Menu Close

පළමු T20 තරගයෙන් කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පළමු T20 තරගයෙන් ලකුණු 25 ක ජයක් ලබා ගන්න කොදෙව්වන් සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා. Simmons නොදැවී ලකුණු 67 යි. Russell 6 පහර 4 ක් සහ 4 පහර 2 ක් සමඟින් වේගවත් ලකුණු 35 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 පන්දුවාර 5 කදී ලකුණු 50 ක් තුල බිඳ වැටුණා. එම කඩුලු 5 ම Oshane Thomas ලබා ගැනීම විශේෂත්වයක්.

ඉන් පසු පිටියේ එකතු වුන කුසල් ජනිත් සහ වනිඳු හසරංග ශ්‍රී ලංකා පිල ඉහලට ඔසවා තැබුවා. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල සඳහා ලකුණු 87 ක සබඳතාවක් ගොඩ නැගුවා. වනිඳු ලකුණු 44 යි. කුසල් ජනිත් ලකුණු 66 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා.

පන්දු වාර 19.1 කදී ශ්‍රී ලංකා පිලේ සියුම දෙනා ලකුණු 171 කට දැවී ගියා. තරයේ වීරයා Oshane Thomas.

Share with Friends

%d bloggers like this: