Menu Close

රුසියාව සිව්වන යුද නෞකාවත් සිරියාවට එවයි

russia-sends-4th-warship-to-syria-amid-turkey-tensions

වයඹදිග සිරියාව මුල් කරගෙන තුර්කියත් සමග සිරියාව යුද්ධයක පැටලී තිබෙන මොහොතේ සිව්වන යුද නෞකාවත් සිරියානු වෙළර තීරය ආසන්නයට එවන්නට රුසියානු නාවික හමුදාව කටයුතු කර තිබේ.

නොවොචර්කස්ක් නම් විශාල ප්‍රමාණයේ ගොඩබෑමේ නෞකාව තුර්කියේ බොස්ප්‍රෙස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන අයුරු එරට ආධුනික නෞකා නිරීක්ෂකයෙක් විසින් ඡායාරූප ගත කර ට්විටර් සමාජ ජාලයේ පළ කර තිබුණේ මාර්තු දෙවනදාය.මීට ඉහත දී කැලිබර් කෲස් මිසයිල වලින් සන්නද්ධ රුසියානු යුද නෞකා දෙකක් සිරියානු වෙරළ දෙසට යාත්‍රා කල බවද වාර්තා පළවිය.ෆ්‍රිගෙට් වර්ගයේ තුන්වන යුද නෞකාව මධ්‍යධරණී මුහුදේ රැඳී සිටින්නේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ පටන්ය.

නොවොචර්කස්ක් නෞකාව බොස්ප්‍රෙස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන අයුරු

Novocherkassk-landing ship

Novocherkassk-landing ship

Novocherkassk-landing ship

පසුගිය දින කිහිපය තුල තුර්කිය සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමට වෙන කවරදාටත් වඩා සමීප විය.

රුසියානු සහාය හිමි සිරියානු රජයේ හමුදාවන්ට එරෙහිව අන්කාරා රජය පසුගිය සතියේදී ඉඩ්ලිබ් පළාතේදී යුද ප්‍රකාශ කරන්නේ සටන්කාමීන්ගේ බලකොටුවක් නැවත ලබා ගැනීම සඳහාය.සිරියානු රජයේ හමුදා එල්ල කල ගුවන් ප්‍රහාරවලින් පෙබරවාරි 27දා තුර්කි සෙබලුන් 33ක් මිය ගියේ යැ‍යි තුර්කිය පැවසීය.ඒත් සමග පෙබරවාරි මාසය තුල ඉඩ්ලිබ් හිදී තුර්කිය අහිමි වූ සෙබලුන් ගණන 54 දක්වා ඉහළ ගියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් සිරියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා දෙකක් බිම හෙළා හමුදා ගුවන් තොටුපොලකටද තුර්කිය ප්‍රහාර එල්ල කලේය.මාර්තු 3දා තවත් යුද ගුවන් යානයක් බිම හෙළු බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.

මෙම බරපතල තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් යුතුව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන් සහ තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් එළඹෙන මාර්තු 5දා හමුවීමට නියමිතය.

පසුගිය මාස කිහිපයේදී රුසියාව සහ සිරියාව ටාර්ටස් වරාය ආශ්‍රිතව නාවික හමුදා අභ්‍යාස ගණනාවක් සිදු කලහ.රුසියාව මෙම වරාය යුදමය පහසුකමක් වශයෙන් භාවිතා කරන්නේ 1971 වර්ෂයේ පටන්ය.2092 වර්ෂය දක්වා එය භාවිතා කිරීම සඳහා දෙරට අතර එකඟතාවයක් ඇති  කරගෙන තිබේ.

source:themoscowtimes.com

%d bloggers like this: