Menu Close

ගිම්හානයක සේයා | The Trace of Summer

තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ, ඒ ඇමතුමේ ප්‍රතිඵලයක් විදියට අපිට සිද්දවෙනව හා හා පුරා කියලා අලුත් වට්සැප් ගෘප් එකක සාමාජිකයන් බවට පත්වෙන්න. හැමෝවම අදුරගන්න. විස්තර දැනගන්න, වල්පල් කියවන්න, ෆිට් වෙන්න වගේම අපේම කියලා අලුත් කල්ලියක් හදාගන්න ඒත්, පාලනාධිකාරියකින් වන පාලනයක් එක්කම.

********************************************************************
 මං මාවම කන්ට්‍රෝල් කරගන්න සෑහෙන උත්සාහ කලා. ඒත්.. මං දන්නෙ නෑ මේක මොන කරුමයක්ද කියලා. මං අවුට් ඔෆ් කන්ට්‍රෝල් කියලා විතරයි මට තේරුණේ. නින්දක් නැතිව සැනසීමක් නැතිව මං පිස්සෙක් වගේ හැසිරුනේ. මට තවදුරටත් මේ විදියට ඉන්න බෑ. මගේ දරාගැනීමෙ සීමාව ඉවරයි. මට සිද්ධවුනා ඇත්ත හොයාගෙන යන්න. මට මගෙ ජීවිතේ හම්බුන හොදම චාන්ස් එක මිස් කරගන්න ඕනෙ උනේ නෑ.. ඇත්තමයි.
මං ඇදන් හිටපු ෂෝට පිටින්ම උඩට ටී ෂර්ට් එකක් දාගත්තා. ඉස්සරහ දොර ඇගෙන ගරාජ් එකට ගිහින් වාහනේට ගොඩඋනා. නිව්ටල් එකේම පල්ලමේ වාහනේ පාරට දැම්මෙ කාටවත් වාහනේ සද්දෙ ඇහෙන්න ඕනෙ නැති නිසා. එක පාරින් ස්ටාර්ට් කරපු කාර් එක පලවෙනි ගියර් එකට දාලා විදින්න පටන් ගත්තා. පාර හරිම පාලුයි. වෙලාව පාන්දර 2ට විතර හින්දා වෙන්නැති. මං මිරිස්වත්ත කලර් ලයිට් එක ලගට එනකං කඩාගෙන බිදගෙන වාහනේ අරන් ආවා. පැයට කිලෝමීටර් බර ගණනක වේගයට විතරයි පුලුවන් වුනේ මගේ හදවත ගැහෙන ස්පීඩ් එකට සමාන වෙන්න. ඒ රිද්මය, ඒ වේදනාව අදුනගන්න. ගෙදරින් ආපු පාර වාහනේ තත්පර කීපයකට කියලා හරි නැවතුනේ රතු එළිය ලග විතරමයි. එතැන හරියට මට තව තත්පර 59ක් ඉතිරි වෙලා තිබුනා. ඒක සමහරවිට මගේ ජීවිතේ දිගම විනාඩිය වෙන්න පුලුවන්. ඒ තරමට මං හදිසියෙන් හිටියෙ.
********************************************************************

මේක හරියන්නෙ නෑ. මෙහෙම බලාගෙන ඉදලා හරියන්නෙ නෑ.. මං ඇක්ෂන් එකක් ගන්නම ඕනෙ. මං කල්පනා කලා. මං ඉස්සෙල්ලාම ගත්තෙ කොලේකුයි පෑනකුයි. ඊටපස්සෙ වට්සැප් මැසේජ් ටික හාර හාර ඇවිස්සුවා. ඔව්.. මේ තියෙන්නෙ පොටක්. මට ඒක පෑදුනා. එයාට ක්ලාස් තියෙන්නෙ මේ මේ දවස්වලට… ගෙදරින් එන්නෙ අම්මත් එක්ක, බයික් එකේ. ම්.. ස්කූටියක්. ගෙදරින් ආපු වෙලාව මේක… පෑන දඩි බිඩියෙ මොන මොනවාදෝ කොලේ ලියලා පිරෙව්වා. ඔව් ඒක මැප් එකක්. නෑ, මිෂන් ප්ලෑන් එකක්. මේක තමයි එකම විදිය. අපි බලමු…

නුවර පාර දිගේ හැටට හැටේ ආපු වේගෙට මං දන්නෑ වාහනේ ඔරොත්තු දුන්නාද කියලවත්. ඒ තරම් වේගෙන් ඒ පාරේ ඒ වාහනෙන් මං ගිහින් තිබුනෙ නෑ කවදාවත්. වරකාපොල රෝඩ් බ්ලොක් ලග විතරයි යන්තමින් හරි වේගය අඩු උනානම් උනේ.කොහොමහරි පාන්දර 3 වෙද්දි මං නෙලුම්දෙනියෙ.ඒ වෙද්දි නම් පොඩියට මහන්සියක් නිදිමතක් මට දැනෙමින් තිබුනෙ. ගමනාන්තයට මහ ලොකු දුරක් නැති නිසාත්, උදේ 5ට තව පැය කීපයක් තියෙන නිසාත් පාර අයිනෙ පාලු තැනකට දාලා ලයිට් ඕෆ් කරලා දොර ජනෙල් ලොක් කරලා මං ටිකක් ඇලඋනා. එත්, 4.15ට එලම් එක තියන්නත් මං අමතක කලේ නෑ.
විදුලි වේගයෙක් ඇදුන කාර් එක නැවතුනේ කෑගල්ල ෂෙඩ් එක ලග. ම්.. මේක තමයි පාර. මං මගෙ ප්ලෑන් එක දිහා බැලුවා. ඒ පාරේ කීප දුරක් ගියාට හරියටම ගෙදර මොකක්ද කියලා හිතාගන්න එක නම් හරිම අමාරු වැඩක් උනා. ඒකට ප්ලෑන් එකේ විස්තර මැච් උනේ නෑ. සැක කටයුතු ගෙයක් තිබුනත් ඒක එතනින් එහාට විපරම් කරන්න තරම් පාන්දර 4.45 කියන්නෙ කල් වැඩියි තව. ඉතිං,… ආයෙත් මං පාරට ආවා, ම්.. බස් එක තියෙන්නෙ මේ පැත්තෙ. ඒ පැත්තටම වාහනේ දාලා තියාගත්තොත් හරවන්න යන ටයිම් එක ඉතුරුයි. මිස් වෙන්න තියෙන ඉඩ අවම කරන්න… නෑ.. කිසිම ඉඩක් තියන්න බෑ. මේක අන්තිම චාන්ස් එක. මං වාහනේ අනිත් පැත්තට දාලා අතුරු පාර ඉස්සරහින් එන විදියට කඩ කාමරයක් ඉස්සරහට රිවස් කලා.
ලාවට වැටෙන වැහි පොද අස්සෙන් මං කෙලින්ම අතුරු පාර දිහා බලන් ඉන්නවා. වෙලාව නං හරි, ඉස්සරහ පාරෙන් බයික් එකක් එන එන පාරට මං හෙඩ් එක ගහන්නෙ අඩුගානෙ එයා වාහනේවත් අදුරගනීවි කියලා හිතලා. ඒත් ගතවෙච්ච පැය බාගෙට ගියපු බයිසිකල් දෙකම ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදං ආපු බට්ටෙක් මගෙ දර්ශනපථය අවහිර වෙන්නම ගහලා පත්තර ලොට් එකක් බාලා කඩේ ඉද්සරහට දැම්මා. මං පට්ට මලෙන් හිටියෙ එයාව මට මාස්වෙයි කියලා.. බට්ටා ගියාටත් විනාඩි 15කට විතර පස්සෙ.. මං හිතුවා මේක හරියන එකක් නෑ කියලා. කොතැනක හරි මට එයාව මිස් උනා කියලා…
මං යන්න කියලා හිතාගෙන වින්ඩ්ස්ක්‍රීන් එකේ බැදුන මීදුම් ගුලි පිහදාන්න පටන් ගත්තා. ඒ මැද්දෙන් ඈතින්, අවපැහැ ගැන්වුන හැලජන් ආලෝකයක් විදුරුවෙ වැදිලා දිස්නෙ ගහන්න පටන් ගත්තා. මං ආයෙමත් හෙඩ් එක පාස් කලේ ඇගිල්ලෙන්…  බයිසිකලේ පිටිපස්සෙ හිටපු කෙනා මං දිහා හැරිලා බැලුවා..ආයෙත් බැලුවා. ඇත්තටම මං දිහා නෙමෙයි, අදුරෙ තිබුන කාර් එක දිහා. මං ක්ෂණිකව ක්‍රියාත්මක උනා. යතුර දාලා පණගන්වපු කාර් එක මොහොතකින් නුවර පාරට අවතීර්ණ වෙලා බයික් එක පස්සෙන් හඹායන්නට පටන් ගත්තා. බයිසිකලෙත් හිතුවට වඩා වේගයකින් අස්සෙන් මුල්ලෙන් දාලා කෑගල්ල ටවුන් එක පැත්තට ගමන් කලා. ඉතිං, මට සිද්ධවුනා ඊටත් වඩා වේගයකින් ඒක පස්සෙන් යන්න.  වේගයෙන් ගිය බයිසිකලය නැවතුනේ බස් එකක් පිටිපස්සෙ, මගෙ හිත තත්පරයට බිටු දහස් ගණනක වේගයෙන් වැඩ කරන්න ගත්තා…
හිත ඇතුලෙ තත්පරයෙන් දශමෙන් පංගුවට කරපු ආගිව් එකක ප්‍රතිඵලයක් විදියට මං බස් එක ඉස්සර කරලා පාර හරස් කරලා නැවැත්තුවා. එකක හරියට ඉංග්‍රීසි චිත්‍රපට ජවනිකාවක් වගේ.. ඇත්තමයි, මං දන්නෙ නෑ මට කොහොම ගටක් ආවද කියලා. එහෙම කරන්න. නුවර පාර මැද නවත්තපු කා⁣ර් එකේ පාක් ලයිට් දාලා හසාඩ් ඕන් කරලා මං බැහැල බස් එක පැත්තට ආවා. පිටිපස්සෙ දොර ලග බයික් එක නවත්තලා අම්මා ඉන්නවා. බස් එක අද්දනකං.  පිටිපස්සෙන් නැග්ගොත් හොයාගන්න අමාරුයි. මං ඉස්සරහින් නැග්ගෙ ඩ්‍රයිවර් අයියට ඇත්ත විස්තරේ කියන්න කියලා හිතාගෙන.ඒත්, ඌ මට හිනාවුනා. මං හිතන්නෙ පොරට මොනමහරි දෙයක ඉව වැටුනා. මං ඉස්සරහ ඉදන් ඇස කරකව කරකව පස්සට යනවා, ඒත් එයා නෑ. ඒත්… පිටිපස්සෙ දොර පැත්තෙ ලගම ෂීට් එකට වෙලා කෙල්ල ඉන්නව බය වෙලා.  මං එකපාරටම එයා ලගින් වාඩි උනා. 
නංගි, මොකද උනේ ඔයාට?
කෙල්ල වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙන්න පටන් ගත්තා…
%d bloggers like this: