Menu Close

ඔලිම්පික් තරගවලිය ගැන අවසන් තීරණය මෙන්න.

ඔලිම්පික් තරඟාවලිය නතර නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියයි

ජපානයේ – ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරඟාවලිය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙම තරඟාවලිය කල් දැමීමට ඊයේ රැස්වූ ඔලිම්පික් කමිටුව තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට ඉහතදී ජපානයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඇමතිවරයෙකු සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තරඟාවලිය ටෝකියෝ හි පැවැත්වීමට නොහැකි වන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් මේ බව සඳහන් කර ඇත්තේ.

Share with Friends

%d bloggers like this: