Menu Close

එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙයි.

කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත් වුණා. ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් තරගයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න ඉන්දියාව සමත් වුණා.

ඒ වර්ෂාව නිසා තරගය අතහැර දැමීම නිසා. මේ නිසා ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් සිටි ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය පසුගිය ලෝක ශූර ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත් වීමට නියමිතයි. එම තරගයත් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුවහොත් අප්‍රිකානුවන්ට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා.

Share with Friends

%d bloggers like this: