Menu Close

ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දමිමේ සූදානමක්.

ජපානයේ ඔලිම්පික් ඇමතිවරයා පවසන්නේ ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල ගිම්හානයේ සිට වසර අග දක්වා කල් දැමිය හැකි බවයි.

ජපානයේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සයිකෝ හෂිමොටෝ කියා සිටියේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සමඟ ඇතුලත් වූ ටෝකියෝ ගිවිසුම අනුව 2020 ඇතුළත ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිතයි. සත්කාරක ගිවිසුම යටතේ ක්‍රීඩා අවලංගු කිරීමේ අයිතිය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සතුව තිබෙනවා.

IOC සභාපති තෝමස් බැච් පවසන්නේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය පිළිබඳව තම සංවිධානය “දැඩි විශ්වාසයකින්” සිටින බවයි.

Share with Friends

%d bloggers like this: