Menu Close

සිරියානු හමුදාව දෙවන වරටත් සරාකිබ් නගරය මුදා ගනියි

syrian-army-recaptures-saraqib-from-erdogan-forces-as-syrian-turkish-conflict-in-idlib-intensifies

තුර්කිය සහ සිරියාව දැන් සිටින්නේ අප්‍රකාශිත යුද්ධයකය.නිල වශයෙන් යුද ප්‍රකාශ කිරීමට අන්කාරා රජය චකිතයකින් පසුව බව පෙනේ.එනමුත් මේ දක්වා ඔවුන් සිදු කරන මෙහෙයුම් මහා පරිමාණ විවෘත සංග්‍රාමයක ඉසව්වලට වඩා ප්‍රමාණාත්මකව පහළ මට්ටමක පවතියි.කෙසේවෙතත්,සෙබලුන්,යුද ටැංකි,කාලතුවක්කු සහිතව නීතිවිරෝධීව සිරියාවේ ඉඩ්ලිබ් පළාතට පිවිසුණ තුර්කි  හමුදාව,සිය යුදෝපකරණ අල්කයිඩාවට අනුබද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් අතට පත් කරනවාට අමතරව සිරියානු හමුදාවට පහරදීම සඳහා සිය සෙබලුන් එම ත්‍රස්තවාදීන් සමග යුද පෙරමුණටද යවමින් සිටියි.

මෙම ක්‍රියාවන් ආත්මාරක්ෂාව වෙනුවෙන් ගත් ප්‍රයත්නයන්  යැයි කීමට තරම් තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් සාහසික විය.ඔවුන් පවසන පරිදි ඉඩ්ලිබ් හි තුර්කි හමුදාව සිදුකරමින් සිටින්නේ ස්ප්‍රින් ෂීල්ඩ් නම් මෙහෙයුමයි.අමාත්‍යවරයාට අනුව පෙබරවාරි 27දා තුර්කි සෙබලුන්ට එල්ල වූ සිරියානු ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ආරම්භ කල මෙම මෙහෙයුම මේ වෙද්දී සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ.ගුවන් ප්‍රහාරවලින් මිය ගියේ අල්කයිඩා ත්‍රස්තවාදීන් සමග එක්ව සිරියානු රජයේ හමුදාවන්ට පහරදෙමින් සිටි තුර්කි සෙබලුන් යන වග සිහිපත් කිරීමට ඔහුට අමතකව විය.මෙවැනි ප්‍රකාශ සම්බන්ධව පුදුම විය යුතු නැත.මන්ද මීට ඉහතදී තුර්කි ජනපති එර්ඩොගන් පැවසුවේ,තුර්කි හමුදාව සිරියාවට ඇතුල් වූයේ “සිරියානු ජනතාවගේ” ඉල්ලීමක් අනුව බවයි.බැලූ බැල්මය ඔහුට කීමට අවශ්‍යව තිබුණේ අල්කයිඩාව යන්න වුවත්,සිරියාවේ සිටින සන්නද්ධ කණ්ඩායම් සියල්ලේ නම් ප්‍රකාශ කරන්නට කෙසේද යන්න ඔහුට අමතක වූයේය.

 මාර්තු මස පළමුවෙනිදා සිරියානු රජයට පක්ෂපාතී සටන්කරුවන් පිරිසක් සරාකිබ් නගරය ආසන්නයේදී තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් පිරිසකට රැක සිට ප්‍රහාරයක් එල්ල කලහ.එහිදී සටන්කාමීන් 14ක් මියගොස් තිබේ.එම ගැටුමේදී සටන්කාමීන්ගේ සහායට පැමිණි ටී-55 යුද ටැංකියද සිරියානු රජයට පක්ෂපාතී සටන්කරුවන් අතට පත් විය.

මෙම වීඩියෝවේ සංවේදී දර්ශන සහිතය.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අනුබද්ධ සිරියානු ප්‍රතිරෝධය නමින් හඳුන්වන සිරියානු සටන්කරුවන් කණ්ඩායමක් මෙම සාර්ථක ප්‍රහාරය දියත් කලහ.මොවුන් උතුරු ඇලෙපෝහි නුබ්ල් සහ අල්-සාරා යන ෂියා මුස්ලීම් නගරවලින් පැමිණි සටන්කරුවන්ය.

මෙම සතියේ මුලදී තුර්කි ඩ්‍රෝන් ප්‍රහාර නිසා දකුණු ඉඩ්ලිබ් හි හිස්බුල්ලා සාමාජිකයෝ නවදෙනෙක් මිය ගියහ.ඊට පලිගැනීමක් වශයෙන් ප්‍රහාරය එල්ල කර තිබේ.තම සටන්කරුවන්ට පහරදීමෙන් වළකින්න යැ‍යි සිරියාවේ සිටින ඉරානීය හමුදා ප්‍රකාශයක්ද නිකුත් කර තිබිණි.සරාකිබ් නගරය නැවත අල්ලා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන ප්‍රොක්සි හමුදා කණ්ඩායම්ද එක්ව සිටියහ.

එබැවින්,තුර්කියේ නිල ප්‍රචාරණ යාන්ත්‍රණය පවසන්නේ,ඉඩ්ලිබ් හි තුර්කි හමුදා මැදිහත්වීම ආරම්භ වන්නේ පෙබරවාරි 27දා පටන් කියාය.යථාර්තය වනුයේ තුර්කිය ප්‍රමුඛ හමුදා සහ සිරියානු රජයේ හමුදා අතර ගැටුම් පෙබරවාරි 24දා පටන් සිදුවන බවයි.පෙබරවාරි 24ත් මාර්තු 1දා අතර කාලයේදී තුර්කි හමුදාව සහ අන්තවාදී සටන්කාමීන් නයිරාබ් ගම්මානය,සරාකිබ් නගරය අල්ලා ගැනීමටත්,කැෆ්ර් නබුල් ආසන්නයේ ගම්මාන කිහිපයක් අල්ලාගෙන ඒ දෙසින් සිරියානු රජයේ හමුදා ඉදිරියට ඇදීම නවතාලීමටත් සමත් වූහ.කෙසේවෙතත්,ඉන් එහා බිම් මට්ටමේ සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නට ඔවුන්ට හැකි වූයේ නැත.

සටන්කාමීන් දකුණු ඉඩ්ලිබ් හි මෙහෙයුම් සිදු කරන අයුරු

 

 

මාර්තු පළමුවෙනිදා තුර්කි ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව,තුර්කි හමුදා ඩ්‍රෝන් යානයක්,හෙලිකොප්ටර් 8ක්,යුද ටැංකි 103ක්,සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 19ක්,කාලතුවක්කු සහ රොකට් විදින 72ක්,ගුවන් ආරක්ෂක පද්ධති තුනක්,යුද ටැංකි නාශක අවි සහ මෝටාර් අවි 15ක්,සන්නද්ධ රථ 56ක්,අවි ගබඩා 9ක් විනාශ කර සිරියානු සෙබලුන් 2,200 මරා දමා තිබේ.එදින පස්වරුවේ තුර්කි අමාත්‍යාංශය සඳහන් කල පරිදි තුර්කිය සුකොයි-24 යුද ගුවන් යානා දෙකක් බිම හෙළා(සිරියානු හමුදාව පසුව තහවුරු කලේය) ගුවන් ආරක්ෂක පද්ධති 3ක්ද විනාශ කරන්නට සමත් වූයේය.සිරියානු සුකොයි-24 යානය විනාශ කලේ,එම යානය තුර්කි ගුවන් යානයකට පහරදීමට උත්සාහ දැරීම නිසා යැ‍යි තුර්කි පාර්ශ්වය පැවසීය(එනමුත් සුකොයි-24 යනු පාබල හමුදාවන්ට සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබා දෙන ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානයකි.එය සතුරු ගුවන් යානා සමග ගුවන් සටන් සඳහා නිර්මාණය කල එකක් නොවේ).

තුර්කි ප්‍රහාරයකින් කඩා වැටෙන සිරියානු යුද ගුවන් යානයක්

මාර්තු මස පළමුවෙනිදා දකුණු ඉඩ්ලිබ් හි මරාට් හර්මා නගරය ආසන්නයේදී සිරියානු අරාබි හමුදාවේ රථ පෙළක් තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරවලට ගොදුරු විය.

ප්‍රහාර සිදු කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කර තිබේ.වීඩියෝවේ දැක්වෙන පරිදි යුද ටැංකියක් සහ පාබල හමුදා ප්‍රහාරක රථයක් ඇතුලුව වාහන හතර ප්‍රහාර හමුවේ විනාශ වේ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් තුර්කි ප්‍රචාරණ යාන්ත්‍රණයේ ආයාසය කොතරම් විශාලද,කුමන ආකාරයේ එකක්ද යන්න ඉහත ප්‍රලාප වලින් පැහැදිලි වේ.එහිදී තුර්කි රජය පෙබරවාරි 27දා සමාජ ජාල අවහිර කරන්නේ ඉඩ්ලිබ් හි සිය හමුදාවලට සිදුවන හානි තුර්කි ජනතාවගෙන් වසන් කිරීමේ අරමුණින්ය.මෙම උත්සාහයේ දී විනාශ වූ තුර්කි යුදෝපකරණවල ඡායාරූප ට්විටර් සහ ෆේස්බුක් යන සමාජ ජාලා වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට බල කරන්නටද උත්සාහ කලේය.ඊට අමතරව ඉඩ්ලිබ් හි වාතාවරණය “වැරදි අයුරින් වාර්තා කලේ” යැයි කියමින් තුර්කියේ පිහිටි රුසියානු ස්පුට්නික් පුවත් සේවයේ ශාඛාවේ පිරිස් ආරක්ෂ අංශ භාරයට ගන්නටද තුර්කිය ක්‍රියා කලේය.සටන්වලදී ජීවග්‍රහණයෙන් අල්ලා ගත් සිරියානු සෙබලුන්ට තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් වද බන්ධන පමුණුවන වීඩියෝපට සහ ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අවධානයට ලක් නොවන බව පෙනේ.තුර්කි මූලාශ්‍රවලට අනුව ඒවා අසත්‍ය පුවත්ය.


ඇලපෝ නගරයට පිටතින් පිහිටා ඇති අල්-නයිරාබ් හමුදා ගුවන් තොටුපොලට තුර්කිය කාලතුවක්කු සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කලේ යැ‍යි තුර්කි රජයේ මාධ්‍ය වාර්තා කලේය.

මෙම ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් සිරියානු හමුදාවේ නිවේදනය කලේ ඉඩ්ලිබ් අහසේ පියාසර කරන සතුරු ගුවන් යානා බිම හෙළන බවයි.මෙම පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරමින් සිරියානු ගුවන් ආරක්ෂක බලකා තුර්කි ඩ්‍රෝන් යානා දඩයම් කිරීම ආරම්භ කලහ.රුසියානු මාධ්‍යවලට අනුව සිරියානුවන් අවම වශයෙන් තුර්කි ඩ්‍රෝන් යානා 6ක් වත් බිම හෙළා තිබේ.කෙසේවෙතත්,මේ දක්වා එම ප්‍රකාශ සනාථ කිරිමට ලැබී තිබෙන එකදු සාක්ෂිය වන්නේ බිම හෙළු ‘අන්කා’ ඩ්‍රෝන් යානයක දර්ශන පමණි.බිම හෙළු මේ ඩ්‍රෝන් යානයේ වීඩියෝ පටය මුලින්ම අන්තර්ජාලයේ දැකගන්නට ලැබුණු විට තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් එහි වගකීම ගනිමින් පැවසුවේ තමන් සිරියානු යුද ගුවන් යානයක් බිම හෙළා ඇති බවයි.පසුව ඔවුන්ට එම කතන්දරය වෙනස් කර ගන්නට සිදුවිය.

තුර්කි ඩ්‍රෝන් යානයක් වෙඩි තබා බිම හෙළු අයුරු
සිරියානු ගුවන් යානය යැ‍යි සිතා, බිම හෙළු තුර්කි අන්කා-එස් ප්‍රහාරක ඩ්‍රෝන් යානයක සූන්බුන් දැක ප්‍රීතියට පත් තුර්කි-ප්‍රොක්සි හමුදා සටන්කාමීන්

මාර්තු පළමුවෙනිදා සිරියානු හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය නයිරාබ් හි තුර්කි ප්‍රොක්සි හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කලහ.එදින හවස් යාමය වෙද්දී ඔවුන්ට කැෆ් ර් බටික්,ඩඩික්,සැන් සහ ජෝබස් යන ප්‍රදේශ අත්පත් කරගන්නට හැකි විය.ඔවුන් තුර්කි ප්‍රොක්සි හමුදා නැගෙනහිර සරාකිබ් දෙසින් පසුබැස්සවීය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව අවම වශයෙන් සටන්කාමීන් 300වත් මෙම ප්‍රදේශයේ සටන්වලින් පමණක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇත.මෙම සංඛ්‍යාලේඛන මෙන්ම තුර්කියේ වාර්තාවන්ද අධිතක්සේරුවෙන් යුතුව ඉදිරිපත් කරන බව පෙනේ.

සරාකිබ් නගරය නැවත අල්ලා ගැනීමේ මෙහෙයුම -රාත්‍රි කාලයේ මෙහෙයුම ක්‍රියාත්මක වූ අයුරු
සරාකිබ් නගරය මුදා ගැනීමේ සටනේ තවත් දර්ශන

මාර්තු 2දා ප්‍රබල තුර්කි හමුදාව සහ එහි අල්කයිඩා මිතුරන් පසුබැසීමෙන් පසුව සරාකිබ් නගරයේ පූර්ණ පාලනය සියතට ගන්නට 25 වන විශේෂ බලකා සේනාංකය(ටයිගර් බලකා) සමත් වූයේය.

පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බලද්දී පෙනී යන කරුණක් වන්නේ,තුර්කිය සිය සෙබලුන් සෘජු සටනක් සඳහා යෙදවීමෙන් වැළකී සිටින තාක්,සිරියානු හමුදාවට විනාශකාරී පහරක් දෙන්නට හෝ ඔවුන්ගේ නායකයා අවධාරණය කල අරමුණ(2018 ඔක්තෝම්බර් මාසයේ පටන් සිරියානු හමුදාව අල්කයිඩාවෙන් මුදා ගත් සියලු ප්‍රදේශවලින් සිරියානු සෙබලුන් පසුබැසිය යුතුය යන්න තුර්කි නායකයාගේ අවසන් නිවේදනයයි) මුදුන්පත් කර ගන්නට තුර්කි ප්‍රොක්සි හමුදා අසමත් වනු ඇති බවයි.

Syrian-war-map-2020-03-02

ඉඩ්ලිබ් හි වාතාවරණය සම්බන්ධව කතිකා කිරීම සඳහා තුර්කි සහ රුසියා ජනපතිවරුන් මාර්තු 5දා හමුවීමට නියමිතය.තුර්කිය උත්සාහ දරමින් සිටින්නේ ඊට මත්තෙන් හැකි තරම් හානියක් සිරියානු හමුදාවට සිදු කර සිය ස්ථාවරය ශ්ක්තිමත් කර ගැනීමයි.

ඊට සමගාමීව සිරියානු සරණාගතයෝ යුරෝපයට යැවීමෙන් සහ අලුත් සරණාගත අර්බුදයක් ඇති කිරීමෙන් යුරෝපා රටවල් පීඩනයට ලක් කර යුරෝපා සංගමයේ සහාය ලබාගන්නට තුර්කිය උත්සාහ කරමින් සිටියි.

source:southfront.org

%d bloggers like this: