Menu Close

Skydiving තරගාවලියක් ශ්‍රී ලංකාවේදී.

දේශීය සහ විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභගිත්වයෙන් පැවැත්වෙන ගගන කිමිදුම් උළෙලක් නකල්ස් කඳුවැටියේ මාතලේ දර්ශන පථය සහ මහනුවර කැලෑබොක්ක 360 දර්ශන පථය ආශ්‍රිතව මේ මස 7, 8 සහ 9 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

‘ලංකාපුර ගගන කිමිදුම් උළෙල’ වශයෙන් නම්කර ඇති මෙම උළෙලට ජාත්‍යන්තර ගගන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට වැඩි පිරිසක් සහභාගි වීමට සූදානමින් සිටියි. හරිත සංකල්පය පදනම් කරගනිමින් පාරිසරික සංචාරක අංගයක් ලෙස ගගන කිමිදුම් ක්‍රීඩා වර්ධන කරමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් මෙම උළෙල පැවැත්වේ.

ඉදිරියේදී සෑම වසරකම පෙබරවාරි මාසයේදී මෙම ගගන කිමිදුම් ක්‍රීඩා උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, මධ්‍යම පළාත් වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මාතලේ දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

Share with Friends

%d bloggers like this: