Menu Close

අහසින් වැටෙන තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානා

turkish-combat-drone-shot-down-by-syrian-army-in-greater-idlib

සිරියානු අරාබි හමුදාව ඉඩ්ලිබ් අහසේදී වෙඩි තබා බිම හෙළු තුර්කියට අයත් තවත් බයිරක්ටර් ටීබී2 සංග්‍රාමික ඩ්‍රෝන් යානයක අවශේෂ රැගත් ඡායාරූප පෙළක් සිරියානු අරාබි පුවත් සේවය මාර්තු 4දා නිකුත් කර තිබිණි.

මෙම යානය කවදා කෙසේ බිම හෙළු එකක්ද යන වග පුවත් සේවය සඳහන් කර තිබුණේ නැත.මාර්තු තුන්වෙනිදා සිරියානු අරාබි හමුදාව කාන් අසුබුල් සහ සරාකිබ් නගරවලදී ප්‍රහාරක ඩ්‍රෝන් යානා දෙකක් බිම හෙළු බව වාර්තා විය.

Bayraktar-TB2-shot-down-in-syria

 

Bayraktar-TB2-shot-down-in-syria

බයිරක්ටර් ටීබී2 ඩ්‍රෝන් යානය 2014 වර්ෂයේදී හඳුන්වා දුන් පැය 24ක ගුවන් කාලයක් සහිත මෙහෙයුම් පරාසය කිලෝමීටර් 150කට සීමා වන එකකි.තුර්කියේ රොකෙට්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන MAM-L නම් ලේසර් නියාමක ස්මාට් බෝම්බ හතරක් මෙම ඩ්‍රෝන් යානක රැගෙන යා හැකිය.

හමුදා මූලාශ්‍රවලට අනුව මේ දක්වා සිරියානු අරාබි හමුදාව තුර්කියට අයත් ප්‍රහාරක ඩ්‍රෝන් යානා 13ක් බිම හෙළා තිබේ.ඉන් යානා 7ක් බයිරක්ටර් ටීබී2 වර්ගයටද ඉතිරි හය TAI අන්කා වර්ගයටද අයත් වේ.

ඉඩ්ලිබ් හි සටන් සඳහා ප්‍රහාරක ඩ්‍රෝන් යානා යොදා ගැනීමට තුර්කිය ගත් තීරණය ආරම්භයේදී සිරියානු අරාබි හමුදාවට විශ්මය ගෙන දුන්නේය.ඩ්‍රෝන් ප්‍රහාර නිසා ඔවුන්ට සෙබලුන් සහ යුදෝපකරණ විශාල ප්‍රමාණයක් අහිමි විය.කෙසේවෙතත්,දැන් වාතාවරණය වඩාත් යහපත් වෙමින් තිබෙන අතර,වාර්තා වන ඩ්‍රෝන් ප්‍රහාර ගණනද දිනෙන් දින අඩු වෙමින් යයි.

source:southfront.org

%d bloggers like this: