Menu Close

සිරියානු හමුදාව ඉඩ්ලිබ් හිදී නේටෝවේ දෙවන විශාලතම හමුදාවට අමතක නොවන පාඩමක් උගන්වයි

syrian-armed-forces-teach-2nd-strongest-nato-army-painful-lesson-in-idlib

සරාකිබ් නගරය ත්‍රස්තවාදීන්ගෙන් සහ තුර්කි හමුදාවෙන් දෙවන වරට මුදා ගැනීමෙන් පසුව රුසියානු හමුදා පොලිසියේ ඒකක නගරයට ඇතු විය.රුසියානු හමුදාවට අනුව,හමුදා පොලිස් ඒකක යොදවනු ලැබුවේ මාර්තු 2දා පස්වරු 5පමණය.එහි අරමුණ වූයේ එම්4 සහ එම්5 මාර්ග ඔස්සේ ගමනාගමනයට ආරක්ෂාව සැලසීමයි.රුසියානුවන් නගරය තුල යෙදවීමෙන් තුර්කිය එම නගරය අල්ලා ගැනීමට දරන ප්‍රයත්නයන් වළක්වා එම ප්‍රදේශයෙන් එම්5 මහා මාර්ගය අවහිර වීමට ඉඩ ලබා නොදීම අනෙක් සැඟවුණ අරමුණයි.

ඊට සමගාමීව,අල්කයිඩාව සහ තුර්කි හමුදාව කැෆ් ර් නුබ්ල් නගරය අල්ලා ගැනීමට දැරූ උත්සායක් සිරියානු හමුදාව විසින් ව්‍යර්ථ කල අතර ඒ ආසන්නයේ වූ හසරින් සහ ඩාර් අල්-කබිරාහ් යන ගම්මාන කිහිපයක පාලනය යළිත් ලබා ගත්තේය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පසුගිය දිනවල මෙහෙයුම්වලින් තුර්කි ප්‍රොක්සි හමුදා හි යුදෝපකරණ 15ක්වත් විනාශ කරන්නට සිරියානු හමුදාව සමත් වූයේය.ඊට ප්‍රතිචාර වශයෙන් තුර්කි පාර්ශ්වය අලුත් විජයග්‍රාහී ප්‍රකාශ පෙලක් නිකුත් කලේය.

මාර්තු 2දා තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් ගේ ප්‍රකාශයන්ට අනුව ඔපරේෂන් ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුම ආරම්භයේ සිය මරා දැමූ සිරියානු සෙබලුන් ගණන 2,557කි.මෙය මාර්තු 1දා ඔහු පැවසූ ගණනට වඩා සිරියානු සෙබලුන් 350ක වැඩි වීමකි.මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ,ඔහු විසින් සපයන සංඛ්‍යාලේඛන ඔහුටම පිළිගත හැකිද යන්නයි?.සිරියානු හමුදාවට දින කිහිපයක් තුල මෙතරම් බරපතල පිරිස් බලයක් අහිමි වූයේ නම්,සිරියානු සෙබලුන් දකුණු සහ නැගෙනහිර ඉඩ්ලිබ් ප්‍රදේශවලින් පහ කිරීම පහසුවෙන් සිදු කරන්නට තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ට හැකිවේ.

යථාර්තය වනුයේ,සටන් විරාමයක් ඇති කර ගැනීමට කතිකා කිරීම සඳහා තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන්,මාර්තු 5දා මොස්කව් බලා යෑමට නියමිතය.”මගේ එක බලාපොරොත්තුව වන්නේ මෙම අරගලය ජයග්‍රහණයකින් නිමා කර,ස්ථිර සටන් විරාමයක් හරහා තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීමයි.මේ සඳහා අපි  අපගේ සියලු රාජ්‍යතාන්ත්‍රික නාලිකා,ක්ෂේත්‍රයේ අපගේ පරිශ්‍රමය සමග යොදාගන්නවා” යනුවෙන් එර්ඩොගන් සිය පාක්ෂිකයෝ අමතමින් පැවසීය.

නමුත් මීට දින කිහිපයකට මත්තෙන් තුර්කි මෙහෙයුමේ ආධාරකරුවෝ පැවසුවේ ප්‍රබල තුර්කි හමුදාව,අෂාඩ් රෙජිමය පරදවා ,ඉක්මණින්ම ඩැමැස්කස් සහ ඇලෙපෝ නගර වෙත ඇතුල් වනු ඇති බවයි.නමුත් දැන් එම මූලාශ්‍රම,තුර්කි නායකයාගේ දුරදක්නා ප්‍රතිපත්තිය සහ අර්බුදය තවත් දිග්ගැස්සීමෙන් වළක්වා ගන්නට දරන උත්සාහය අගය කරමින් සිටියි.

පෙනෙන හැටියට ඉඩ්ලිබ් හි සිදුවීම් තුර්කියට වාසිසහගත අයුරින් සිදුනොවේ.එර්ඩොගන් සහ පුටීන් තවත් සටන් විරාමයකට පිවිස,සිරියානු හමුදාව අවසන් වශයෙන් අල්ලා ගත් ප්‍රදේශවලින් පසුබසීන යැයි බල කරන තුර්කියේ අරමුණ අවසන් කර දැමූ පසු,තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රම එය තුර්කියේ ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කරනු ඇත.වසර 10කට ආසන්න කාලයක් දිගු යුද්ධයකින් හෙම්බත්ව සිටින සිරියානු හමුදාව පරාජය කිරීමට නේටෝවේ දෙවන විශාලතම හමුදාව නොහැකි බව පෙනෙන්නට තිබේ.

ඉඩ්ලිබ් හි බලතුලනය නැවත වරක් වෙනස් විය.මරාට් අල් නූමන් නගරය අල්ලා ගැනීම වැනි අනපේක්ෂිත සුවිශේෂී කඩඉමකට ලබා ගන්නට තුර්කි හමුදාවට නොහැකි නම්,තුර්කි රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ඊළඟ ප්‍රධාන ප්‍රයත්නය වනුයේ සිරියානු හමුදාව ඉඩ්ලිබ් නගරය දෙසට ඇදීම වැළැක්වීමට එකඟතාවයකට එළඹීමයි.මෙම නගරය අල්කයිඩාවේ ප්‍රධානතම බලකොටුව මෙන්ම,කලාපය තුල සටන්කාමීන් යටතේ ඇති අවසාන විශාලතම නාගරික ප්‍රදේශයයි.ඉඩ්ලිබ් නගරය සිරියානු හමුදාව අතට පත් වීමෙන්,සිරියාවේ මෙම ප්‍රදේශය තුල සිය බලබෑම ශක්තිමත් කිරීමට තුර්කිය සතු බලාපොරොත්තු සියල්ල අවසන් වේවි.

කෙසේවෙතත්,තුර්කිය සහ රුසියාව ඉඩ්ලිබ් නගරය සම්බන්ධව එකඟතාවයකට පැමිණියත්,එමගින් සිරියානු හමුදාවේ සහ මිත්‍ර කණ්ඩායම්වල ත්‍රස්ත විරෝධී මෙහෙයුම් අවසන් නොවනු ඇත.එම් 4 මහා මාර්ගය ආසන්නයේ පිහිටා තිබෙන ජිස් ර් අල්-ෂුගුර් නගරය ඉදිරි හමුදා මෙහෙයුම්වල ඉලක්කයක් විය හැකිය.දැනට එම නගරය පාලනය කරන්නේ විදේශිකයන්ගෙන් සැදුම් ලත් අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නම් ත්‍රස්තවාදී කණ්ඩායමයි.කෲර අෂාඩ් රෙජිමයේ හිංසාවට ලක් වන තවත් ‘මධ්‍යස්ථ කැරලිකාර’ කණ්ඩායමක් රැක ගැනීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දැන් සූදානම් වෙමින් ඇතුවාට සැකයක් නැත.

source:southfront.org

%d bloggers like this: