Menu Close

එංගලන්තයත් එක්ක පුහුණු වෙන්න යන ශ්‍රී ලංකා කණ්ඩායම.

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙනු ලබන තුන් දින නිල නොවන පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය XI කණ්ඩායමට දේශීය ක්‍රීඩා සමාජ තුන් දින තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කීප දෙනෙකුටම අවස්ථාව ලබා දීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නිල නොවන පුහුණු තරගයක් බැවින් මෙම තරගාවලියට නම් කරන ලද කණ්ඩායමේ 15 දෙනාටම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බැවින් පිතිකරුවන් සියල්ලටම සහ පන්දු යවන්නන් සියල්ලටම සිය දක්ෂතා පෙන්නුම් කිරීමේ හැකියාව උදාවී තිබේ.

ක්‍රිකට් ආයතන XI – අශාන් ප්‍රියන්ජන් (නායක), ළහිරු උදාර, සංගීත් කුරේ, ළහිරු මිලන්ත, මිලින්ද සිරිවර්ධන, ප්‍රියමාල් පෙරේරා, ප්‍රමෝද් සරත්චන්ද්‍ර, චාමික කරුණාරත්න, නිසල් තාරක, තරිඳු කෞෂාල්, කවිෂ්ක අංජුල, ළහිරු සමරකෝන්, දුවිඳු තිලකරත්න, මාලින්ද පුෂ්පකුමාර.

Share with Friends

%d bloggers like this: