Menu Close

“සුලෝහිත සංග්‍රාමයට” සියල්ල සූදානම්.

“ආචාර්ය එන්.එම්. පෙරේරා අභියෝගතා කුසලාන” වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන ‘91 වැනි සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 7 සහ 8 කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

කනිෂ්ක රන්තිලකගේ නායකත්වයෙන් මෙවර ආනන්ද කණ්ඩායම පිටියට පිවිසෙන අතර අවිෂ්ක පෙරේරාගේ නායකත්වයෙන් නාලන්දා කණ්ඩායම තරග බිමට පිවිසෙනවා.

1924 න් ඇරඹි ‘සුලෝහිත’ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 12ක් කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගන්නා අතරවාරයේදී නාලන්දා විද්‍යාලය තරග 06ක් ජයගෙන ඇත. අවසන් වරට පැවති තරග ද්විත්වයද ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ගෙවුණු එක්දින තරග ද්විත්වයම නාලන්දා විද්‍යාලය ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට වැඩිම ක්‍රීඩකයින් බිහිකළ මහා ක්‍රිකට් තරගය ලෙසටද සැලකෙනවා. 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම සේම මෑත කාලීන ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින්ද මෙම මහා ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දායාද කර ඇත.

‘පී. ද එස්. කුලරත්න කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන 46 වැනි ආනන්ද – නාලන්දා වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා සිංහල සමාජ ක්‍රීඩා පිටියේදීම පැවැත්වෙනු ඇත.

Share with Friends

%d bloggers like this: