Menu Close

    ලණු කැපීමේ ගැටළුව.

                                          36526516580_e48ce2def6_bලණු දීමට වඩා, ලණු කැපීම වෙනස්ය. මෙය ලණු කැපීම පිළිබඳවය.

පල්ලියක එක අසළ පිහිටි ඉතා උස කුළුණු දෙකක සීනු දෙකක් ඇත. ඒ අතර දුර කෙනෙක්ට ඇති ඇල්ලිය තරමේ දුරකි. ඒ සීනු වලට සම්බන්ද කර ඇති ලණු  දෙකක් පොලවට ගෑවෙන සේ ඇත. මේ සීනුවලට එල්ලා ඇති වටිනා ලණු දෙක කැපීමට පට්ට හොරෙක් උත්සාහ කරයි. ඔහු ලණු දිගේ ඉහළට බඩගා යාමේ දක්ෂයෙකි. මේ උසින් කාලක් පමණ උසකින් පහළට පැනීම කලහොත් හොරාගේ ජීවිතය නැති වේ. ජීවිතයට අනතුරක් නොවී ඔහුට ලණු කැපිය හැකි වැඩිම දිග කුමක්ද ?

තියුණු පිහියක් හැර වෙන දෙයක් ඔහුට නැත. මේ ගැටළුව සඳහා ඩ්රෝන භාවිතා කිරීම, කෙකි හෝ පලංචි භාවිතය වැනි දේ කල නොහැක. වෙන කෙනෙක්ගේ සහායයක්ද නැත. ඝන්ටාර සද්ද වුනා කියා අවුලක් නැත.  ලණු දෙක ඕනෑම තැනකින් කැපිය හැකි අතර, ඒවා ගැට ගැසීම වැනි දේ කල හැක. ලණු එක අසල ඇති නිසා, ලණුවෙන් ලණුවට මාරු වීමද හොරාට කල හැක. ඔබේ පිළිතුර ප්‍රායෝගික විය යුතුය.

හෙට දින පිළිතුර බලන්න. උත්තරය දැනටමත් කියවා ඇති අය නිශ්ශබ්ද ව සිටින්නේ නම් මැනවි. … “අපි ඕක දැනන් හිටියා”… සේ හෙට කියන අය, ඒ බව සනාථ කිරීමට උත්තරය අද මැසේජ් කරන්න. 🙂 … ඒ අයට කහනවා, කහනවා වගේ අදහසක් එනවා නම්, දෙවන ගැටළුවට උත්තරය කියන්න. එනම් ලණු උඩින්ම කැපූ සීනු දෙකේ අලුත් ලණු සම්බන්ද කරන්නේ කෙසේද ?

සටහන:- මෙය කරන ආකාරය පාර්ලිමේන්තුවේ අයගෙන් ඇසීම තහනම්ය. තවද පාර්ලිමේන්තුවේ අයට මීට පිළිතුරු දීමද තහනම්ය. ඒ අය මේවා කරන ආකාරය දනී.

%d bloggers like this: