Menu Close

ඝානාවෙි කුණු කන්දකින් අවසන්වන බ්‍රිතාන්‍ය විලාසිතා වෙළදපොල

ඔබ පුදුමයට පත් කරන සත්‍යයක් නම් පාවිච්චිකල හෝ යල්පැනගිය ඇඳුම්වලට විශාල, ‘සැඟවුණු’ ජාත්‍යන්තර වෙළඳාමක් තිබෙන බවය. ඇඳුම් එකතු කරන පුණ්‍යායතන මෙන්ම වාණිජ ක්‍රියාකරුවන් ද ලෝක පරිත්‍යාග නොමිලේ ලබා දෙනවාට වඩා අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වෙළෙන්දන්ට ඒවා විකුණා දමන බව අවධාරණය කිරීම වැදගත් ය.

අප්‍රිකානු රටවල් කාර්මිකරණය වේගවත් කිරීම සඳහා යටත් විජිතවාදය අවසන් වීමෙන් පසු දේශීය වෙළඳපොලවලට සේවය කිරීම සඳහා ඇඳුම් කර්මාන්තශාලා පිහිටුවන ලදී. එහෙත් ඔවුන්ගේ ආසියානු සගයන් මෙන් නොව අප්‍රිකානු නායකයින්ට ඔවුන්ගේ ළදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. එහෙයින් ඔවුහු පාවිච්චිකල හො යල්පැනගිය ඇදුම් යුරෝපයෙන් ආනයනය කිරීමට පටන්ගත්හ. එහි ප්‍රතිවිපාක අද ඝානාව විදිමින් සිටි.

ඝානාවෙි ප්‍රධාන නගරය වන අක්‍රාවට නුදුරින් අඩි 30 ක් උසැති කුණුකන්දක් නිර්මානය වී තිබෙි. ඒ කුණු කන්ද සැදී ඇත්තේ බ්‍රිතානයෙන් පටවන ලද පාවිච්චිකල ඔවුනගේ ඇදුම්වලිනි. ඒ හැම ඇදුමකම බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විලාසිතා සමාගමක් වන H&M and M&S සන්නාමය තිබෙි. මෙයට ප්‍රධාන ‍‍හේතුව බ්‍රිතාන්‍යයේ විලාසිතාවන්ගේ වෙිගවත් වෙනස් වීමයි. මාසයකින් දෙකකින් එක් විලාසිතාවක් වෙළදපොලෙන් ඉවත්වනවිට එකී විලාසිතාව නිෂ්පාදිත සමාගම හෝ ආයතනයට ඒවා මතින් තවදුරටත් වෙළදපොල ඡයගත නොහැකිවනවිට එකී අතිරික්තය අප්‍රිකා මහද්වීපයට පටවනු ලබයි. ඉනුත් ඝාණාව ප්‍රධානය.

ඒවා දෙවන පෙළ අලෙවිකරුවන් හරහා විදේශයන් වෙත යවනු ලබන අතර බොහෝ අවස්ථාවල විකුණාගත නොහැකිව කුණුගොඩවල් නිර්මාණය කරයි. සෑම සතියකම බ්‍රිතාන්‍යයෙන් මෙම ඇඳුම් මිලියන 15 ක් පමණ ඝානාවෙි අක්‍රා වෙත පැමිණේ. බොහෝ දුරට එක්සත් රාජධානිය මෙිවා කිලෝග්‍රෑම් 50-100 අතර බරකින් යුත් බේල් වල පුරවා ඝානාවට නැව් මගින් ප්‍රවාහනය කර කිලෝ 100 ක එක බෙිල්එකක් ඩොලර් 80 ත් 150 ත් අතර මිලකට විකුණනයි. සමහර පාවිච්චිකල රෙදි තොග අක්‍රා වෙත පැමිනෙන්නේ පුන්‍යාතන හරහාය. 2011 දී බ්‍රිතාන්‍ය හෘද පදනම විසින් සොයා ගනු ලැබුවේ පුණ්‍යාතනවලට පරිත්‍යාග කරන ලද ඇදුම්වලන් 30% ක් පමණ සාප්පු වලින් අවසන් වීමට අවස්ථාවක් ඇති බවයි. එක්සත් රාජධානියේ විකිණීමට නොහැකි ඇදුම් පරිත්‍යාග ලෙස අප්‍රිකාවේ හෝ ආසියාවේ රටවලට දුන්නද ඒවා බොහෝවිට අවසන් වෙළදපොලකිනි.

එක්සත් රාජධානිය තම යල් පැනගිය හෝ පාවිච්චිකල ඇදුම් සදහා මෙම බටහිර අප්‍රිකානු රට අඩ සියවසකට වැඩි කාලයක් සිය වෙළදපොල කරගෙන තිබූ අතර ඝානාව දැන් එය හමාරකරමින් සිටි. ලොව විශාලතම දෙවන ඇඟලුම් වෙළඳපොලක් වන ඝානාවෙි කන්තමන්තෝ වල ඒවා දැන් විකිනීම කළ නොහැකි ය. දිරාපත්වී ගදගහන මෙි රෙදි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේදයක් නොමැතිව රට තුළට ආනයනය කරන ලද ඇඳුම් වලින් 40% ක් පමණ අවසන් වන්නේ ගොඩබෑමේ ස්ථානවල ය. මෙම ගොඩබෑමෙි ස්ථානවලදී දිනකට ටොන් 50 කට වඩා ඉවතලනු ලබන අතර, බොහෝ රෙදිතොග වෙරළ තීරය හරහා මුහුදට යන ආකාරය සොයා ගනී. ගොඩබෑමේ ස්ථානවල සහ මුහුදේ ගිලීයමින් නයිලෝන් කෙදි ඒවා දිරාපත් නොවීම ඉතිරි කරන තබන අතර, ඉන් පරිසරයට විෂ ද්‍රව්‍ය මුසුකරමින් තිබෙි.

ඝානාව බ්‍රිතාන්‍යන් පාවිච්චිකල ඇදුම් මිලට ගැනීමෙිදී මහඡනතාවට පිලිකුල දැනවීම සදහා කත්මන්තෝ ඇදුම් වෙළදපොලේ පිවිසුම් දෙරටුවෙි මෙවැනි පුවරු සවිකර ඇත.
‘‘මෙිවා මියගිය සුදු මිනිසාගේ ඇඳුම්ය”

%d bloggers like this: