Menu Close

විශ්මිත ප්‍රහාරය:තුර්කි ප්‍රොක්සි හමුදා උතුරු ඇලෙපෝ හි නගරයක් අත්පත් කර ගනියි

මාර්තු මස 4දා විමුක්තිය සඳහා ජාතික පෙරමුණ ඇතුලුව තුර්කි ප්‍රොක්සි හමුදා උතුරු ඇලෙපෝ වෙත විස්මිත ප්‍රහාරයක් දියත් කලහ.

පැය කිහිපයක් ඇතුලත සටන්කාමීන් අල්-ෂෙයික් අකිල් නගරය සහ ආසන්නයේ තිබෙන කඳු මුදුන්වල බලය සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් වෙතින් උදුරා ගත්තෝය.නගරය උතුරු සහ වයඹදිග ඇලෙපෝ ප්‍රදේශවලට ඉහළින් පිහිටා ඇත.

සටන්කාමින්ට යුදෝපකරණ මෙන්ම සෘජු වෙඩි බලය සපයන තුර්කි හමුදාව මේ ප්‍රහාරය සඳහාද සහභාගි විය.

තුර්කි හමුදා රැඳී සිටින්නේ යැ‍යි සැලකෙන සටන්කාමීන් යටතේ තිබෙන අල්-ෂෙයික් අකිල් නගරයට සහ ආසන්නයේ තිබෙන ඩරාට් ඊසා නගරයට දැන් සිරියානු අරාබි හමුදාව වැරෙන් පහරදෙමින් සිටින බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.

තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් උතුරු ඇලෙපෝ හි සිටින අයුරු
 

 

මාර්තු 4දා මුල් භාගයේදී තුර්කි ප්‍රොක්සි හමුදා මීට සමාන ප්‍රහාරයක් සරාකිබ් නගරය ට එල්ල කල,සිරියානු හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් එක්ව ප්‍රහාරය ව්‍යර්ථ කලහ.

දින කිහිපයක් තුල හෝ ඉදිරි පැය කිහිපයේදී අල්-ෂෙයික් අකිල් නගරය අල්ලා නැවත අල්ලා ගැනීමට සිරියානු හමුදාව ප්‍රති ප්‍රහාරයක් දියත් කරනු ඇත.හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය ඇතුලුව මිත්‍ර කණ්ඩායම්වල විශාල හමුදාවක් උතුරු ඇලෙපෝ හි නුබ්ල් සහ අල්-සාරා නගරවල රැදී සිටියි.ඒවා පිහිටා තිබෙන්නේ සටන්කාමීන් යටතට පත් වූ නගරයට නැගෙනහිර දෙසින්ය.

source:southfront.org

%d bloggers like this: