අයි.සි.සි කාන්තා ලෝක කුසලාන 20/20 තරඟාවලියේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 09 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 91 රැස්කළා.
පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 16කට කදුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා. මෙම තරගය ඇය ක්‍රීඩා කලා අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වීමත් විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 92ක පන්දුවාර 15යි පන්දු 3ක් තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගිය අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා නොදැවී හතරේ පහර 05ක් සමඟින් ලකුණු 39 ක් රැස්කළ අතර නායක චමරි අතපත්තු වේගවත් ලකුණු 30 ක් රැස් කළා.
ඒ අනුව තරඟයේ වීරවරිය ලෙස ශෂිකලා සිරිවර්ධන සම්මාන ලැබුවා.