Menu Close

ඉඩ්ලිබ් හි සිරියා-තුර්කි යුද්ධය:2020 පෙබරවාරි 24-28

syrian-army-offensive-in-greater-idlib-results-of-february-24-28-2020

පෙබරවාරි 24දායි ආරම්භ වූ සතිය තුර්කි රජයට සහ අල්කයිඩාවට සම්බන්ධ එහි ප්‍රොක්සි හමුදාවන්ට රිදී එළියක් සේම අෂාඩ්ගේ හමුදාවන්ට අදුරු කාල සීමාවක්ද විය.2019 දෙසැම්බර් 19දා සිට සිරියානු රජයේ හමුදාව දළවශයෙන් ඉඩ්ලිබ් සහ ඇලෙපෝ පළාත්වලින් වර්ග කිලෝමීටර් 2,400ක භූමි ප්‍රමාණයක් සටන්කාමීන්ගෙන් මුදා ගන්නට සමත් වූහ.එහිදී ඔවුන් තුර්කිය ප්‍රමුඛ හමුදාවල ප්‍රතිප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කල අතර තුර්කි හමුදාවට වේදනාත්මක පහර කිහිපයක්ද ලබා දුන්නෝය.කෙසේවෙතත් 2020 පෙබරවාරි මාසය අවසන් වෙද්දී තුර්කි හමුදාවට ඔවුන්ගේ උත්සාහයන්හි අවසන් ප්‍රතිඵල දැකගන්නට ලැබුණි.ඔවුන් ලබා ගත් ජයග්‍රහණ වැදගත් ඒවා විය.

පෙබරවාරියේ අවසන් සතිය ආරම්භයත් සමග සිරියානු හමුදාව ඉඩ්ලිබ් නගරයට නැගෙනහිර දෙසින් කරමින් සිටි මෙහෙයුම නවතා දමා,ඔවුන් සතු වඩාත් හොඳින්ම පුහුණුව ලැබූ,ධෛර්යමත්ව සහ දක්ෂතම හමුදා ඒකක ඉඩ්ලිබ් පළාතේ දකුණු කොටසට යැවීය.25 වන විශේෂ බලකා සේනාංකයේ/ටයිගර් බලකා සහ 4 වන සන්නාහ සන්නද්ධ සේනාංකයේ සෙබලුන් සහ යුදෝපකරණ,එම්4 මහා මාර්ගයේ දකුණු දෙසින් තිබෙන නෙරුවක හැඩැති සටන්කාමීන්ගේ බිම් කඩ අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවිණි.මෙමගින් සරාකිබ් නගරය ආසන්නයේ හමුදාවේ ආරක්ෂක සංවිධාන දුර්වල කල අතර තුර්කිය ප්‍රමුඛ හමුදා වහාම එහි වාසිය සියතට ගත්හ.

පෙබරවාරි 24දා හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් තුර්කි හමුදාවේ කාලතුවක්කු,ඩ්‍රෝන් යානා සහ විශේෂ බලකා හි සෘජු සහාය ඇතිව නයිරාබ් ගම්මානයට ප්‍රහාරයක් එල්ල කලහ.ඒ සඳහා ඔවුන් දුසිමක් පමණ යුද ටැංකි සහ තුර්කිය ලබා දුන් සන්නද්ධ රථ යොදා ගත්තෝය.එදිනම නයිරාබ් ගම්මානයට ඇතුල්වන්නට ඔවුන් සමත් වූ අතර පෙබරවාරි 25දා වෙද්දී ගම්මානයේ සම්පූර්ණ පාලනය සියතට ගත්හ.පසුබැස ගිය සිරියානු රජයේ හමුදා දමා ගිය යුද ටැංකි දෙකක්,පාබල හමුදා ප්‍රහාරක රථ හතරක්,ෂිල්කා ස්වයං-ප්‍රචාලන අවිය,GAZ ට්‍රක් රථයක්,මි.මී. 23 අවියක් සවි කල ට්‍රක් රථයක්,බුල්ඩෝසර් දෙකක් සහ කොන්කෘස් වර්ගයේ යුද ටැංකි නාශක නියාමක මිසයිල පහක් සොයා ගන්නට තුර්කිය ප්‍රමුඛ හමුදා සමත් විය.එදිනම සිරියානු හමුදාව තුර්කි ගුවන් හමුදාවේ TAI Anka වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.

ඉන්පසුව,තුර්කිය ප්‍රමුඛ හමුදා සලිහියා,අෆිස් ගම්මාන අල්ලා ගනිමින් සරාකිබ් නගරය දෙසට ඇදෙන්නට විය.ඔවුන් සරාකිබ් නගරයට ඇතුල් වූ අතර,පෙබරවාරි 27දා උදෑසන වෙද්දී නගරය මුළුමනින්ම නතු කරගෙන ඉදිරියට ගමන් කරන්නට වූහ.ඊට ප්‍රථමයෙන් ඩැමැස්කස් රජය නිල වශයෙන් විවෘත කල එම්5 මහා මාර්ගය මේ හේතුවෙන් නැවතත් වැසී ගියේය.මෙම ප්‍රහාරයේදී තුර්කිය ප්‍රමුඛ හමුදා ටී-90 යුද ටැංකියක්,ටී-72 යුද ටැංකියක් සහ අනෙකුත් වාහන කිහිපයක් අල්ලා ගත්හ.නැගෙනහිර සරාකිබ් ප්‍රදේශයට බෝම්බ හෙළීමට සහභාගී වූ සිරියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානාවලට එරෙහිව තුර්කි හමුදාව අවම වශයෙන් ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යොදාගෙන ප්‍රහාර දෙකක් වත් එල්ල කලද,ඒවා සාර්ථක වූයේ නැත.

සරාකිබ් නගරය අහිමි වීමෙන් ප්‍රදර්ශනය වූයේ එහි රැඳී සිටි හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යයේ අඩුව සහ ආරක්ෂක සංවිධානයේ අඩුපාඩුය.එහිදී රුසියාව පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සමීප ගුවන් ප්‍රහාරක සහායක් නොලැබුණු බවට රජයට පක්ෂපාතී මූලාශ්‍ර චෝදනා කලහ.ඊට සමගාමීව සිය ස්ථාන වලට රුසියානු ගුවන් ප්‍රහාර දුසිම් ගණනක් එල්ල වූ බව සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කර තිබිණි.සරාකිබ් බිද වැටීමෙන් පසුව ඩඩික්,ජව්බාස් සහ කැෆ්ර් බටික් යන ගම්මානද තුර්කිය ප්‍රමුඛ හමුදා අතට පත් විය.අල්කයිඩා ප්‍රචාරණ යාන්ත්‍රණය පැවසුවේ තුර්කි ප්‍රමුඛ හමුදාහි අරමුණ වන්නේ මරාට් අල්-නූමන් නගරයට අල්ලා ගැනීම බවයි.ඉන් අනතුරුව සිරියානු හමුදාව ප්‍රතිප්‍රහාර කිහිපයක් දියත් කලේය.පෙබරවාරි 27දා පස්වරුවේ අවසන් ප්‍රතිප්‍රහාරය දියත් කල මුත් කිසිදු වාසියක් අත් කරගන්නට ඔවුන් සමත් නොවීය.

සටනෙහි දක්ෂ,චිත්ත ධෛර්යයෙන් අනූන 25 වන විශේෂ බලකා සේනාංකය/ටයිගර් බලකා සහ සිරියානු හමුදා අනෙකුත් දක්ෂතම ඒකක කැඳවීමෙන් තොරව මෙම වාතාවරණය සිරියානුවන්ට වාසි වන අතට හරවා ගත නොහැකිය.මේ වෙද්දී සිරියානු හමුදාව ඔවුන්ගේ දක්ෂතම ඒකක එම ප්‍රදේශයට ගෙන්වා ගනිමින් මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටියි.

තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර සිරියානු හමුදාවට අත් වූ හානි සම්බන්ධව පරස්පර විරෝධී වාර්තා ඉදිරිපත් කරමින් සිටිති.තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරන වාර්තා යමෙක් සාරාංශ ගත කලහොත් තුර්කි මෙහෙයුම් නිසා සිරියානු සෙබලුන් 500ක් පමණ මීය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි පෙනී යනු ඇත.අල්කයිඩාවට පක්ෂපාතී අනෙකුත් මූලාශ්‍රවලට අනුව සරාකිබ් නගරයේදී පමණක් සිරියානු සෙබලුන් 100කට වැඩි ගණනක් මරණයට පත් වූහ.සිරියානු පාර්ශ්වය එවැනි ප්‍රකාශ නිකුත් කර නැති වුවද බිම් මට්ටමේ සිදුවීම් ඔවුන් වෙනුවෙන් උත්තර බදියි.සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මියගොස් තවට් දෙදෙනෙක් තුවාල ලැබූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි 26දා පැවසීය.ඉඩ්ලිබ් හිදී තවත් තුර්කි සෙබලුන් තිදෙනෙක් මිය ගියේ යැ‍යි තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් පෙබරවාරි 27දා ප්‍රකාශ කලේය.පෙබරවාරි 27දා රාත්‍රියේදී අල්-බාරා ප්‍රදේශය ආසන්නයේ දී තුර්කි හමුදාවේ රථ පෙළක් සහ ඔවුන් රැඳී සිටි ස්ථාන ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල විය.එහිදී අවම වශයෙන් තුර්කි සෙබලුන් 30 මියගොස්,තවත් 30 දෙනෙක් පමණ තුවාල ලැබූ බව මුල්ම වාර්තාවලින් කියවිණි.මෙම සිදුවීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කල රුසියාව පැවසුවේ තුර්කි සෙබලුන් ත්‍රස්තවාදීන් සමග සිටීම නිසා ප්‍රහාරවල ඉලක්ක බවට පත් වූ බවයි.

සිරියානු හමුදාවේ දකුණු ඉඩ්ලිබ් දෙසින් වේගයෙන් ඉදිරියට ඇදෙද්දී තුර්කිය සහ ත්‍රස්තවාදීන් නැගෙනහිර ඉඩ්ලිබ් දෙසින් භූමිය අත්පත් කර ගන්නා බව සඳහන් කල යුතුය.පෙබරවාරි 23-28 කාල සමයේදී රජයේ හමුදා කැෆ් ර් නබෙල් ඇතුලුව ගම්මාන සහ නගර 30කට වැඩි ගණනක බලය අල්ලාගෙන,අල්-බාරා ගම්මානයට පහරදිය හැකි දුරින් ස්ථානගත වී සිටිති.අල්-බාරා යනු එම්4 මහා මාර්ගය දක්වා යද්දී හමුවන සටන්කාමීන්ගේ අවසන් බලකොටුවයි.තුර්කිය ප්‍රමුඛ හමුදා දකුණු ඉඩ්ලිබ් දෙසින් සැබෑ ප්‍රතිරෝධයක් නොපෙන්වන්නේ ඔවුන් සිය පිරිස් බලය සහ වෙඩි බලයෙන් වැඩි කොටසක් සරාකිබ් පෙරමුණට යවා තිබෙන නිසාය.

ගෙවී ගිය සතිය තුල තමන්ට අහිමි වූ ප්‍රදේශයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් සිරියානු හමුදාව දකුණු ඉඩ්ලිබ් දෙසින් අල්ලාගෙන සිටියි.කෙසේවෙතත්,සරාකිබ් නගරය අහිමි වීම සිරියානු හමුදාව ලැබූ උපායමාර්ගික පසුබැස්මකි.මන්ද එමගින් එම්4-එම්5 මංසන්ධියේ පාලනය අනතුරේ වැටීමට අමතරව නැගෙනහිර ඉඩ්ලිබ් හි ඉදිරි ආරක්ෂ වළලු ආශ්‍රිතව සැරිසැරීමද සීමා වනු ඇත.

එපමණක්ද නොව,කලාපය තුල නවතම දැවැන්ත යුද්ධයක් ඇති වීමේ තර්ජනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.තමන් අල්කයිඩාවේ සක්‍රීය සහ ස්ථිර ආධාරකරුවෙක් බවත්,තම ආක්‍රමණයට ලක් වූ සිරියාවේ ස්වෛරී භූමි ප්‍රදේශය කෙරෙහි සිය බලපෑම දිගටම තබා ගන්නට සහ ඉඩ්ලිබ් හි තුර්කියේ සහාය හිමි ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට ලෙයින් වන්දි ගෙවන්නට සූදානම් බව එර්ඩොගන්ගේ රජය ප්‍රදර්ශනය කරමින් සිටියි.

source:southfront.org

%d bloggers like this: