Menu Close

තුර්කිය ප්‍රමුඛ හමුදා සරාකිබ් නගරය අල්ලා ගැනීමට දැරූ තවත් උත්සාහයක් විනාශයකින් කෙළවර වේ

another-turkish-led-attack-on-saraqib-ends-with-disaster

මාර්තු 4දා නැගෙනහිර ඉඩ්ලිබ් හි සරාකිබ් නගරයට එල්ල වූ තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ගේ තවත් ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් වූහ.

ප්‍රහාරය දියත් කරනු ලැබුවේ උදෑසන කාලයේදීය.අල්කයිඩාවට අනුබද්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් සහ විමුක්තිය සඳහා ජාතික පෙරමුණ නම් තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානය ප්‍රහාරය සඳහා මූලිකත්වය ගත්හ.සුපුරුදු පරිදි තුර්කි හමුදාව කාලතුවක්කු සහ රොකට් ප්‍රහාර මගින් සටන්කාමීන්ට සහාය ලබා දුන්නේය.

තුර්කි හමුදාවේ සහාය ලැබුණද සටන්කාමීන්ට සරාකිබ් නගරයට පිවිසීමට ඉඩ නොලැබුණි.සිරියානු අරාබි හමුදාවේ 25 වන විශේෂ බලකා සේනාංකය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සටන්කරුවන් ප්‍රහාරය ව්‍යර්ථ කරනු ලැබුවේ නගරයේ පිටත මායිමේ සිටය.සිරියානු අරාබි ගුවන් හමුදාව සහ රුසියානු ගුවන් හමුදාව නගරයේ ආරක්ෂකයන්ට සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබා දුන්හ.

මෙම ප්‍රහාරයට සහාය දක්වන්නට තුර්කි ඩ්‍රෝන් යානාවලට නොහැකි විය.කෙසේවෙතත්,තුර්කි ගුවන් හමුදාව නගරය ආසන්නයේදී සිරියානු යුද ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළන්නට දැරූ උත්සාහයක් අසාර්ථක විය.

මුල් වාර්තාවලට අනුව තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාරයේදී බරපතල හානි වලට මුහුණ දුන් බව වාර්තාවේ.සමහරක් රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි නගරය අවට ප්‍රදේශයේදී සටන්කාමීන් 150ක් දක්වා මරා දමා තිබේ.

ඊට පෙර දිනයේදී තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් සරාකිබ් අවට රසායනික අවි ප්‍රහාරයක් දියත් කර නාටකයක් නිර්මාණය කිරීමට දැරූ උත්සාහයක් වැරදී ගොස් ඔවුන්ම එහි වින්දිතයන්ට බවට පත් වූ බවද වාර්තාවේ.

තුර්කිය ප්‍රමුඛ හමුදා නැවතත් සරාකිබ් නගරය අල්ලා ගැනීමට උත්සාහ කලේ නගරය තුල රුසියානු හමුදා පොලිසියේ ඒකක යොදවා සිටියදී වීම විශේෂත්වයකි.

ඔවුන් දිගින් දිගටම සරාකිබ් නගරය ඉලක්ක කර පහර දෙන්නේ එම නගරය එම්5 හෙවත් ඩැමැස්කස්-ඇලෙපෝ මහා මාර්ගයේ පිහිටි උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් වන නිසාය..මහා මාර්ගය වැටී තිබෙන්නේ නගරය මැදින්ය.සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් නගරය සටන්කාමීන් අතට පත් වීමට යළිත් නොදේවි.එනමුත් සිරියානු හමුදාවේ හොඳම සටන්කරුවන් සහිත ඒකක නගරයෙන් බැහැරව ගිය හොත් පෙර පරිදිම එය සටන්කාමීන් අතට පත් වීමේ අවදානමක් තිබේ.

source:southfront.org

%d bloggers like this: