Menu Close

දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර 20 තරගයත් කඩුළු 7 කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

මේ අනුව ඔවුන් තරගාවලිය ජය ගත්තේ තරග 2කට බින්දුවක් ලෙසින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායක කිරාන් පොලාඩ් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඉසුරු උදාන වෙනුවට ලහිරු කුමාර කැදවමින් අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙද්දී ඔවුන්ගේ මුල් කඩුලු 5 ලකුණු 95ක් තුල බිද දමන්නට කොදෙව්වන් සමත්වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23කට දුවද්දී දැවී ගියා.

බිදවටෙමින් තිබු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 සීමාව කරා රැගෙන ගියේ දසුන් ශානක සහ තිසර පෙරේරා හයවන කඩුල්ලට නොබිදුණු ලකුණු 46ක් එක්කරමින්.

ශානක නොදැවී ලකුණු 31ක් සහ තිසර නොදැවී ලකුණු 21ක් රැස්කළා.

මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.

ෆර්බි ඇලන් කඩුළු 2යි.

කොදෙව් පිළිතුරු ඉනිම අතරතුර කඩුළු රකින ක්‍රීඩක කුසල් ජනිත් මෙන්ම මේ තරගාවලියේදී කැපී පෙනුණු තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද ආබාධවලට ගොදුරු වී පිටියෙන් ඉවත් වූ අතර ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

මේ අනුවර කොදෙව්වන් පන්දුවාර 17කදී කඩුළු 3 ක් දැවී ලකුණු 158ක් ලබා තරගය ජයගත්තේ තරගාවලි ජයත් තහවුරු කර ගනිමින්.

බ්‍රෙන්ඩන් කිංග් සහ ෂිවරන් හෙට්මයර් ලකුණු 43 බැගින් රැස් කළා.

කොදෙව් ජයග්‍රහණය පහසුකළේ පන්දු 14 කින් නොදැවී ලකුණු 40 ක් ලබාගත් අන්ඩ්‍රේ රසල්.

ලසිත් මාලිංගගේ පන්දුවාර තුනේදී ලකුණු 46 ක් උදුරාගන්නට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

මේ අනුව මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලැබූ 6 වන T 20 තරගාවලි පරාජය මෙය වනවා.

Share with Friends

%d bloggers like this: