Menu Close

දොළහ වෙද්දී – තෙවෙනි කොටස

දිවුරපන්. මගේ ඔළුවේ අත තියලා දිවුරපන්!!

“දිවුරපන්…. මගේ ඔළුවේ අත තියලා දිවුරපන්……” අපේ තාත්තා මට කිව්වේ දැඩි ලෙස අවධාරණය කරමිනි!

ඒ දවස්වල තාත්තා සංඛ-පද්ම බහිරවයන් දෙන්නා ඉස්සරහ දිවුරවීම ගැන දැනගෙන හිටින්නට නැත. නැතිනම්……..
ඒ වකවානුවේ හිටි අය ඒ තරම්ම අණ්ඩපාලලා නොවුණු නිසාදෝ ‘මේ…..ස් දෙකපල්ලා’, ‘මී….ස් දෙකපල්ලා’ කියමින් බොරුවට දිවුරන අයත් හිටියෝය; 
කිසිම හිරිකිතයක් නැතිව කියන්නං වාලේ දිවුරන අයත් හිටියෝය. 

‘හතර වරම් දෙවිවරු හතර අතේම ඉඳගෙන අපි දිහා බැල්ම ලාගෙන ඉන්නවා’, ‘අපි කරන පින් සේරම දිවියලෝකේ පින් පොතේ ලියවෙනවා, පව් ටික ලියවෙන්නේ අපායේ පව් පොතේ’ වැනි කියමන් අපේ ආච්චිගෙන් අහලා-අහලාම බයවී හිටි මා නම්, බොරුවට දිවිරීමක් කළේම නැත.
එදා නම් බොරුවට දිවිරීමක් කරන්නට ඕනෑ වුණෙත් නැත. 

ඒ පියසිරිගේ ලියුම කියවන්නට මට අමතක වෙලා තිබුණු බැවිනි.
තාත්තට මොකුත් වෙන්නෙ නෑ. සත්තයි. මම ඇත්තටම දිවුරුවේ…………
මගේ ගැන දැනගෙන හිටි නිසාද කොහෙද, හිසේ අත තබා දිවුරුවාට පස්සේ තාත්තාගේ හිත මෝදු වුණා වගෙය. 
“එතකොට උඹ මේක කියෙව්වෙ නෑ. හරි… ඔන්න මම පිළිගත්තා. උඹ බොරුවට දිවුරුවා නම් හෙම පුතෝ මේ තාත්තා හෙට වෙනකොට….”
“අනේ නෑ තාත්තේ… තාත්තාට මොකුත් වෙන්නේ නැහැ. සත්තයි… සත්තයි. මම ඇත්තටම දිවුරුවේ.” මට කියැවුණේ හෝ ගාලා කඳුළු වැක්කෙරෙද්දීය.
“හරි, හරි. උඹට අඬන්න දෙයක් මම කිව්වේ නැහැනේ. උඹ ඇත්ත කිව්වනේ…. එතකොට ඔය පියසිරිත් උඹේ පන්තියෙමද ඉන්නේ?” 
එහෙම පටන්ගෙන, අපේ තාත්තා තවත් හරස් ප්‍රශ්න කෝටියක් විතර ඇහුවේය. 

ඒ කරලාය, තාත්තා තීන්දුව දුන්නේ.
“මින් මනත, අදින් පස්සේ උඹට ඒ පියසිරියා එක්ක කිසිම කතාබහක් බෑ. කිසිම- කිසිම- කිසිම කතාබහක් බෑ. තේරුණානෙ? ඌ මොනවා කිව්වත් උඹට මොකුත් කියන්න බෑ. ඌ ඕනේ නැති පාට් දාන්න ආවොත් උඹ මට කියන්න ඕනි. මං එන්නං උඹලගේ ටීචර්වම හම්බ වෙන්න.”
විභාගය පටන්ගන්නට කලින්ම පියසිරි මා සොයාගෙන ………….
‘ඔව්’ කියන්නට; ‘තේරුණා’ කියන්නට ඔළුව වැනිල්ල විතරය, මට කරන්නට ඉතිරිව තිබුණේ. 
“හෙට උඹලයැ විභාගෙට මොනවද තියෙන්නේ?….. 
ආ… එක වැඩයි. ඒක ඉවර වෙච්ච ගමන් ගෙදර එන්න ඕනේ. මතකයිනේ…. 
කෙලින්ම ගෙදර. අරහේ-මෙහෙ යැවිලි, රස්තියාදු ගැහිලි බෑ!”
අනේ, මං වැටුණු උගුලක තරම! 

දැන් ඉතින් හෙට විභාගය ඉවර වුණු කඩිනමින් ගෙදර එන්නට වෙයි. පියසිරිලාගේ ගෙදර යන්නට බැරි වෙයි. එහෙම කරන්නට සිද්ධ වුණේ ඇයි කියන්නට නම් පියසිරි එක්ක කතා කරන්නට වෙයි; ඒකත් තහනම් නම්? 
එහෙම කළාම පියසිරි මොනවා හිතාවිද?
විභාගය පටන් ගන්නට කලින්ම පියසිරි මා සොයා ආවේය. ඒ කට පුරා හිනා වීගෙනය.
“මේ. ඔයාට තේ ටිකක් බොන්න දෙන්න බිස්කට් පැකට් එකකුත් ගේන්නයි කියලා අම්මම සල්ලිත් දුන්නා.” 

එතකොට මං හිටියේ පිල්ලියක් වගෙය; ගුරුන්නාන්සේ කෙනෙකු විසින් මතුරා පණ ගන්වා එවූ මළමිනියක් වගෙය; Zombi කෙනෙකු වගෙය. 
හිනා නැත; කතා නැත. හුස්ම ගන්නවා විතරය; ඇහිපිය හෙළනවා විතරය.

වෙනත් කිසිවෙකුට නෑහෙන්නට, දත්කූරු කමින් ……….
“මොකද හලෝ, තමුසෙට වෙලා තියෙන්නේ?”
මගේ නිහඬතාව ඔහුගේ කෝපය අවුළුවලාය.
පියසිරි දත් කූරු කමින්, කට ඇතුළෙන් එහෙම ඇහුවේ වෙන කෙනෙකුට නෑසෙන්නටය.

උත්තර දෙන්නේ කොහොමද? තාත්තා කිව්වේ ඔහු සමඟ කිසිම-කිසිම- කිසි කතාබහක් බෑ කියලාය. උත්තර දෙනවා වගේද? ගෙදර ගියාම අදත් දිවුරන්නට කිව්වොත්…………..
මම හිටි ගමන් පන්තියේ ළමුන් සිටි ඉසව්වකට දිව්වෙමි. 

පියසිරි කියා කෙනෙකු නොඉන්නවා වගෙය! නොපවතිනවා වගෙය!!
මට ලොකු තරහක් ආවත් කඳුළු උනයි. ලොකු දුකක්-සතුටක් දැනුණාම වුණත් එහෙමය. එදා මට ඇඬුණේත් නැත; කඳුළු ඉනුවේත් නැත. ඒ මා බියෙන් ආතුරවී හිටි නිසාය.
වෙනස් වීමේ අනිටු විපාක එදාම මට විඳින්නට සිදු වුණේය……….
දත් මිටි කමින් මොන-මොනවාදෝ කටු-කුටු ගාමින් පියසිරි ඔහුගේ ඩෙස්කුවට යන්නට ඇත්තේ තරහෙන් පිපිරෙමිනි.
වෙනස්වීමේ අනිටු විපාක මට එදාම අත්විඳින්නට සිදුවිණි.
විභාගය ඉවර වෙනවාත් සමඟම වසන්ත මගේ ළඟින් ගියේ ප්‍රශ්නයක් අසමිනි. “ගංගානන්දව බලන්න යන්නැද්ද?”
මුලින්ම මට ඒ කතාවේ අගමුල වැටහුණේ නැත. 
දෙවෙනි වතාවේ පියසිරිත් වසන්ත එක්කම හිටියේය. වසන්ත ගංගානන්ද ගැන කියා බෝලය ඔසොවා දුන්නාම, පියසිරි dash පහරක් එල්ල කළේය. 
“ඌ දෙන්නේ ගංගානන්දට විතරලු.” ඒ කතාවේ අරුත මට තේරුණේ නැති වුණත් පියසිරි එහෙම කිව්වේ තරහෙන් බව නම් පැහැදිලි වුණේය.
පියසිරි ඕනේ නැති පාට් දැමුව බව ඇත්තය. 
ඒවා දන්නේ පියසිරිගේ කිට්ටුවන්තයන් දෙතුන්දෙනා විතරය. ඒත් එව්වා තාත්තාට කිව්වොත් හෙම මේ කතන්දර පන්තියේ අනෙක් අයත් දැනගන්නවා සිකුරුය. එනිසාම මේවා එකක්වත් මා ගෙදරට කිව්වේ නැත.
දුන් – දෙන- දෙන්නට යන කතන්දරයකුත්……………
ඊළඟ දින කිහිපයේම ඉස්කෝලේදී මට පියසිරිගේ කල්ලියේ දෙතුන්-දෙනෙකුගේ එවැනි කඩුලු කතන්දර අසා සිටින්නට විණි. 
ඒ වාචික පීඩා සියල්ල පිටුපස සිටියේ පියසිරිය. වරින්-වර කියවුණු කතන්දර හැම එකකම ගංගානන්දත් හිටියේය; දුන්- දෙන-දෙන්නට යන විත්තියකුත් තිබුණේය. 
එයාලා සැරයක් දෙකක් ගල් කතන්දරයකුත් කීහ.
පියසිරි එක්ක කතාබහ නොකළත් මගේ හිතේ තරහක් ඉපදුණේ නැත. 

එහෙත් දිගින්-දිගටම ඔහු ගංගානන්ද ගැන කෙනෙහිලි කතන්දර කියද්දී; කියවද්දී ඒවායේ අරුත සොයන්නට ඕනෑය කියලා, කුතුහලයක් නම් මට සිතිණි.
තුනේ පන්තියේදී ගංගානන්ද මා සමඟ සිටි බව ඇත්තය. ඒ බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේදීය. මීට අවුරුදු තුනකට කලින් බදුල්ලෙන් ආවාට පස්සේ එයාලා ගැන කිසිම ආරංචියක් අපට ලැබී නැත. අප හොයලාත් නැත. 

කොහෙවත් නැති එහෙව් කෙනෙකු ගැන-හිටි අඩියේ  පියසිරිට කඩි කුලප්පුවක් හැදුණේ ඇයි?
Climax වචනයට අරුත් සපයන මලලසේකර ශබ්ද කෝෂය…………
Climax වචනයට මලලසේකර ශබ්ද කෝෂයේ අර්ථ දී ඇත්තේ මෙහෙමය: පරමෝත්කර්ෂය; ඉතා උසස් තත්ත්වය; මුඳුන; ක්‍රමයෙන් නැඟීගෙන හෝ වැඩීගෙන යන අර්ථයෙහි, කාර්යයෙහි හෝ සිද්ධියෙහි අග්‍රප්‍රාප්තිය; උග්‍රාවස්ථාව; භාවෝන්නතිය; උත්තරෝත්තරාතිශය.
ඉතින් මෙතැනට ගැළපෙනම වචනය හෝ වචන කිහිපය හෝ සොයාගැනීම ඔබට බාරය.
ඒ සිදුවීම් පෙළෙහි climax එක එළඹුණේ නිවාඩු දෙන දවසේය. 
ඇලඩින් පුදුම පහන පිරිමැද්දාම ප්‍රාදුර්භූතවූ ‘පහනේ භූතයා’ වගේම පියසිරිත්, මා තනිවුණු මොහොතක ඉදිරියට කඩා වැදුණේය. 

“අදවත් යංද නිමල් අපේ ගෙදර.”
ගසා-බසා දමා මා එතනින් නික්මෙද්දී, පියසිරි මට කිව්වේ ඔහුගේ තරහකරුවන් ඉදිරියේ කියන්නට පුරුදුවී හිටි හරුපයකි. “ගහං @තේ!”
ඔහු කවදාවත් මට කියා නොතිබුණු වචන දෙකක් වුණත්, එය කියූ නිග්‍රහාත්මක ලීලාවට එකතුවී තිබුණු කෝපය නිසාම ඒවා මගේ හිතට කිඳා බැස්සේය. 
මොකක්ද ඒ කිව්වේ? 

මොකක් වුණත් කමක් නැහැ. නිවාඩුව ඉවර වෙන්න කලින් මං ඕක හොයාගන්නම්කො!
මම ඒ කතාවේ තේරුම හොයා ගන්නම්කො!
පළමුවරට මා එංගලන්තයට ගියේ 1985 දීය.

එතකොට බඩා මල්ලියා; දීපාල් එහෙය. ඒ වෙද්දී දීපාල්ට අවුරුදු 11කි. ‘හස්තෝපක්‍රමය මඟින් සුකුරු මුදාහරින්නට හැකි බව දීපාල්ට කියා දෙන්නටකාලය හරි’ යැයි අපේ dadaa කියුවේ ඒ දිනවලය. 

Wel Mayna උන්නැහේ ලියා තිබුණු මේ ලිපිය ‘අටම්පහිය වත්පොත් සමූහයේ’ පළවී තිබුණේ 2018 දෙසැම්බර් 1 වෙනිදාය. 

කවරදා හෝ මගෙන් මෙබඳු ලියවිල්ලක් ලියවෙන්නට ඉඩ තිබෙන බව දන්නා හින්දාම, ඒ ලිපියේ පිටපතක් රැගෙන තබාගත්තෙමි.
‘@තේ’ යෙදුම කොපි කරගත්තේ ඒකෙනි. 
වෙල් මයිනා උන්නැහේටත්, අටම්පහියේ ලක්මාල් කන්දෙවිදාන සහෘදයාටත් ස්තුතියි!
ඒ ලිපියට අනුව ඉස්සර කාලේ හුඟ දෙනා හුඟක් දේවල්  කියලා තියෙන්නේ කවියෙන්. ගමක හිටිය කීකෝරු ලමිස්සියෙක් දීග ගියාලු. 
ගිහින් ටික දවසයි ගියේ, කෙල්ල අම්මට ලියුමක් එවලා. කවියෙන්…
ඈත ගමකට දීග ගිය කෙල්ල අම්මට ලියුමක් එව්වා…………
     “අම්මේ මෙයා මට හරියට වද        දෙනවා
     ඇඟ උඩ නැඟී මගෙ කුක්කුත්    මිරිකනවා
     කකුල් දෙක මැදින් තඩි පොල්ලක්  යනවා
     පංචස්කන්දෙ උණු වී මොනවද     වෙනවා

මේ කවිය කියවපු අම්මා තමන්ගේ සැමියාට ඇහෙන්න කවි දෙපදයක් කිව්වලු මෙහෙම.

     දුවට නිදහසේ ඉන්නට ඉඩක්   නැතේ
     බෑණා නැඟී දඟලනවලු ඇයගෙ වතේ

මේ පද දෙක ඇහුණු සැමියා මෙහෙම කිව්වලු.

     කරාපුදෙන් ඇති වෙනතුරු ඔව්ව හිතේ
     බඳින්න පෙර ඌ ගැහුවා මදිද  @තේ?
දැන් මෙහෙම වුණාට ඒ දවස්වල ………….
දැන් මෙහෙම වුණාට ඒ දවස්වල ‘හස්තෝපක්‍රමය’ ගැන අපේ වයසේ සිටි බොහෝ දෙනෙකු දැන හිටියේ නැතිය. 
පියසිරිගේ අමනාප ස්වරයෙන් කියැවුණු ඒ හරුපය මොකක්දැයි අහන්නේ කාගෙන්දැයි මම දහ අතේ සිතුවෙමි.
“මේක අහගන්න ඕනේ විශ්වාසවන්ත එක්කෙනෙකුගෙන්…. ටිකක් හරි වැඩිමල් එක්කෙනෙකුගෙන්.” කියන පරෙස්සම් සහගත කල්පනාවත් ඇට්ටර මගේ හිතේ තිබිණි.
“එච්චරයැ, කුණුහරුප දන්නා කෙනෙකුගෙන්….”
2007 සැප්තැම්බරයේදී මගේ තෙවෙනි මුද්‍රිත කෘතිය ‘හිනාවෙන්න හිනා’ නිකුත් කෙරිණි. 

එහි පිවිසුමේ දෙවෙනි ඡේදය මෙතනට ඔබන්නේ අද කියන්නට යන කරුණ සනාථ කරන්නටය.
ඒ කතාවටත් කුණුහරුපයක් ඇතුළත්ය!
“පළමුවැනි වරට මා මෙවැනි කතාවක් ඇසුවේ දොළොස් හැවිරිදි වියේ පසු වෙද්දීය. මිතුරු සමරසිරිගෙනි. සමරසිරි (සුදු මල්ලී) අද කොහේදැයි නොදන්නාමුත් ඔහු එදා ඒ කථාව කී අයුරු නම් අදත් මතකය. 

-ඒ කථාවටත් ‘කුණුහරුපයක්’ ඇතුළත්ය. 
ඒකත් දෙමළ බසිනි. මගේ දමිළ මිතුරකුගෙන් විමසා බැලූවිට නම් ඒ දෙමළ වචන, ඒ කතාවේ දෙන අරුත නොදෙන බවක් කියැවුණි. 
නැතිනම් ඒ කතාවත් මේ කෘතියටම ඇතුළත් කරන්නට සිතා සිටියෙමි.”
ඒ තරම්ම මිහිරට; රසට ඒ කතාව මගේ බොක්කටම වදින්නට ඇත්තේ එය මා ඇසූ පළමු ‘කුණුහරුප යාන්’ එක නිසා වෙන්නටත් ඇති. 
මගේ යාන්ස් පොත් දෙකටම නොදැමූ ඒ කතාව දැන් ඔබට කියා හිටින්නට අවසර දෙන්න.
‘ඔන්න එක තේ වත්තක හිටියා, දෙමළ ජෝඩුවක්. මිනිහට වයසයි. ගෑනි හොඳටෝම තරුණයි; ලස්සනයි. විසේ! වත්තේම හිටිය ඉලන්දාරියෙක් ඒකිට කිට්ටු කළා. හොරෙන් කන්න පටන් ගත්තා… ගෑනිටත් හෙණ සැප. හැමදාම රෑට දෙන්නා හොරෙන් හම්බ වෙනවා. ටික දවසයි ගියේ, මිනිහට කතන්දරේ ආරංචි වුණා.

තේ වත්තක හිටියා දෙමළ ජෝඩුවක්…. මිනිහාට වයසයි………

-මිනිහා මොකද කළේ?

-හැමදාම නිඳාගන්න යනකොට දොර වහලා යතුර ඉණේ ගැටගහගන්න පටන් ගත්තා. අර ගෑනිට ගෙදරින් එළියට යන්න විදිහක් නැහැ. දැන් දෙන්නටම පොරසෝකේ!
-දෙමළ කොල්ලා ගෑනිටත් කියලා ඒකටත් උත්තරයක් හොයා ගත්තා. කුස්සියේ බිත්තිය මැදින් හෑරුවා පොඩි හිලක්. ආයෙමත් හැමදාම රෑට-රෑට ඌ එනවා, මිනිහාට නින්ද යනකල් ඉඳලා. 
ඊළඟට කියනවා ‘වත්ත වෙරි වෙට්ටාන්’ කියලා.
-ආ ඒකද? දෙමළෙන් මගේ ළඟට වරෙන් කියන්නේ එහෙමලු….. ඉතින් ගෑනිත් එතැනට ගිහින් ගේ ඇතුළෙම හිටගෙන අර හිලට බඩුව හේත්තු කරනවා. කොල්ලා හිල දිගේ උගේ ### ඇතුළට දාලා වැඩේ කරගෙන යනවා.

කොල්ලා බිත්තියේ හිල ළඟට ඇවිත් කියනවා………. වත්ත වෙරි වෙට්ටාන් කියලා…..

-ආයෙමත් කසාද මිනිහට මේ වැඩේත් ආරංචි වුණා. 


ඌ මොකද දන්නවද කළේ? 
ගමනක් යනවය කියලා ගෑනිව ගෙට දාලා දොර වහලා ගියා. 

ගිහින් වෙනදා කොල්ලා එන වෙලාවට කලින් බිත්තියේ හිල ළඟට ගිහින්, හෙමින් සැරේ අර වාක්කිය කිව්වා. ගෑනිත් ඇවිත් බිත්ති හිලට *** හේත්තු කළා. එතකොට මිනිහා හොඳට රත් කරපු අලවංගුවක් අතේ තියාගෙනයි හිටියේ. ඒක එබුවා ඇතුළට. ගෑනිට දෙලෝ රත්වුණා… ගිහින් කෙඳිරි ගගා පැදුරේ ඇලවෙලා හිටියා.
-ඔන්න කොල්ලා ආවා. ‘වත්ත වෙරි වෙට්ටාන්’ කිව්වා. 

තරහෙන්, *** පිච්චුණු කැක්කුමෙන් හිටි ගෑනි පැදුරේම ඉඳගෙන කිව්වාලු ‘*ත්ත කරුකුට්ටාන්!’ කියලා”.
තවත් යහළුවෙකුත්, මාත් එක්කලා කොහේදෝ යද්දී සුදු මල්ලී ඔය කතාන්දරය අපට කීවේය.

අර ප්‍රශ්නය අහගන්නට හොඳම සුදුස්සා විදිහට මට පෙනුණේ………

මගේ ප්‍රශ්නය අහගන්නට හොඳම කෙනා ඔහුය; නියම සුදුස්සා ඔහුය. ඉතින්….. ඇහුවෙමි.


වර්ෂ 1935 ක්වූ ජුලැයි මස 1 වෙනි දින මහවිල ‘අභය මන්දිර’යේ දී, ඩී.එච්.එස්. අභයරත්න මහත්මයා පෙරවදන ලියා තිබුණු ග්‍රන්ථ රත්නය මා කලින් කියවා තිබුණා නම්….. 
මා කීයටවත් සුදු මල්ලීගෙන් ඒ ප්‍රශ්නය අහන්නේ නැතිය.

“කාමුක ඇතැම් තරුණයන් විසින් රහසේ කාම චේතනාවෙන් යුක්තව තමන්ට ප්‍රිය වූ කිසියම් ස්ත්‍රියෙකු හා සංසර්ගය සිහි කරමින් ස්වකීය ලිඟුව අතින් පිරිමැද ශුක්‍ර මෝචනය කරගනු ලබයි. ඊට අයථා ශුක්‍ර මෝචනය හෙවත් හස්තෝපක්‍රමයයි කියත්.
(හස්තෝපක්‍රමයෙන් සුකුරු වගුරුවන බැවින්  මීට ‘කර කර්මය’යිද නමක් වේ.)

මෙය ප්‍රථම කොට ‘
ඕනන්’ නම් අයෙකු විසින් කරන ලද බැවින් ‘
ඕනෑනිසම්’ යයි ඉංග්‍රීසියෙන් නමක් ඇති වේ. 

තමාගේ සහෝදරයාට වංශය නොදෙනු පිණිස ශුක්ල භූමියෙහි වත්කළේය……………

මෝසෙස් විසින් ලියන ලද ක්‍රිස්තියානි බයිබලයේ උත්පත්ති නම් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි සහ 10 වෙනි පදයන්හි මෙසේ දක්වා ඇත්තේය.


‘ඕනන් ඒ වංශය තමාගේ නොවන්නේ යයි දැනගත් බැවින්, 
තමාගේ සහෝදරයාගේ භාර්යාව කරා එළඹෙන කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස, 
ශුක්ල භූමියෙහි වත්කළේය.’ යනුයි. 
මෙම භයානක පාපක දුෂ්ට දුර්දාන්ත ක්‍රියාව ලොවට ප්‍රථමයෙන් පහළ කළ…………”

ඒ විදියට බලද්දී ලෝකයේ පළමු ස්වකාම ප්‍රීණනය කළ තැනැත්තා ‘ඕනන්’ය! ඉතින්……….

%d bloggers like this: