Menu Close

තුර්කි හමුදා උපක්‍රමික පසුබැසීමක,සිරියානු හමුදාව නැගෙනහිර සහ දකුණු ඉඩ්ලිබ් දෙසින් ඉදිරියට

turkish-forces-are-on-tactical-retreat-syrian-army-recaptures-more-territory-in-eastern-and-southern-idlib


සිරියාවේ ඉඩ්ලිබ් හි අල්කයිඩා කණ්ඩායම්වල සාමය සහ සෞභාග්‍යය වෙනුවෙන් කරන සිය කෲර සටන එර්ඩොගන්ගේ හමුදා දිගටම කරගෙන යමින් සිටියි.

මාර්තු 3දා,තුර්කිය විසින් සිරියානු ගුවන් හමුදාවට අයත් එල්-39 යුද ගුවන් යානයක් නැගෙනහිර ඉඩ්ලිබ් හිදී බිම හෙළුවේය.අල්කයිඩා ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරමින් සිටි මෙම යුද ගුවන් යානය මරාට් අල්-නූමන් නගරය ආසන්නයට කඩා වැටිණි.එක් නියමුවෙක් ගොඩබසිනු ලැබුවේ සටන්කාමීන්ගේ පාලනය ප්‍රදේශයටය.සටන්කාමීන් ඔහුව මරා දමන ලදි.මරාට් අල්-නූමන් ආසන්නයේ සිරියානු හමුදාවේ රථ පෙළක් සහ සරාකිබ් හි සිරියානු ගුවන් ආරක්ෂක බලකා සතුවූයේ යැයි කියන පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් ඩ්‍රෝන් ප්‍රහාරවලින් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝපට එදිනම තුර්කි මාධ්‍ය ප්‍රසිද්ධ කලහ.

ඊට අමතරව,M113 සහ ACV-15 සන්නද්ධ රථ,ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි සහ ALTIGNAN නම් ගුවන් ආරක්ෂක පද්ධති ඉඩ්ලිබ් හි උතුරු කොටසේ බට්බු නගරයට ඇතුල් විය.සාමකාමී අල්කයිඩා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ තුර්කි ආධාරකරුවන්ට එරෙහිව සිරියානු සහ රුසියානු ගුවන් බලයෙන් එල්ල වන ස්ථිර තර්ජනය අවසන් කිරීම සඳහා නුදුරේදීම තුර්කි හමුදාව කලාපයේ HISAR ගුවන් ආරක්ෂක පද්ධති යොදවනු ඇතැයි තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.නමුත් මේ වෙද්දී තුර්කි හමුදාව සහ අල්කයිඩා සාමාජිකයෝ උපක්‍රමික පසුබැසීම නිරත වේ.

නැගෙනහිර ඉඩ්ලිබ් හිදී එර්ඩොගන්ගේ හමුදාවන්ට ජව්බස්,ටර්නාඩා,ඩඩික් සහ කැෆ්ර් බටික් යන ගම්මාන අහිමි විය.එම්4-එම්4 මංසන්ධිය මුලුමනින්ම සුරක්ෂිත කිරීම සඳහා සිරියානු හමුදාවේ ඒකක අෆිර්ස් නගරය දෙසට ඇදිණි.දකුණු ඉඩ්ලිබ් හිදී,සිරියානු හමුදාව කැෆ් ර් මූස්,කව්කබා,අම්කියාහ් සහ ෆුලයිෆිල් යන ගම්මාන තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ගෙන් මුදා ගත්හ.සිරියානු හමුදාවට හිසරදයක්ව තිබෙන තුර්කි ඩ්‍රෝන් යාන තුනක් ද බිම හෙළීමට හැකිවිය.බයිරක්ටාර් ටීබී2 වර්ගයේ එක් යානයක් සරාකිබ් ආසන්නයේදී කඩා වැටිණි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පසුගිය දිනවල සටන්වලදී මිය ගිය සහ තුවාල ලැබූ සටන්කාමීන් ගණන 150 ඉක්මවයි.ගොඩබිම් සටන්වල ප්‍රමාණය සලකා බලද්දී,මෙම සංඛ්‍යාලේඛන අධිතක්සේරුවෙන් යුතුව ඉදිරිපත් කරන බව පෙනේ.

කෙසේවෙතත්,එම සංඛ්‍යාවන්ට තුර්කි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශවලට ලංවන්නටවත් බැරිය.මන්ද තුර්කියට අනුව ඔවුන්ගේ හමුදා මේ දක්වා සිරියානු සෙබලුන් දහස් ගණනක් මරා දමා,යුදෝපකරණ සියගණනක් විනාශ කර සටනේ ජයග්‍රාහී පාර්ශ්වයේ පසුවන නිසාය.

පසුගිය පැය 24 කාලය තුල තුර්කිය ප්‍රමුඛ හමුදාවන් ,සිරියානු හමුදාවට අයත් යුද ගුවන් යානයක්,ඩ්‍රෝන් යානයක්,යුද ටැංකි 6ක්,හොවිත්සර 5ක් සහ කාලතුවක්කුවක්,ගුවන් ආරක්ෂක පද්ධති 2ක්,සන්නාහ සන්නද්ධ සංග්‍රාමික රථ 3ක්,සන්නද්ධ ජිප් රථ 5ක්, හමුදා රථ 6ක් සහ උණ්ඩ ගබඩාවක් විනාශ කල බව මාර්තු 3දා උදෑසන නිවේදනය කලේය.එම කාල සමය තුල මරා දැමූ සිරියානු සෙබලුන් ගණන 372කි.

මාර්තු 3දා පස්වරු කාලයේදී,එර්ඩොගන්ගේ හමුදා තවත් ප්‍රදේශ කිහිපයක් පසු බැස ගිය අතර,තුර්කි සෙබලෙක් මියගොස් 9 දෙනෙක් තුවාල ලැබීය.ඒ සමග තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය එම පසුබැසීමට නොදෙවැනි ජයග්‍රහණයක් සමග ට්විටර් පණිවුඩයක් එවීය.එහි සඳහන් පරිදි,සිරියානු සෙබලුන් 299ක් මරා දමා,යුද ටැංකි 9ක්,කාලතුවක්කු සහ රොකට් විදින 8ක්,හමුදා රථ 2ක් විනාශ කරන්නට තුර්කි හමුදා සමත් වූහ.ඒත් සමග තුර්කිය ඔපරේෂන් පීස් ස්ප්‍රින්ග් මෙහෙයුමේදී මරා දැමූ සිරියානු සෙබලුන් ගණන 3,183 දක්වා ඉහළ ගියේය.’අල් ෂාඩ්’ නම් සිරියානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමක්, ටාර්ටෘස් වරාය ආසන්නයේදී විනාශ කල බව හෝ රුසියාව සැපයූ සුකොයි-50 ෆයිටර් ජෙට් යානා දුසිම් බිම හෙළු බව හෝ ඉරාන රම්බෝ සෙබලුන් කණ්ඩායම්ක් මරා දැමුවේ යැයි තුර්කි හමුදාව නිවේදනය කලද,පරාජය කල නොහැකි තුර්කි හමුදාවට මේ දක්වා බිම් මට්ටමේ සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වී නැත.

ඒ අතරතුර,ඉඩ්ලිබ් කලාපයේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් නවතා දමන්නට රුසියාව සැලසුමක් කර නැතැ‍යිද සිරියාවේ ත්‍රස්තවිරෝධි මෙහෙයුම හේතුවෙන් ඉඩ්ලිබ්වාසීන් මිලියන ගණනින් සරණගාතයින් ලෙස පලා යන්නේ යැ‍යි කියන තුර්කි ප්‍රකාශ බොරු යැ‍යිද මොස්කව් රජය නැවත වරක් නිවේදනය කලේය.

source:southfront.org

%d bloggers like this: