ අවශ්යතාවයේ ආකාරයට පරිපාලනය කල යුතුය.
 
කිසියම් ශබ්දයක් දෝංකාරය වීම අවම හෝ වැළැක්විය යුතුය. එනම් ශබ්දය අවශෝෂණය කල යුතුය. මෙහිදී යම් යම් ද්රව්ය ඒ විද්යාගාරයේ ඇතුල සවි කර තිබෙනවා කෙනෙක් දකින්නට ඇත. සමහර අවස්ථාවන් හිදී තිර ඇද ඇත. ලාභ සේ මෙය කෙරෙන එක ආකාරයක් වන්නේ, ‘බිත්තර ගබඩා කිරීමට භාවිතා කරන ඇසුරුම්’, බිත්ති වල ඇලවීම වේ. එවිට ශබ්ද තරංග බොහෝ දිශාවන්ට පරාවර්ථනය වී ක්ෂය වී යයි.
 
මේ සඳහා භාවිතා කල සතුන් ‘Antherina suraka’ (pictured above) සහ ‘Callosamia promethea’ සේ විය.
 
එනම් මේ සතුන්ගේ ශරීරයේ පෘෂ්ට, වවුලන් වැනි සතුන් නිකුත් කරන ශබ්ද තරංග අවශෝෂණය කර ගනී. ශබ්දය ඇසුරෙන් [acoustic camouflage] ඔවුන් සැඟවී යන්නේ එසේය. 85% පමණ ශබ්දය අවශෝෂණය කරන නිසා, මේ සතුන් වවුලන් විසින් අල්ලා ගැනීමේ සම්භාවිතාවය 25% කින් පමණ අඩු වේ.
 
වෙළඳපොළේ මිලදී ගන්නට ඇති ශබ්ද අවශෝෂණ ද්රව්ය මෙන්ම [උදාහරණය:- Glass wool] ශබ්දය අවශෝෂණය කල හැකි ශරීර පෘෂ්ට මේ සතුන්ට ඇති බව දැන, විද්යාඥයන් මවිතය පල කරති. එපමණක් නොව ඒ පෘෂ්ට සිහින් සහ බර අඩු වීම තවත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. අනාගත ශබ්ද අවශෝෂණ ක්රම සඳහා මේ සොයාගැනීම් ප්රයෝජනවත් හැකි බව විද්යාඥයන් පවසති.
 
 
%d bloggers like this: