Menu Close

පොහොර නැහැ, රසායනික බෙහෙත් නැහැ .. කෘෂිකර්මය සඳහා හුදෙක් සූර්ය ශක්තිය පමණයි.

0.73645800_1490353367_kailash-murthy-1ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගොවියෙක් වන, ‘කයිලාෂ් මුර්ති’ විසින් කරන ලද කෘෂි පරීක්ෂණය ගැන සිත් යොමු කිරීම වටී. පාරිසරික විද්‍යාව [Ecology] පැවතීමට ආර්ථික විද්‍යා [Economics] තත්වයන් අනවශ්‍ය වුවත්, ආර්ථික විද්‍යා තත්වයන් පැවතීමට පාරිසරික තත්වයන් අවශ්‍ය වේ. බැංකුවක නිළධාරියෙක් වී පසුව ගොවියෙක් වූ ‘කයිලාෂ් මුර්ති’, මේ යතාර්ථය අපහසුවෙන් අවබෝධ කර ගත් කෙනෙකි.

කර්ණාටක ප්‍රාන්තයේ ඇති අර්ධ කාන්තාර ‘චාමරාජනගර්’ ප්‍රදේශයේ පිටිසර ගම්මානයක අක්කර 22ක ගොවිතැන් භූමියක්, කුඩා කැලෑවක් කිරීමට ඔහු සමත් වූයේය. මෙහි ඇති විස්මය නම්, ඔහු ඒ සඳහා පොහොර හෝ රසායනික කෘමි නාශක භාවිතා නොකිරීමය. 1984 වසරේ මුර්ති ගොවිතැනට රසායනික පොහොර භාවිතා කළේය. වසර හතරකට පසු ඔහු රසායනික පොහොර භාවිතා කිරීමේ ආදීනව අවබෝධ කර ගත්තේය. එනම් ශාඛ වැඩි වැඩියෙන් ඒ පොහොර මෙන්ම, [NPK – නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම්]  වැඩියෙන් ජළය ඉල්ලා සිටීමත් ඔහු නිරීක්ෂණය කළේය.

ඔහු මෙසේ කියයි. … “ ගොවීන් මෙය අවබෝධ කරගත යුතුය. පළිබෝධ යනු ස්වභාවික තත්වයන් වේ. ශාඛ එසේම තැබීමෙන් , පළිබෝධ වලට ප්‍රතිරෝධයක් ඇති වේ. පළිබෝධ නාශක ඔහේ ඉසීමෙන් දීර්ඝ කාලීනව වරදක් සිදු වේ.  මුල් කාලයේ ඉන් ප්‍රයෝජනයක් වන බව පෙනේ. එහෙත් කල් යන විට ඒ ඒ පළිබෝධ නාශක වලින් ඒ ඒ පළිබෝධ වඳ වන්නේ නැත. එවිට වන්නේ තවත් වෙනස් පළිබෝධ නාශක වර්ගයක් භාවිතා කිරීමය. එහි කෙළවරක් නැත”…

ස්වභාවික කෘෂිකර්මය පිළිබඳව ප්‍රවීනයේ වන, ‘ජපානයේ මසානොබු ෆුකෝකා’ [Masanobu Fukuoka] ගේ ක්‍රම ගැන පැහැදුණු මුර්ති, 1988 වසරේ ස්වභාවික ගොවිතැනට සම්බන්ද විය. වසර 30ක් ගතවිය. ඒ කාලය තුල ඔහු රසායනික පොහොර හෝ පළිබෝධ නාශක භාවිතා කලේ නැත. … වගා කිරීම සඳහා මා කාබනික පොහොර පවා භාවිතා නොකරමි”… ඔහු එසේ කියයි. මෙයට කියන්නේ, ‘zero-input farming’ සේය. මෙහි තේරුම කිසියම් භෝගයක් වවා එය අතහැර දැමීම නොවේ. ජීව විවිධත්වය ඇති කිරීම මෙහි අර්ථය වේ.   

ඔහුගේ ගොවිපොළේ ගස් 3069 ක් ඇත. ඒවා අතර අඹ, ගස් ලබු සහ ඖශධ පැළෑටි ද වේ. ඔහු මෙසේ කියයි.    

If you kill biodiversity with “deadly inputs”, you are practicing ‘agri-criminology’

මුර්ති පළිබෝධ නාශක භාවිතා නොකරන්නේ නම්, එහි රහස කුමක්ද ? වගාවට අනවශ්‍ය කෘමීන්ගෙන් වගාව ඔහු ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඒ සඳහා උත්තරය සරළය. කිසි දිනෙක ස්වභාව ධර්මය එක ශාඛයක් හෝ සතෙක් පමණක් ආරක්ෂා කරන්නේ නැත. තවද ස්වභාව ධර්මයේ පවතින්නේ විවිධ ආකාරයේ ශාඛ එක්වය. [Multi crop] මෙය සදා කාලයක් ශාඛ පැවතුනු සහ, ශාඛ අනාගතයේත් පවතිනවා නම් ඒ පිළිවෙළ වේ. මේ ක්‍රමය වෙනස් කරන්නේ නම් එහි අහිතකර ප්‍රතිඵල විඳිය යුතුය. 

පළතුරු හෝ වෙනත් ශාඛ සේ වෙනස් වෙනස් ආකාරයේ භෝග එක්ව වගා කිරීමේදී, ඒ එක් එක් භෝග එක් එක් කෘමීන්ට සහ පළිභෝද වලට විවිධ ආකාරයෙන් පිළිතුරු සපයයි. උදාහරණයක් සේ කෙසෙල් ගස් වලට හානි කරන කෘමීන් මර්ධනය සඳහා ඒ අසළ ඔහු එම කෘමීන් පලවා හරින ශාඛ සිටවා ඇත.

මේ සඳහා ලංකාවෙන් ගතහැකි එක උදාහරණයක් නම්, ‘මදුරුතලා’ ශාඛයයි. අපගේ පැරැන්නන් මදුරුතලා ශාඛය මිදුලේ තැනින් තැන සිටවා තිබිණ. ඒ නිසා ස්වභාවිකවම මදුරු කරදරයේ අඩුවක් තිබිණ. අද දින එය, ඒ ආකාරයෙන්ම නොවන බව සත්‍යයකි. පහසු නොවුවද, කාලයක් ගත වුනද, එහෙත් ඒ තත්වයට කෙසේ හෝ පැමිණිය යුතුය. මෙයට හොඳ උදාහරණයක් තේ වගාවෙන් ගත හැක. 

තේ ශාඛය, කෘමීන් ගෙන් සහ පළිබෝධ නිසා අත්වන විෂම තත්වයන්ට සෑහෙන ඔරොත්තු දීමේ ශක්තියක් ඇති ශාඛයකි. එහෙත්, තේ වගාව ජල සම්පත් අඩු කරන්නේය යයි මතයක් ඇත. සුද්දා, ‘කාබන් විමොචනය’ යන වචනය ලොව නොමැති, ලොව අසා නැති කාලයක, ‘ශුන්‍ය කාබන් විමෝචනය’ භාවිතා කර ලංකාව ලෝකයේ අනර්ඝතම තේ වගා කරන රට බව පත් කළේය. එනම් එකල කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කලේ ජලයෙන් කරකැවෙන යන්ත්‍ර මගිනි. එමෙන්ම ඔහු ජළාධාර ඇති පෙදෙස් තෝරා බේරා, ඒ ජලය ගලා යන මාර්ඝ වලට හානියක් නොවන පරිද්දෙන් තේ වගාව කළේය. අධික බෑවුම් වල ඔහු තේ වගා කලේ නැත.

මේ මාතෘකාවට අදාළ සේ ඔහු කල තේ වගාවේ ශාඛ විවිධත්වය තිබිණ. එපමණක් නොව, ශිෂ්ට සමාජයට අනුගත නොවුවද, ඔහු ඒ සඳහා මිනිස් කසළ ඊට එක් කළේය. ඉන්දියානු කම්කරුවන් තේ කර්මාන්තය සඳහා ගෙන ආ මුල් අවදියේ ඔවුන්ට වැසිකිළි නොතිබිණි. ඔවුන් ඒ සඳහා යා යුතුව තිබුනේ තේ වතු ඇතුළට විය. එය තේ සඳහා හොඳ පොහොරක් විය.  

අද දින කල යුත්තේ, ඒ පැරණි ආකාරයට කල තේ වගාවෙන් පාඩම් කීපයක් ගැනීමය. විශේෂයෙන්, පස සෝදායන නිසා, අධික බෑවුම් වල සිදු කෙරෙන තේ වගාව තහනම් කල යුතු වේ. 

වැරදි ක්‍රම වලින් තේ වගාව කරන්නේ නම්, තේ වගාව නිසා ජලය ඇති පෙදෙස් විනාශ වන්නේය යන්න සත්‍යයකි. එහෙත් තේ වගාව ඇතුලත සාර්ථකව පොල් වගාව කල හැක. පවතින, ‘ලාඩප්පා’ හෙවත් ‘වැටමාර’ වැනි පහත් උසැති ශාඛ ආවරණ [Low shade trees] ගස් වල ‘වැනිලා’ වැනි ශාඛ යැවිය හැක. නොයෙක් ආකාරයේ ඉහළ උසැති ශාඛ භාවතා කිරීමෙන් තේ වත්තක් සෑහෙන පරිසර හිත වේදී ආකාරයට වෙනස් කල හැක.

සාර්ථකව ශාඛ ව්විධත්වය ඇතිකළ තේ වත්තක රසායනික පොහොර අවශ්‍යතාවය එතරම් අනවශ්‍යය. වසර දෙකක් පොහොර නොදමා තිබුණු තේ වත්තක පසේ ආම්ලිකතාවය පරීක්ෂා කිරීමේදී මේ බව සොයාගන්නට හැකි විය. අනුමාන කල තරම් පස නිසරු වී තිබුනේ නැත. කෙටියෙන් කිවහොත් කල යුතු වන්නේ තේ වතුවල ඇති [Mono crop -මොනෝ ක්‍රොප්] එක් ශාඛ වර්ගයක් යන ක්‍රමයෙන් මිදී, Multi crop හෙවත් බොහෝ ශාඛ ක්‍රමයට අනුගත වීමය.    

මේ සඳහා අවශ්‍ය වන්නේ කැප වීම සහ සම්ප්‍රදානුකූල චින්තනයෙන් මිදීම පමණි.

පරිසරය සහ මිනිස් ක්‍රියාකාරකම්, ස්වභාව ධර්මය සමඟ අනුකූලතාවයෙන් පවත්වා ගෙන යන්නට වෙර දරන, එසේම එමගින් අන් අයට ඊට අදාළ වටිනා ප්‍රායෝගික උදාහරණ පෙන්වා දෙන, ‘චරක දනන්සුරිය’ සහ ‘චන්දන ශාන්ත’ යන දිවයිනේ කොන් දෙකක සිටින මුහුණු පොත් සහෝදරයන්ගේ උදාර කාර්යයන් මෙහිදී සිහිපත් කල යුතුව ඇත. විශේෂයෙන් ගෙවතු සහ මධ්‍යම ප්‍රමාණයේ ඉඩම් වල, ‘පතස් ‘ හෙවත් කුඩා ජලාශ තනා, ප්‍රදේශයේ ජල තලය ඉහළ නැංවීමට දරණ ඔවුන්ගේ උත්සාහයන් මහත් සේ අගය කල යුතුය.

අපද ඔවුන් අනුගමනය කිරීම මැනවි.           

 

https://www.downtoearth.org.in/news/agriculture/amp/this-karnataka-farmer-hasn-t-used-fertilisers-pesticides-for-three-decades-now-57443?fbclid=IwAR2JewoFT1l45TwvFu08A2zgnLWZtyCRj2wryynFHmCxIaAc3fSrACcv7Fw

%d bloggers like this: