Menu Close

“යුරෝපයේ ආරක්ෂකයා 2020 ” – ඇමෙරිකානු හමුදා පෝලන්තයට පැමිණේ

US-Troops-Cross-Into-Poland-for-Drills-as-Russian-Military-Warns-of-Exercises-Offensive-Intent

රුසියානු දේශසීමා ආසන්නයේ පවත්වන්නට නියමිත යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දක්වන්නේ යැ‍යි මොස්කව් රජය අනතුරු ඇඟවීය.”ඩිෆෙන්ඩර් යුරෝප් 2020″ නම් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ යුද අභ්‍යාස මාලාව කෙරෙහි රුසියානු ප්‍රතිචාරය,එය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වේ යැයි අපේක්ෂා කෙරේ.

පෝලන්ත ආරක්ෂක අමාත්‍ය  මරියුස් බ්ලාස්සැක්ට අනුව මෙම යුද අභ්‍යාස මාලාව 2020 වර්ෂයේ පවත්වන විශාලතම යුද අභ්‍යාස මාලාවයි.ඔහු පවසන පරිදි මේ සඳහා සෙබලුන් 37,000ක් සහභාගී වේවි.ඉන් 20,000ක් එක්සත් ජනපදයෙන් පැමිණේ.ඊට සහභාගී වන ඇමෙරිකානු සෙබලුන්ගෙන් පළමු කණ්ඩායම මේ වනවිටත් පෝලන්තයට පැමිණ තිබේ.

රාත්‍රී කාලයේදී ඇමෙරිකානු හමුදා සිය යුදෝපකරණ සමග පොලන්තයේ මාර්ග ඔස්සේ ගමන් කරන ඡායාරූප පෙලක් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇත.

Defender Europe 2020

Defender Europe 2020

Defender Europe 2020

Defender Europe 2020

Defender Europe 2020

මාස ගණනක් දීර්ඝ ‘ඩිෆෙන්ඩර් යුරෝප් 2020’ යුද අභ්‍යාස මාලාව,සීතල යුද්ධය සිට ඇමෙරිකානු හමුදා සෙබලුන් වැඩිම පිරිසක් යුරෝපයේ දියත් කරන යුද අභ්‍යාස මාලාවකි.එය 1980 දශකයේ සිට පවත්වන විශාලතම යුද අභ්‍යාසවලින්ද එකකි.මේ හරහා,වෝර්සෝ ගිවිසුම් සංවිධානය සිදු කල හැකි ආක්‍රමණයකට ප්‍රතිචාර වශයෙන් ගුවනින් සහ මුහුදු මාර්ගයෙන් ඇමෙරිකානු සෙබලුන් දහ දහස් ගණනක් බටහිර ජර්මනියට එවූ සීතල යුද සමයේ ‘රිෆොර්ජර්’ යුද අභ්‍යාසය සිහිපත් කරවයි.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුවද නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාස දිගටම සිදු කරගෙන එන්නේ රුසියානු තර්ජනය උලුප්පා දක්වමින්ය.සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව නේටෝව රුසියාවේ දේශසීමා දක්වා සිය නැගෙනහිර සීමාව පුළුල් කරගන්නට කටයුතු කරමින් සිටියි.මෙය රුසියාව ප්‍රකෝප කරවීමකි.

20,000ක් පමණ ඇමෙරිකානු යුදෝපකරණ(7,000ක් අත්ලාන්තික් සාගරය හරහා රැගෙන ආ අතර,අනෙක් 13,000ද යුරෝපයේ ඇමෙරිකානු කඳවුරුවලින් ලබා ඒවාය)ප්‍රමාණයක් සහිතව සිදු කෙරෙන එක්සත් ජනපදය නායකත්වය දරන මෙම යුද අභ්‍යාස මාලාව සමහරක් යුරෝපා මාධ්‍ය විස්තර කර තිබුණේ රුසියාව ආක්‍රමණය කිරීමට කරන පෙරහුරුවක් ලෙසයි.බෙල්ජියම,නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල දියත් කර තිබෙන ඇමෙරිකානු හමුදා සහ යුදෝපකරණ ජර්මනිය හරහා පෝලන්තයට සහ චෙක් ජනරජයටද,ඉන්පසුව ඊසාන දෙසින් ලිතුවේනියාව,ලැටිවියාව සහ එස්ටෝනියාව යන බෝල්ටික් රාජ්‍යයන් කරාද යනු ඇත.

 පෝලන්තයට ඇතුල් වූ ඇමෙරිකානු හමුදාවේ දෙවන සන්නාහ සන්නද්ධ බ්‍රිගේඩයේ සංග්‍රාමික කණ්ඩායම සහ තුන්වන පාබල හමුදා සේනාංකය

Defender-Europe-2020

Defender-Europe-2020

Defender-Europe-2020

Defender-Europe-2020

එක්සත් ජනපදය හැරුණු කොට යුද අභ්‍යාස මාලාවට තවත් රටවල් දුසිමක් පමණ සහභාගී වේ.මැරීන් බලකා ඒකක,ගුවන් හමුදාව,සහායක ඒකක,සන්නාහ සන්නද්ධ බ්‍රිගේඩ තුනක්,කාලතුවක්කු බ්‍රිගේඩයක් ඇමෙරිකානු පාර්ශ්වයෙන් එයට එක්වේ.

අභ්‍යාස මාලාවේ සක්‍රීය අධියරය අප්‍රේල් මාසයේ සිට මැයි දක්වා ක්‍රියාත්මක වනු ඇත.එහිදී යුරෝපයේ මහා මාර්ග  සහ දුම් රිය මාර්ග පද්ධතිය පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.පෝලන්තයේ පවත්වන අභ්‍යාසයන්හිදී ජල බාධක තරණය කිරීම සිදු කෙරෙන්නේ නැගෙනහිර යුරෝපයේ ගංගා බහුල ප්‍රදේශවලට ආදේශනයක් වශයෙනි.

පසුගිය සතියේදී සිය සන්ධානයට රුසියාවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිචාරයක් ලැබුණු බව නේටෝවේ අණදෙන නිලධාරියෙක් වන ජෙනරල් ටොඩ් වෝල්ටර්ස් පවසා තිබේ.තමන් ඩිෆෙන්ඩර් යුරෝප් අභ්‍යාස මාලාවෙන් පමණ ඉක්මවා තෘප්තිමත් නොවන මුත්,වැඩි අවදානය යොමු කර තිබෙන්නේ සිය හමුදාවල සූදානම සම්බන්ධව යැ‍යිද හෙතෙම පැවසීය.එසේම සියල්ල සිදු කරන්නේ ජාත්‍යන්තර නීතියට එකඟ වෙමින් බවද සඳහන් කලේය.

යුද අභ්‍යාසවල සැබෑ අරමුණ සම්බන්ධව මොස්කව් රජය කිසිදු මුලාවකට පත් නොවන බව රුසියානු හමුදාවේ ප්‍රධානී ජෙනරල් වැලෙරි ජෙරසිමොව් පෙබරවාරි 27දා අවධාරණය කලේය.රුසියානු දේශසීමා ආසන්නයේ නේටෝ ගොඩනැංවීම් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු කරුණක් යැ‍යිද හෙතෙම පැවසුවේය.

ඊට ප්‍රථමයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව් රොව් පැවසුවේ සිය දේශසීමා වල නේටෝව සිදු කරන මහා පරිමාණ ක්‍රියාකාරකම්වලට ස්වභාවෙන්ම රුසියාව ප්‍රතිචාර දක්වන බවයි.නමුත් රුසියානු ප්‍රතිචාරය අනවශ්‍ය අවදානමක් ඇති නොකරන බවට ඔහු සහතික විය.

source:sputniknews.com

%d bloggers like this: