Menu Close

පාසල් ඔරු පැදීමේ තරගාවලිය අද සිට.

ශ්‍රී ලංකා පාසල් ඔරු පැදීමේ සංගමය 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් ඔරු පැදීමේ තරගාවලිය අද (3 වැනිදා) සිට 5 වැනිදා දක්වා කොළඹ ඔරු පැදීමේ සමාජයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අවුරුදු 13න්, 14න්, 16න්, 18න් සහ 20 පහළ ආදී වයස් කාණ්ඩ 5ක් යටතේ තරග පැවැත්වේ. ඒ සඳහා ඒකල, යුගල, සිව් පුද්ගල ආදී වශයෙන් තරග පැවැත්වෙනු ඇත.

පාසල් ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා දක්වන ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට රැගෙන ඒමේ අරමුණින් පවත්වනු ලබන මෙම තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබයි.

Share with Friends

%d bloggers like this: