Menu Close

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය සංජුට.

දින 03ක් පුරා පැවැත්වෙන 21 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනය ඊයේ (05) මහනුවරින් අවසන් වුණා.

ඒ අනුව, පළමු අදියරේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන සංජු දිමන්ත, හිමිකර ගත් අතර දෙවන ස්ථානය දිනා ගත්තේ දෙහිවල – ගල්කිස්ස මහනගර සභා ක්‍රීඩා සමාජය නියෝජනය කරන චතුර මධුෂාන්.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පැතුම් සම්පත් පළමු අදියරේ තුන්වන ස්ථානයට පත්වුණා.

ඊයේ (05) උදෑසන 7.30 ට කොළඹ කොටුව ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් මෙම තරගය ආරම්භ වූ එය අනිද්දා අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: