Menu Close

“ලංකාවේදී කාටවත් අතට අත දෙන්නේ නෑ.” – එංගලන්ත නායකයා කියයි.

ශ්‍රී ලංකා තරග සංචාරය තුලදී සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිවෙකුට හෝ අතට අතදී සුබ නොපතන බවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ප්‍රකාශ කර සිටිනවා.

ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි එංගලන්ත නායකයා සඳහන් කර සිටින්නේ.

ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

” දකුණු අප්‍රිකානු සංචාරයේදී අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් උණ සහ උදරය ආශ්‍රිත රෝගාබාධ වලට ගොදුරුවුනා. ඒ හේතුවෙන් අපි තීරණය කළා ශාරිරිකව අන් අයවලුන් සමග සම්බන්ධ වීම් හැකිතාක් අවම කරන්න” රූට් සඳහන් කර සිටිය බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටියේ.

Share with Friends

%d bloggers like this: