Menu Close

විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය තිත්ත කුණුහරුප කියමින් අතින් පයින් පහර දී පාසලෙන් පන්නා දැමූ 14 හැවිරිදි දැරියකගේ කථාව

දැනට මාසයක් ඉකුත්වී ඇත. දැරියව පාසලට වද්දා ගන්නේ නෑ. වෙනත් විදුහලකට බාර ගන්නෙත් නෑ.
පොලීසිය හා අධ්‍යාපන නිලධාරීන් අපරාධය කළ දූෂිත විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය රකින්න ක‍්‍රියා කරන්නේ රටේ පවතින සියලූ නීති රීති චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින්ය.

පානදුර, නල්ලූරුව, සිරිසීවලී කණිෂ්ඨ විද්‍යාලයට එන්නේ නල්ලූරුව, පිංවත්ත, දිබ්බැද්ද යන ප‍්‍රදේශවල නැති බැරි, නගරයේ ප‍්‍රකට පාසල්වලට ඇතුත් වන්නට තරම් සමාජ ආර්ථික පසුබිමක් නොමැති දෙමාපියන්ගේ දරුවන් 500 ක් පමණ මේ විද්‍යාලයේ ඉගෙනුම ලබන ගැහැණු පිරිමි ළමුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලන්නටත් නොහැකි වී ඇති අතර තණකොල කැපීමට පවා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන, විද්‍යාලයට සිසුන්ගෙන් ලැබුනු මල් පෝච්චි පවා විදුහල්පතිනියගේ ගෙදරට ගෙන යන බවට, සිල් ගන්න ආවේ නැති ළමයින්ට රු: 500/- හා රු: 1000/- බැගින් දඩ ගැසිම කරන, බිත්තිවල තීන්ත ගෑමට රු: 400/- බැගින් එකතු කරන, සිංහල හා දෙමළ බස ඉගැන්වීමට පවා ගුරුවරු නොමැති බවට වන චෝදනා රැුසක් එල්ල වී ඇතත් අයුතු සම්බන්ධතා මත නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත වීමට ගුරුවරුන් පිරිසකට ඉඩ ලැබී ඇත.
මේ අතර, තම වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ගුරුභවතුන් කීප දෙනෙකු ගන්නා උත්සාහය නිසා යම් තරමකට පාසල් අධ්‍යාපන තත්ත්වය රැුකී පවතින බවද දෙමාපියන් ප‍්‍රකාශ කරති.

2020 ජනවාරි මස 17 දින, මෙම දැරියට වධ හිංසා පමුණුවා, පාසල් ජීවිතය විනාශ කර දැමීමට ගත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇත.

2020 ජනවාරි මස 17 දරුණු ලෙස වධ හිංසාවට පාත‍්‍ර වූ දැරියව අඩුම වශයෙන් රෝහල්ගත කිරීමට දෙමාපියන් පියවර ගෙන නැත්තේ සිද්ධිය අදාළව විදුහල්පතිනිය ගේ අවධානය පළමුව යොමු කළ යුතු බවට වන මිත්‍යා විශ්වාසය මත.

එම මුග්ධ මතය මත, 2020 ජනවාරි 20 සිද්ධිය ගැන විදුහල්පතිනියගේ අණින් පාසලට ගිය දෙමාපියන්ට සිදුවූයේද පොලීසියේ ළගින්නට ය.

මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත කරන ලද මවගේ පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

2020.02.25 වන දින දීය. අවු: 14 යි. ඇය පළමු වසරේ සිටම ඉගෙනුම ලබන්නේපානදුර, නල්ලූරුව සිරිසීවලී කණිෂ්ඨ විද්‍යාලයේ ය. ඇය ඉගෙනුම ලබන්නේ 10 වසරේය.
2020.01.17 වන දින, ඇය සුපුරුදු පරිදි පාසලට ගියා. එය සිකුරාදා දිනයකි.මෙදින, පාසල ඇරී ගෙදර පැමිණි ඇය ප‍්‍රකාශ කළා, තමාට, විදුහල්පතිනිය ශ්‍යාමලී, උපවිදුහල්පතිනිය සමන්මලී පහුර දුන්න බව.
ඇගේ කම්මුල්වල, කකුල්වල, අතේ පහරවල් තිබුනා. නමුත් ගුරුවරු පහර දුන්න නිසා,පොලීසියට ගියේ නැහැ. රෝහල්ගත වුනේ නෑ.
තවද, ඇය කිව්වා අස්වීමේ සහතිකය ගන්න, දෙමාපියන්ට පාසලට එන්න කිව්ව බව.
මමත්, සැමියාත් සඳුදා, උදේ 8.00 ට පමණ පාසලට ගියා. විදුහල්පතිනිය එ වෙලාවේහිටියේ පාසලේ ගේට්ටුව ළඟ. ඇය අපට කථා කර, කාර්යාලයට යන ලෙසට දැනුම්දුන්නා. අපි දෙන්නා කාර්යාලයට ගියා.

අපව, පැය 1/2 කට වැඩි කාලයක් කාර්යාලය ඉදිරිපිට හිටගෙන ඉන්න සැලැස්සුවා.විදුහල්පතිනී ශ්‍යාමලී, විදුහල්පති මේසයට වාඩි වී, උදේ ආහාරය ගත්තා. තවත්ගුරුවරු කීප දෙනෙක් එතන වටවී හිටියා.

පැය 1/2 ක් බලන් ඉඳලා බැරිම තැන, සැමියා ඇය ළගට ගොස්, ”මැඩම් මම පැයක්ඉල්ලගෙන ආවේ, වැඩට යන්න තියෙනවා කිව්වා.” එවිට ඇය බෙහෙත් බොන්න තියෙනවාකිව්වා.

ඉන්පසු එතන හිටිය ගුරුවරු සමග කථා බහ කළා. දියණියගේ පංති බාර ගුරුමහත්මියව ගෙන්නුවා.

ඉන්පසු තවත් ගුරුවරු කීප දෙනෙකුව එතැනට ගෙන්නුවා.
නැවත සැමියා, විදුහල්පතිනිය ළඟට ගොස් තමාට රැකියාවට යෑමට තියෙන බව ප‍්‍රකාශකළා.

විනාඩි 5 ක් ඉන්න කියා, ඉන්පසු ඇය අපිට කථා කළා.

විදුහල්පතිනී ශ්‍යාමලී, අපට ප‍්‍රකාශ කළා, දියණියව පරිවාස දාන බවත්, ඇය පංති බාරගුරුවරියගේ ජංගම දුරකථනය සොරකම් කරලා තියෙන බවත්.

 තවද, ඇය ප‍්‍රකාශ කළා, දියණිය ජංගම දුරකථනය සොරකම් කරනවා දැකපු සිසුන්දෙදෙනෙක් සිටින බව හා දුව වැසිකිලියේ ඉඳගෙන කා සමග හෝ කථා කරනවා ඇසුනුගුරුවරියක් සිටන බව.

මෙම ප‍්‍රකාශ ඇය කරන අතර, මමත් සැමියාත් දියණිය අපට කරන ප‍්‍රකාශය අනුවකරුණු කියා සිටියා. එනම්,

01) පාසල ඇරෙන්න ආසන්නව, වැසිකිලියට ගිය බවත්, ඇය යන විට වැසිකිලිය අසල      සිටි, 11 වසරේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් ඇට, වැසිකිලියට නොයන ලෙස කිව්ව බවත්, එය ප‍්‍රතික්ෂේප කර, ඇය වැසිකිලියට ගිය බවත් කියා සිටියා.

02) වැසිකිලියේ කවුලූව උඩ, ජංගම දුරකථනය තිබෙනවා දුටු දයණිය, එය රැුගෙන උප  විදුහල්පතිනියට බාර දීමට යන විට, උප විදුහල්පතිනිය සමන්මලී සමග තමාට තමාට  වැසිකිලියට යන්න එපා කිවූ ශිෂ්‍යාවන් දෙදෙනා සිටි බවත් කියා සිටියා.

03) දියණිය, උප විදුහල්පතිනිය සමන්මලී ළඟට ගිය විටම, ඇයට එම ගුරුවරිය  අමානුෂික ලෙස පහර දුන් බව කියා සිටියා.
අප දියණිය කිවූ කථාව කියන අතර, එයට බාධා කරමින්, තර්ජනය කරමින්, විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය හැසිරෙන්නට පටන් ගත්තා.
අපද, දියණියට වූ අසාධාරණය දිගින් දිගින්ටම කියා සිටියා. එ් අතර එතැනට කෑගහගෙන පැමිණි සම්පත් නැමති ගුරුවරයා, සැමියාටත්, මටත් පහර දුන්නා. එම පහරවල් දුවටත් වැදුනා.
අප, බේරී. පානදුර දකුණ පොලීසියට ආවා. මා, පොලීසියට ප‍්‍රකාශය ලබාදෙන විට, අපරාධ අංශයේ රෝහන නැමැති නිලධාරියා පැමිණ, පැමිණිල්ල ලියා ගැනීම නවත්වා, මා අත්අඩංගුවට ගත්තා.

ඔහු මා ලවා ම, සැමියාව ගෙන්වා, ඔහුව ද අත්අඩංගුවට ගත්තා.

අප අත්අඩංගුවේ ඉන්න විට, විදුහල්පතිනිය ශ්‍යාමලී, උප විදුහල්පතිනිය සමන්මලී, ශිෂ්‍යාවන් දෙන්නෙක් හා ගුරුවරු කීප දෙනෙක් පැමිණියා. එක් අයෙක් දියණියගේ පංති බාර ගුරුවරියයි.

පොලීසිය ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගත්තා. ඉන්පසුව ගුරුවරයෙක් හා සිසුන් දෙදෙනෙක් රෝහල්ගත කළා.

අප දෙන්නාගේ ප‍්‍රකාශය ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කළා. අප රඳවා තබා ගත්තා.

පසුදින උදේ අපගේ ප‍්‍රකාශ ගත්තා. අප සියලූ දේ කියා සිටියා. අපගේ අත්සන් ගත්තා. නමුත් කියවා තේරුම් කර දුන්නේ නෑ.

2020.02.21 දහවල් අප දෙන්නාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එහිදී අපට ඇප ලබා ගැනීමට හැකි වුනා. මීළඟ නඩු දිනය : 2020.03.04, නඩු අංකය : 71221 වේ.

2020.02.21 දින, දියණියට අමාරු නිසා රෝහල්ගත කළා. එ් වන විටත් දුවගේ ශරීරයේ පහර දීම නිසා වූ තැලීම් තුවාල තිබුණා. ඇය කම්පනයට ලක්වෙලා තිබුනා.

ඇය රෝහල් පොලීසියට ප‍්‍රකාශයක් දී තිබුන අතර, අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කර තිබුනා.

මෙම පසුබිම යටතේ,

(1) මාගේ දියණියට ඉගෙන ගැනීම ස`දහා විදුහලට යෑමට නොහැකි තත්ත්වයක් උදාකර ඇත.

(අ) 2020.02.17 වන දින දියණියට අමානුෂික ලෙස පහර දීම, ඇයට විදුහල්පතිනිය  ශ්‍යාමලී හා උප විදුහල්පතිනිය සමන්මලී කුණුහරුප කියමින් බැන තර්ජනය කිරීම,  නින්දා අපහාස කිරීම, ඇය ගුරුවරියකගේ ජංගම දුරකථනයක් සොරකම් කළ බවට චෝදනා කිරීම, පාසලෙන් අස්කරන බවට හා පරිවාසයට බාරදෙන බවට තර්ජනය  කිරීම මගින් සිදුකරන ලද අපරාධය පිළිබඳව මේ දක්වාම පානදුර දකුණ පොලීසිය
 කිසිදු ආකාරයේ නීතිමය පියවරක් ගෙන නොමැත.

(ආ) මාගේ දියණියට, මේ දක්වාම අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාවක් ලබාදී නැත.  සීවලී කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ශ්‍යාමලී අවට පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට, මාගේ දියණිය, බාර නොගන්නා ලෙසට දැනුම් දී ඇත.

     මා ඉල්ලා සිටින්නේ,

(1) නොපමාව, මාගේ දියණියගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ස`දහා ඇයට නිවස  ආසන්න පාසලක් ලබාදෙන ලෙසටත්,

(2) මාගේ දියණිය, 2020.02.17 වන දින, දැඞ් ලෙස වධ හිංසාවට, අපයෝජනයට ලක් කරන ලද විදුහල්පතිනිය ශ්‍යාමලී හා උප විදුහල්පතිනිය සමන්මලීට එරෙහිව නීතිමය  පියවර ගන්නා ලෙසටය.

මෙයට,
මව

……………………………………………………………………………………………………………………………………………….

පාසල්වල ළමුන් අපයෝජනය කිරීම ඉතා සුලබය. සිද්ධින් වාර්තා වෙන්නේ නැත. සියලූම වගකිව යුත්තන් නිහඬය. එයට හේතු ගනණාවකි. 

ප‍්‍රධානම හේතුව:-

බණ අසන, බණ කියන, සියලූ දෙවිවරුන්ගේ පිහිට පතන බහුතරයක් දෙමාපියන් තම දරුවාට විපතක් වනතුරු අනෙක් දරුවන්ට හෙණ ගැහුවත් කමක් නෑ යන මතයේ සිට කි‍්‍රයා කිරීම හා පාසල්වල ළමා අපයෝජන ගැන කථා කිරිම පසෙත තබා ජාත්‍යන්තරය පිනවන මාතෘකා ගැන කථා කිරීම සිවිල් සමාජ ක‍්‍රියා කාරින්ගේ බඩගෝස්තරයට හොඳ නිසාය. 

රටක නීතිය කඩා වැටීම ගැන කථා නොකර ගොඩනැගිය හැකි සදාචාරයක් නැත.


%d bloggers like this: