Menu Close

චමරි සහ ශෂිකලා ලෝකයේ හොඳම 10 අතරට.

කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හැකිව තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන චමරි අතපත්තු ජාත්‍යන්තර කාන්තා විස්සයි-20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම කැපීපෙනේ. ඇයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 598 ක්.

තවද මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ලෝක විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 9 වැනි ස්ථානය චමරිට හිමිව ඇති අතර තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධනට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂත්වයක්.

Share with Friends

%d bloggers like this: