Menu Close

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොදෙව්වන් සමඟ T20 තරගාවලිය අහිමි වෙයි.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් දෙනා අතරට මොවුන් දෙදෙනාම ඇතුළත් වූ අතර එම තරගය අතරතුරදී ආබාධවලට ලක්වීම ඊට හේතුවයි.

මොවුන් දෙදෙනා අතුරින් ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් භයානක නොවන අතර ඔහුට එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව පවසන කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා, නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය බරපතල බව සඳහන් කර සිටියා.

Share with Friends

%d bloggers like this: