Menu Close

උපාධිදාරී රැකියා ලබා දිය යුතුය…

මැකෝ එම රැකියා ලබා දීමට කොක්ක ඇදීම මාතලන් නම් දකින්නේ අනුවන ක්‍රියාවක් ලෙසය…

මෙම රැකියා ලබා දීම හදිසියේ කළ දෙයක් නොවේ…

එය දේශපාලනයෙන් තොර අවංක වැඩපිලිවලක් බව මුල සිටම දිස්විය….

70000 ක් පමණ ඉල්ලීම් කලද…. ඇප්ලිකේසොන් එක නියමාකාරයෙන් පුරවා ගන්න බැරි උන් මුලින්ම හැලුනි….

ඉන් පසු සම්මුඛ පරීක්ෂණවලදී තව පිරිසක් හැලිනි….

සම්මුඛ පරීක්ෂණද සිදුවූයේ මෙතෙක් කලක් පැවති මජර සාම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන් බැහැරවය….

ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාදුන්නේ පාර්ලිමේන්‍තුව විසිරීමට පෙරය….

සියල්ල විනිවිදබාවයෙන් සිඳුවූයේ කිසිඳු දේශපාලන විවේචනවලින් තොරවය….

තේරී පත්වූවන් අතර … ආන්ඩුවේ රැකියාවක් නිසා… මෙතෙක් කළ රැකියාවෙන් ඉවත් වූ අයද සිටිය හැක….

දැන් රැකියා ලැබුනාට වඩා නොලැබුනහොත්…., ඔවුන්ගේ පවුල් පිටින් ආන්ඩුවට චන්දය ලබා දෙනු ඇත….

රැකියාවක වටිනාකම දන්නේ රැකියාවක් නැති එකා හා… එක් දිනක් හෝ රැකියාව නොමැතිව උන් අය පමණි….

ආන්ඩුවේ රැකියා ලබා දීම් වලට පෞද්ගලිකව විරුද්ධ වුවද….

මෙහි කිසිම දේශපාලන අරමුනක් නොවූ බව මුල සිටම පෙනිනි…

මැකෝද…. අපද පතනා….. පොදු අරමුනක් කෙරේ වත්මන් ජනපති ගමන් කරනා බව පැහැදිලිව පෙනේ…..

එවන් අවංක පුද්ගලයකු, අවංක චේතනාවෙන් කල සද්කාර්‍යයකට, තම බලතල යොදා ගනිමින් හරස් වීම….

මැකෝ වැනි මානුෂිකත්වයට ගරු කරනා මිනිසකුගෙන් අප කිසිසේත් බලාපොරොත්තු නොවේ…..

රැකියාවක් යනූ මූලික මිනිස් අයිතිවාසිකමකි….

කෙහෙල්මල් චන්දයක් නිසා මිනිසකුගේ ආදායම් මාර්ගයක් මාස දෙකකට නවතා දමන්නේ නම්….

එය සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි යන්න මා නම් දන්නේ නැත…

මැකෝ සටන් කල යුත්තේ ජනපතිවරණයේදී, ගෙවිය යුතු මුදල් මෙතෙක් නොලැබුන උන් වෙනුවෙනි…..

%d bloggers like this: